chapter 08

174 42 72
                                    

sook joo's prove.....

ජීවිතය..
ආදරය...

මේ ජීවිතය කියන අකුරු හතරට ජීවයක් ගේන්නෙ මේ ආදරය කියන අකුරු හතර නේද??..

මේ ලෝකයේ ජීවය මවන්නෙත්...
ජීවිත ලස්සන කරන්නෙත්...
ඒ ලස්සන ජීවිත වලට සතුට වගේම දුක ගේන්නෙත් මේ ආදරය කියන වචනයෙන් මෙන්න මේකයි කියල කියන්න බැරි ඒ සුන්දර හැගීම නේද??

ඇත්තෙන්ම ආදරය කියන්නෙ මොකද්ද????
කියල මන් ඔයාලගෙන් ඇහුවොත්....
ආදරය කියන්නෙ මෙන්න මේ දේටයි කියල ඔයාට 100% නිවැරදිව කියන්න පුලිවන්ද????..

අපිට අපේ ජීවිතේ ගොඩක් අයගෙන් ආදරේ ලැබෙනවා..
අම්මගෙන් අප්පච්චිගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්...
අපි ඒ අයට ආදරේ කරන්නෙ ඒ අයගෙ ආදරෙ විදින්නෙ පියවිලෝකයේ පියවි සිහියෙන්..

ඒත් මේ ලෝකෙ අපිට අපිවත් අමතක කරවන අපේ මුලු ආත්මයම ඒ අයගෙ අනසකට ගන්න...
වෙනස්ම විදිහකට මන් එයාගෙමයි එයා මගෙමයි කියන ආත්මාර්තය පතුරුවන ආදරත් මේ ලෝකෙ තියෙනවා..
ඒ ඇස් ඉස්සරහ මුලු ලෝකෙම අමතක කරවන අපි අපේම ලෝකෙක අතරමන් කරවන ......
වචනෙන් කියාගන්න බැරි තරම් තමන්ගෙම වෙන තමන්ගෙ මුලු ජීවිතේම සිනහව කදුල එයාගෙම නමින් ලියවෙනෙ ආදර කතාත් මේ ලෝකෙ තියෙනවා...

මේ වෙනකොට මගේ ඒ ආත්මීය ආදරේ මේ ලෝකෙන් ගොඩක් දුරක තිබුනත්.......
ඔව් මේ ආත්මෙදි මගේ ආදරේට ආයි පන දෙන්න බෑ..
මොකද එයා එයාගෙ අන්තිම හුස්මත් මගේ ඇස් ඉස්සරහ මගේ හුස්ම වෙනුවෙන් හෙලල ඉවරයී..

"මගේ රත්තරනේ මගේ හුස්ම ටික තියෙන්නෙ ඔයා ලග මගේ මැණික...
මන් ආත්මාර්තකාමීයී ඒ නිසා මගේ හුස්මටික හැමදාමත් මේ ලෝකෙ තියෙන්න ඕනේ මගේ රත්තරනේ අක්කල අයියල ටිකට මන් වගේ දුක් දෙන්න එපා මගේ හුස්ම පො........ද.....
හැම ආත්මයකම අපි අපේමයි මගේ රත්තරනේ...
මේ පුන්චිම පුන්චි සමුගැනීක් විතරයි මගේ ර....ත්..ත...ර...නේ.. "

ඒ...
ඒ ...
එයාගෙ ඒ...
අන්තිම වචන ටික මගේ කන් අතර තාමත් දෝන්කාර දෙනවා...
මට තේරෙන්නෙ එයාගෙ ඒ අන්තිම වචන ටික තාමත් මගේ කන් වල දෝන්කාර දෙනව වගේ...
ඒ ආදරෙ අන්තිම මොහොතෙත් හිතුවෙ මේ පව්කාර මන් ගැන...
මගේ මේ හුස්ම වැටෙන්නෙ එයාගෙ ඒ අන්‍තිම වචන ටික නිසා...
නැත්තම් මේ පව්කාරිත් මේ ලෝකෙන් යන්නෙ ඒයාගෙ ජීවිතේම උනු එයාගෙ එකම අයිතිකාරයා මේ ලෝකයෙන් යන්නම ගිය ඒ පව්කාර මොහොතෙමයී...

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now