nethu's provs
ඇත්‍තටම ජීවිතේ කියන්නෙ මට අයිති දෙයක්ද??? නැත්තන් මගෙ ජීවිතේ අනිත් අයට ඕන විදිහට පාලනය කරන්න පුලුවන් සෙල්ලන් බඩුවක්ද???? නැත්තන් මට ඕනෙ නැති උනත් මට ආදරෙ කරන අය වෙනුවෙන් රැක ගන්න ඕන දෙයක්ද???
එදා එයා වෙනුවට මන් ගියානන් ....ඔව් එදා මටයි යන්න තිබුනෙ මේ පව්කාර මන් නිසා එයාට එයාගෙ අන්තිම හුස්මටික නැතිවුනා. ඔව් මේ මන් නිසා .එයා ගියේ මගෙ හුස්මත් අරගෙන... මොකද..??? ඒ මගෙ පන... හුස්මටික . ඇත්‍තටම එයා ගියෙ මගෙ හුස්මත් අරගෙන .
ඇත්තටම මන් දැන් පන තියෙන මනුස්සයෙක් නෙමෙයි. ඇවිදින මලමිනියක් .මගෙ පන ටික ගියෙ එයා ගිය දවසෙමයි මම දැන් කිසිම හැගීමක් දැනීමක් නැති රොබෝ කෙනෙක් වගේ .ඇයි එදා එයත් එක්ක මටත් යන්න බැරි වුනේ ....ඇයි ඒ .....
මගෙ හිත මාත් එක්කම ලොකු සටනක ...
ඒත්... මට දැන් මෙ දෙ කරන්නම වෙනව ..
මන් වෙනුවෙන් නොවුනත් ඒ අය වෙනුවෙන් මගෙ අහින්සක අම්මයි ,තාත්තයි වෙනුවෙන් මගෙ අක්කල ටික වෙනුවෙන් මගෙ අයියල ටික වෙනුවෙන් ඔව් මන් මෙ දෙ කරන්නම ඕනෙ...මොකද මට තව ඒ අයට දුක් දෙන්න බැ මගෙ අක්කලයි අයියලයි ටික එයාලගෙ මල්ලි නැති උන දුකින් කොච්චර විදෙව්වද ?? ඔව් ඒ මගෙ ආදරෙ, මගෙ හුස්මටික. එයා ගියෙ මගෙත් හුස්මටික අරන්. මන් තව දුරටත් ජිවත් වුනේ එයාල නිසා ඉතින් මට ඕන උනෙ එයාල සතුටින් ඉන්නව දකින්න විතරයි..
ඉතින් හිත මැද මහ ගිනි ගොඩක් ඇවිලෙද්දිත් කඩු පහරවල් සියගානක් හදවත තුලට කිදා බහින තරම් වේදනාවක් දැනෙද්දිත් කදුලු එක්ක සටන් කරමින් මන් හිනා උනෙ එයාල වෙනුවෙන්. එයාලගෙ සතුට වෙනුවෙන්...
ඔව් අද මට කරන්න තියා හිතන්නවත් බැරි දෙයක් අයිත් කරන්න වෙලා. මට එයලගෙ සතුට වෙනුවෙන් එයාලගෙන් ඈතට යන්න වෙලා.මන් දන්නව ඒ අය මාව මේ ගමන යවන්නෙ එයාලගෙන් මාව ඈත් කරන්න නෙමෙයි මගෙ ජිවිතෙ විනාස වෙනව බලන්න බැරි නිසා. ඇත්තටම මන් දන්නව මගෙ අම්මටයි තත්තටයි මගෙ අක්කල අයියල ටිකටයි මාව දුරකට යවල සතුටින් ඉන්න බෑ කියල.ඊටත් වඩා මන් දන්නවා එයාලට මගෙ ජිවිතෙ මෙහෙම විනාස වෙනව බලන් ඉන්න බැ කියලා..
YOU ARE READING
First Kiss ( Sinhala Fiction)[ON HOLD ]
Fanfictionශ්රී ලංකාව වගේ පොඩි රටකින් Kpop boy band එකක්... ටිකක්..අමුතුයිවගේ නේද.. 🤭...ඒත් මේක තමා එයාලාගේ කතාව.. ආදරය යාළුකම සහෝදරක කියන බැදීම අතර අතරමන් වුනු සිනහව කදුල අතරින් ජීවිතේ හොයන සුන්දර හදවත් ගොඩක්.. ආදරෙ කියනෙ අකුරු හතරට අරුතක් හොයන් යන ඒ ගමන fi...