"මැඩම් බොස් ඔයාට කතා කළා.. මේ දැන්ම.." ලොකු වැඩක හිත තියන් හිටපු ටීනා එක පාරට ඇහිච්ච කටහඬින් ගැස්සිලා ගියා. "ජෙනී මං ඔයාට කියලා තියෙනව කවුරුත් නැති වෙලේට මට මැඩම් කියන්න ඕනෙනෑ කියලා. ඔයා මගෙ හොඳම යාළුවා. මං කැමති නෑ ඔයා මට මැඩම් කියනවට." ටීනා එහෙම කිවුවෙ මූණත් අකුලගෙන." ආහ්.. හරි හරි..ඉක්මනට යන්න.මට හිතෙන්නෙ වැදගත් වැඩකට කතා කළේ." ජෙනී එහෙම කියද්දි කර කර හිටපු වැඩේ පැත්තක තියලා ටීනා බොස්ගෙ cabin එක පැත්තට ගියා.
"Excuse me sir, may I come in?"ටීනා විනාඩියෙන් බොස්ගෙ cabin එකේ දොර ළඟ. "ආහ්.. එන්න ටීනා.. ඇවිත් වාඩි වෙන්නකො. ඔයාට බාරදෙන්න ගොඩක් වැදගත් වැඩක් තියෙනවා."එයාගෙ බොස් Mr.Lee එයාගෙ අතේ තිබ්බ file එකෙන් ඇස් අහකට නොගෙනම කතා කළා.ටීනා ඇතුලට ඇවිත් වාඩි වුනේ ඊළඟට පාත් වෙන්න යන හෙණේ මොකක්ද කියලා කල්පනා කරන ගමන්.
"ඔයා දන්නවනෙ Chen & sons company එක?ඒකෙ owner Mr.Chen මගෙ හොඳ යාළුවෙක්.එයා ටික කාලෙකට කලින් fund එකක් පටන් ගත්ත දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න.ඒකට help එකක් විදිහට එයා ලබන මාසෙ ලොකු concert එකක් organise කරන්න plan කරන් හිටියෙ.අපේ company එකටත් sponsorship එකක් තියෙනවා.කොහොමහරි ගිය සතියෙ Chenට හොඳටම අසනීප වෙලා hospitalize කළා.ඉතින් concert එකේ වැඩ ඔක්කොම මිනිහා මට භාර දුන්නා. හැබැයි මට ලබන සතියේ Singapore යන්න වෙලා තියෙනවා business tour එකකට. ඉතින් මේ වැඩේ බාරදෙන්න හොඳම කෙනා ඔයා කියලා මට හිතුනා.ඔයා ඉතින් එහෙම ලේසියෙන් වැඩ අත අරින කෙනෙක් නෙමෙයිනෙ. මේක ඔයාගෙ subject එකට අදාල නෑ තමයි, ඒත් මට කරන්න පුළුවන් උදව්වක් විදිහට ඔයා මේක හොඳින් කරයි කියලා මං හිතනවා... " 'බොස්නෙ කියන්නෙ... බෑ කියන්නයෑ...'...."හරි Sir, I'll try my best"ටීනා එහෙම කිව්වා. "okay. මේකෙ ඔක්කොම details තියෙනවා. Auditorium එක, එන band එක අනිත් හැමදේම ගැනත්." බොස් කිව්වෙ එයාගෙ අතේ තිබ්බ file එක ටීනාට දෙන ගමන්."okay sir" එහෙම කියලා ටීනා එයාගෙ cabin එකට ගියා.
YOU ARE READING
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...