chanu's provs…
ජීවිතේ කියන්නෙ පුදුමාකාර නැවතුම්පොලක්..
ඇත්තෙන්ම ජීවිතේ කියන්නෙ නවාතැනකට එහාගිය පුදුමාකාර අන්තයක් දකින්න බැරි ගමනක්...
මෙ ජීවිත ගමනෙදි අපිට බැදීම් ඇතිවෙන්නෙ වගේම නැති වෙන්නෙත් පුදුමාකාර විදිහටම…
ඇත්තෙන්ම ඒ දේවල් සිද්ද වෙන්නෙ කාගෙ කැමැතකටද කියල නොතේරුනත් ඒ බැදීම් අපේ ජීවිත මුලුමනින්ම වෙනස් කරන්නෙ පුදුමාකාර විදිහකට…ඇත්තෙන්ම මන් මේ ලෝකෙට කවුද??
මට මේ ලෝකෙ ඉන්නෙ කව්ද???මම නමින් චනූලි ජයවර්ධන…
ඒත් ජයවර්ධන කියන්නෙ මගේ උප්පැන්න සහිතිකේට විතරක් සීමා වුනු දෙයක්..
අඩුම තරමින් මන් මගේ අප්පච්චිගෙ ෆොටෝ එකක්වත් දැකල නෑ…
මට මගේ මුලු ලෝකෙම වුනේ මගේ අම්මම විතරයි…
මගේ අම්ම අවුරුදු 7ක් යනකන් මාව බලාගත්තෙ ගාමන්ට් එකක් මැශින් පාගලා..
මොකද මගේ සීයයි ආච්චියි මගේ අම්මව එයාලගෙ පව්ලෙන් ඈත් කලා..
ඒකටත් එකම හේතුව මන් කවදාවත් මේ ඇස් වලින් නොදස්කපු මගේ අම්මගෙ මුලු ජීවිතේම විනාශ කරපු මගේ මහ ලොකු අප්පච්චි..ඒත්…. ඒත්... මේ මගේ අම්ම මගේ අප්පච්චිට වචනයක්වත් කියනවට තාම කැමති නෑ…
මොකද මන් දන්නවා මගේ අප්පච්චි කියන මගේ අම්මගෙ මුලු ජීවිතේම විනාස කරපු ඒ මනුස්සයට මගේ අම්ම තාමත් ආදරෙයි කියලා…ඇත්තෙන්ම මගේ අම්ම විදින දුක නිසා පිරිමි කියන ජාතියට මං වෛර කරනවා…
ඒ නිසාවෙන්ම මගෙත් එක්ක යාලු වෙන්න අපු හැම කෙනෙකුටම අඩුම තරමින් කම්බුල් පාරක්වත්
නොදී නම් මන් පිටත් කලේ නෑ…මගේ ජීවිතේ ලොකු ලොකු හීන නොතිබිනත්
මන් ආස කල එක හීනයක් තිබුනා…
ඒ කොහොම වුනත් ඒ දේ හීනයක්ම වුනේ…
මගේ තිබුනු දුප්පත් කමට….ඒත් මගේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නොතිබුනු,කිසිම නෑයෙක්,යාලුවෙක් නොහිටපි මගෙයි අම්නගෙයි ජීවිතේට හයියක් වෙලා බලාපොරොත්තුවක් වෙලා අපේ ලගට ආවෙ මගේ ලොකු මාමා...
මගේ අම්මගෙ එකම සහෝදරයා. ඕව් මගේ ලොකු මමා….මට මතක හැටියට මගේ ලොකු මමා ලන්කාවට ආවෙ මට අවුරුදු හතේදී…
මන් දන්න විදිහට මගේ ලොකු මමා ඒ වෙනකන් ඉදල තිබුනෙ කොරියා වල…
මන් දන්න තරමින් එයා ඒ දවස් වල Seoul National hospital එකෙ specialist කෙනෙක්….
YOU ARE READING
First Kiss ( Sinhala Fiction)[ON HOLD ]
Fanfictionශ්රී ලංකාව වගේ පොඩි රටකින් Kpop boy band එකක්... ටිකක්..අමුතුයිවගේ නේද.. 🤭...ඒත් මේක තමා එයාලාගේ කතාව.. ආදරය යාළුකම සහෝදරක කියන බැදීම අතර අතරමන් වුනු සිනහව කදුල අතරින් ජීවිතේ හොයන සුන්දර හදවත් ගොඩක්.. ආදරෙ කියනෙ අකුරු හතරට අරුතක් හොයන් යන ඒ ගමන fi...