Chapter 27

174 24 18
                                    

"ටීනා,Will you marry me?"

Taehyungගෙ කටින් පිටවුණ ඒ වචන කිහිපය ටීනාට දැන්නුවෙ නිකන් එයා හීනයක ඉන්නවා කියලා වගේ.ඇස් දෙකත් ලොකු කරන් කෙල්ල බලන් ඉන්න හැටි දැකලා Taeටත් හිනා..එයා උගුර යටින් පොඩි සද්දයක් දැම්මෙ ටීනාව ආයෙමත් මේ ලෝකෙට ගන්න.

"අහෙම්..."

"ආහ්..ම්ම්ම්..මං..මේ..."

ඒ සද්දෙන් කෙල්ල මේ ලෝකෙට ආවත් මොකෝ එයා තාම හිටියෙ හොඳටම confuse වෙලා.

"ම්ම්ම්.."

දණ ගහන් හිටපු කොල්ලා නැගිටලා ටීනාට තවත් ළංවුණා.

"කටින් කියන්න ඕනෙ නැහැ..ඔයාගෙ ඇස් දෙක මට උත්තරේ දීලා ඉවරයි.."

එහෙම කියපු Taehyung එයාගෙ අතට ගත්ත මුද්ද ටීනාගෙ ඇඟිල්ල අතර රැඳෙව්වා.ලැජ්ජාව,ආදරය දෙකම පිරුණු හිනාවක් මූණෙ රඳවන් ටීනා Tae දිහා බැලුවා.Taehyungටත් කෙල්ලගෙන් අමුතුවෙන් අවසර ගන්න ඕනෙ වුණේ නෑ.ඊළඟ මොහොතෙම ටීනාගෙ ඉණ වටේ එයාගෙ අත් යවපු Tae එයාගෙ තොල් ටීනාගෙ තොල් අතරෙ හිර කරගත්තා.ටීනාටත් ඕනෙ වුණේ ඒ තොල් අතරෙ තවත් රැඳිලා ඒ ආදරේ විඳගන්නයි.කෙල්ලගෙ අත් එයාටත් නොදැනිම Taeගෙ බෙල්ල වටේ එතුණා.අවට පරිසරය කොච්චර සීතලක් ගෙනාවත් එයාලගෙ ආදරේ උණුසුම ඒ සීතලට වඩා ප්‍රබල වුණා.එක විනාඩියක,දෙකක ගැඹුරු සිපගැනීමක හිරවෙලා හිටපු ඒ දෙන්නා හෙමින් හෙමින් එකිනෙකාගෙන් ඈත් වුණේ ඇස් දෙකත් පියාගෙනමයි.හොඳ හුස්මක් ගත්ත Taehyung ටීනාගෙ මූණට එබුණෙ කට කොනේ හිනාවක් රඳවගෙනමයි.

"තව surprise එහෙම ඕනෙද දන්නෙ නෑ.."

කොල්ලගෙ අත් අතරෙ තිබිච්ච එයාගෙ අත් දෙක අරන් එකට එකතු කරගත්ත එයා මෙහෙම කිව්වා.

"මෙන්න වැන්දා...මට දැන්ම මැරෙන්න ආසවක් නැහැ..ඒකත් heart attack එකක් නිසා.."

ඒක ඇහිලා Taeට නම් හොඳටම හිනා..

"නෑ නෑ..එහෙම වෙන්නෙ නෑ..මං නෙ කියන්නෙ.."

"ඔයා කියපු නිසා බය වැඩි වුණාද මන්දා.."

"ආහ් එහෙමද නෝනා..ඉන්නකො හොඳ වැඩක් කරන්න.."

ටීනාට කතා කරන්න වෙලාවක් හම්බුණේ නෑ.ටීනාව වඩාගෙන Taehyung කෙල්ලව එයාගෙ කර උඩින් දාගත්තෙ හරියට සෙල්ලම් බෝනික්කෙක්ව වඩාගත්තා වගේ.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 15, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

'Un'expected LO+VEWhere stories live. Discover now