Chapter 12

210 36 60
                                    

shanuk's prove....

හැගීම්...
හැගීම් කියන්නෙ අපේ හදවතේ තියෙන අපේ ජීවිත වලට සිනහවක් වගේම කදුලක් ගේන්න පුලුවන් එකම දේ...
ඔව් ඒ දේ තමයි ඇත්ත...
අපේ ජීවිතේ දුක වගේම සතුට කියන දේ තීරන වෙන්නෙ අපේ හදවතේ උපදින මියදෙන හැගීම්..
කාටද පුලුවන් ඒ දේ බොරුවක් කියල කියන්න...

ජීවිතයක් විදවන්නෙ නැතුව විදින්න උවමනා කරන්න සතුට කියන දේ ලැබෙන්නේ ධනය බලය කියන බාහිරින් පේන්න තියෙන ඇති වෙවී නැතිවෙන මහ ලොකු මාන්නක්කාර කමවත් ප්‍රසිද්ධියවත් අතට පයට හැමදේම කරල දෙන වැඩ කාරයොන්ගෙන්වත් නෙමෙයී...

තමන්ගේ ලගිම්ම කදුලකදි වගේම සිනහවෙදිත් තමන්ගේ ලගිම්ම ඉන්න තමන්ගේම අයගෙන් ලැබෙන සෙනහසින්..
ඇත්තෙන්ම ඒ අය ලගදි ඒ දැනෙන හැගීම මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...
ඒ දැනෙන හැගීමට පුලුවන් අපේ මුලු ආත්මයටම ආශිර්වාදයක් වෙන්න...
ඒ හැගීමට දෙන්න පුලුවන් පුන්චිම පුන්චි නිර්වචනය තමයි ආදරය කියන්නේ...

ඇත්තෙන්ම මේ ආදරය කියන අකුරු හතර අතර සැගවිලා තියෙන්නෙ ජීවිත කාලෙම උත්තර හෙව්වත් හරියටම නිර්වචනය කරන්න බැරි මැරෙන්න පන අදින ජීවිතයක් ආයෙත් ජීවත් කරවන්න පුලුවන් තරම් බලවේගයක් තියෙන පුදුමාකාරයි හැගීමක්...

ඒත්...
ඒත්..
මේ පවුකාර මට ඒ ආදරය සෙනෙහස කියන්න ඒ අකුරු හතර අතර කැටිවෙලා තියෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි ඒ උතුම් හැගීම විදින්න ලැබුනෙ හරිම අඩුවෙන්...

ඔව් මට අම්මගෙන් ලැබෙන ආදරේ අහිමි වුනේ මට මතකවත්
නැති කාලෙ....
ඔව් මගේ අම්ම මන් පුන්චි කාලෙදිම මේ ලෝකෙන් යන්නම ගියා .අම්මෙක් නැති මට අම්මෙක් වුනේ park chin soo aunty ඒ තමයි මගේ දෙවැනි අම්මා මගේ අම්ම මේ ලෝකෙන් යන්නම යනකොට මට අවුරුද්දක්වත් නෑ...

මගේ sook joo නංග ආවෙ මගේ අම්මගෙ හුස්මෙන්...
මන් දන්නවා මගේ අම්ම නැති වුනේ ඒ අසරන කෙල්ලගේ වරදකින් නෙමෙයි...
මගේ අම්මගෙ මව් සෙනෙහසේ ප්‍රතිපලයක් විදිහට...
ඔව් sook joo නංග මේ ලෝකයේ එලිය දකින්නත් ඉස්සෙල්ලා මගේ අම්ම එයාගෙ අතින්ම කාටත් හොරෙන්ම එයාගෙම මරන සහතිකය ලියාගෙන තිබිල තියෙන්නේ...
ඔව් මං මේ දේවල් දැන ගන්නකොට මට අවුරුදු හයක්වත් නෑ....

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now