"ම්ම්ම්..ඇත්තටම..ටීනා..මට.....
මුකුත් කිව්වෙ නෑනෙ..."Jiminගෙ ඒ වචන ටිකට Taeගෙ හදවත මොහොතකට නතර වුණා වගේ එයාට දැනුනේ.Tae, Jin විතරක් නෙමේ Jiminඋත් හොඳ නළුවෙක්නෙ බලන් ගියාම..
කොහොමහරි ඒක කියලා එක තත්පරයක් ඇතුලත Jimin හිටියෙ කාමරේ දොර ළඟ.Tae මේ අතරෙ එයාගෙ අත එහා මෙහා යැව්වෙ අතට අහු වෙන එකකින් Jiminට දමල ගහන්න.ඒත් Jimin මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනෙ.එයා අත්දැකීමෙන්ම දන්නවා Tae මොනවත් අතට ගත්තට දමල ගහන්නෙ නෑ කියලා.ඒකයි එයා දොර ගාවට ගිහින් නතර වුණේ.අනික Jimin විතරක් නෙමෙයි Taeත් කැමති නෑ අනිත් කොල්ලො ටිකට වචනයකින් හරි රිද්දන්න.Jiminට ඕනෙ කලේ Taeව ටිකක් බය කරන්න විතරයි.ඒත් Taeගෙ අමුතුම reactions නිසා තිබ්බෙ නැති සැකයක් Jiminට ඇතිවුණා.
ඒත් Jiminට මුකුත් අහන්න බැරි උනා එතන තිබ්බ තත්ත්වෙත් එක්ක.අත එහෙ මෙහෙ යැව්ව Taeට ඉස්සෙල්ලම අහුවුණේ perfume bottle එකක්.ආපු තරහෙ හැටියට මේ සැරේ නම් ඇත්තටම දමල ගහයිද දන්නෙත් නෑ.හැබැයි ඒක විසි කරන්න යද්දිම කවුරුහරි යටිගිරියෙන් බෙරිහන් දෙනවා ඇහිලා එයා එක පාරටම හිටි විදිහටම නතර වුණා.Jiminඋත් එක පාරටම ඇහිච්ච ඒ කෑගැහිල්ලෙන් බය වුණත් ඊළඟ මොහොතෙ එයා හිනා වෙලා Tae දිහාට හැරුණා.
"අන්න වැඩේ හරි වගේ...."
*******************************
"ආආආ..හ්හ්..මගෙ අත..."
Jin hyung එක පාරටම කෑගහන්න ගත්තෙ burner එක ළඟින් ඈත් වෙන ගමන්.
"ඇයි hyung? මොකද උනේ?"
Namjoon magazine එක පැත්තක දාලා දුවගෙන ආවා.
"නෑ නෑ Joonie...ගොඩක් පිච්චිලා නෑ.Suga ඇයි දන්නෙ නෑ කෑගැහුවෙ? ඒකට බය වෙලයි මේක වුණේ.."
"ආහ් ඇයි දැක්කෙ නැද්ද අපේ යමපල්ලො දෙන්න යනවා ඒ පැත්තට ඉස්සෙල්ලා.."
"ආහ් නෑනෙ..දන්නවනම් මං බය වෙන්නෙ නෑනෙ.."
Jin අත ගස ගස කිව්වා.Jk,Jhope දෙන්න කාගෙ හරි කාමරයක් පැත්තට යනව දැක්කොත් අනිත් අය ඊළඟ මොහොතේ කෑ ගැහිල්ලක් බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ.ගොඩක් වෙලාවට මේ දෙන්නගෙ ගොදුර වුණේ suga තමා.මොකද එයාට නින්ද ගියාම ලෝක විනාසෙ උනත් නැගිටින්නෙ නෑනේ.අනික හෙමින් සීරුවෙ ඔය වගේ වැඩ කරන්න Jkටයි Hopiiටයි තිබ්බෙ උපන් හැකියාවක්.මේ අතරෙ JHope කඩාගෙන බිඳගෙන කුස්සියට ඇවිත් dining table එක යටට රිංග ගත්තා.ඊළඟට වෙන දේ ඉවෙන් වගේ දැනුන Jin අනිත් පැත්ත හැරිලා එයාගෙ උපන් හැකියාව වෙච්ච රඟපෑම පටන් ගත්තා.
YOU ARE READING
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...