~ Chapter 17 ~

688 128 15
                                    

Author's POV

ටේ එතනම ගල් ගැහිලා කටත් ඇරන් බලන් හිටියේ එයා මොකක්ද  මේ කරේ කියලා හිතාගන්න බැරුව.. එතනින් යන ග්ගුකී දකිද්දි ටේ ට දැනුනේ එයාගේ හදවත හිරිවැටිලා යනවා වගේ.

ඒ අතරේ ග්ගුක් ට්‍රයි කරේ පුලුවන් තරම් ඇස් වලින් ගලන කදුලු හංගගන්න.. වටපිටාවක් ගැන නිකමටවත් නොහිතපු ග්ගුක් ට ඕනේ උනේ ඉක්මනින් එතනින් ඈතකට යන්න.

මොහොතකින් පියවි සිහියට ආපු ටේ වටපිට බැලුවේ ග්ගුකී කොහෙද ගියේ කියලා හිතාගන්න බැරුව. ඒත් එක්ක්ම එයා දුවන්න ගත්තේ ග්ගුකී දුවපු දිහාවට.. ගේට් එකෙන් එලියට ග්ගුකී දුවන් යනවා ලා වට වගේ ටේ දැක්කේ කොරිඩෝ එක කෙලවරේදී.

" ජ...ජන්ග්ගුක්... "  ඉකියක් එක්ක්ම ටේ ට කියවුනා..

" ජන්ග්ගුක්!!!! " ටේ යටිගිරියෙන් කෑ ගගහ ග්ගුක් ගේ පස්සෙන් දුවන්න ගත්තා. ඒත් ග්ගුක්  පස්සවත් නොබලා දුවනවා.

" අනේ ජන්ග්ගුක්.... ප්ලීස්!!!" වටපිටාවෙ මිනිස්සු බලන් ඉන්නවා කියලා වත් ගානක් නැතුව ටේ යටිගිරියෙන් කෑ ගැහුවත් ග්ගුක් තවත් ඈතට ඈතට යනවා නොනැවතී ගලන කදුලු ගංගාව අතරින් යාන්තමට බොදවෙලා වගේ පෙනුනා.

කලබලේට එලියට දුවන් ආපු ජිමින් දැක්කේ ටේ දණින් වැටිලා මහ හයියෙන් අඩනවා. ටේ ගේ අතින් අල්ලගෙන නැගිට්ටවන්න හැදුවත් ටේ ට නැගිටගන්න තරම්වත් පණක් තිබුනේ නෑ..

" හේ... ටේ.... මොකද උනේ... ඇයි මේ.... ෂ්... කෝ අඩන්න එපා... කෝ එන්න... " ටේ ගේ ඉස්සරහින් දණ ගහපු ජිමින් ටේ ගේ කදුලු පිහදාන ගමන් කිව්වා

" ජ... ජ.. ජන්ග්ගුක්... "  එච්චරමයි ටේ ට කියාගන්න පුලුවන් උනේ.

" කෝ නැගිටින්න අපි යමු...  "  ටේ ගේ ඉනෙන් අල්ලලා නැගිට්ටවපු ජිමින්  ටේ ව වොශ් රූම් එකට එක්කන් ගියා. කදුලු පිහදාල පුලුවන් තරම් එයාව සනසන්න හැදුවත් තව තවත් ඒ ඇස් වල කදුලු අලුත් උන එක විතරයි උනේ..  බලාගෙන ඉන්න බැරිතැන ජිමින් ටේ ව තදින් බදාගත්තේ ඇති තරම් අඩන්න කියනවා වගේ. හෙමින් ටේ ගේ පිට අතගාන්න ගත්තු ජිමින්ගේ උරහිසට ඔලුව තියාගත්තු ටේ   නොනවත්වා අඩන්න ගත්තා.

𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ]Donde viven las historias. Descúbrelo ahora