Chapter 16

306 56 16
                                    

සිංදුව ඉවර වුණත් Taehyung දිගටම සිංදුවෙ තාලෙ මිමිණුවෙ සද්දෙත් එන්න එන්නම අඩු කරන ගමන්.එයාට ඕනෙ වුණේ නෑ එයා ටීනාට ළංවුණාට කෙල්ලට ඒක දැනෙන්න අරින්න.මෙහෙමත් කපටියෙක්..Taeට සමහරවිට හිතෙන්න ඇති ඇස් ඇරන් ඉන්නකොට බලෙන් kiss කරලා කන කම්මුල් පාරට වඩා ඇස් වහන් ඉද්දි හොරෙන් kiss කරලා කන කම්මුල් පාර සැපයි කියලා.කොහොම වුණත් දෙන්නගෙ මූණවල් අතර පරතරය වියත් එකහමාරක් දෙකක් තියෙද්දි එක පාරටම කෑගහන්න ගත්තෙ Taehyungගෙ phone එක..

ටීනා ඇස් අරින ක්ෂණයකින් කොල්ලා කෙල්ල ගාවින් ඈත් වෙලා ඉස්සරහ බලන් හිටියෙ මුකුත්ම නොවුණ ගානට.Taeගෙ අත මිට මෙලවුණේ phone එකත් එක්ක ඇතිවුණ තරහටමයි.Phone එකේ සද්දෙන් ගැස්සිලා ගිය ටීනා ඇස් දෙක අරිද්දි දැක්කෙ බුම්මගෙන ඉන්න Taeගෙ මූණ..

"Taehyung ඔයාගෙ phone එක ring වෙනවා..."

තරහයි,එකපාරට වෙච්ච දේ නිසා ආපු ෂොක් එකයි නිසා කොල්ලට phone එක ring වෙනව කියලත් අමතක වුණා.

"අහ්...ඔව්මයි..ම්ම්..හෙලෝ ජි..."

ටීනාට නොපෙනෙන්න phone එකට දවා අළු කරන බැල්මක් දැම්ම Tae call එක answer කළා.ඒත් එයාට වැඩි දෙයක් කියන්න හම්බුණේ නෑ.line එක එහා පැත්තෙ හිටපු Jimin එකපාරට Taehyungගෙ ඇඟට කඩන් පැන්නා.

"කොහෙද අප්පා තමුන්ලා දෙන්න ඉන්නෙ?ඔච්චරටම දෙන්නට town ගිහින් ගන්න තියෙන බඩු මොනාද ඈහ්?ඒ මදිවට උඹ message වලට reply කරන්න දන්නෙ නෑ අනිකා call වලට answer කරන්න දන්නෙ නෑ..ඒකට කමක් නෑ..කෝ දෙනවා phone එක ඔය පොඩි එකාට.."

"මො..මොන පොඩි එකාද?"

Taeව අන්දුන් කුන්දුන් වෙලා ගියා.

"ඈ බං..අපිට කියලා පොඩි උන් හැට හුටහමාරක් ඉන්නවද? Jung kook ගැන කියන්නෙ..Jungkook ගැන.."

"ආ..හ් Jungkookද? ඒත්.. ම්ම්.. එයා මාත් එක්ක ආවෙ නෑනෙ.."

Taeට එකපාරටම එහා පැත්තෙන් ඇහුනෙ Jiminගෙ හිනා සද්දෙ..

"Tae..Tae..විහිළු කරන වෙලාවක් නෙමෙයි මේක...Jk මට කියලා ගියෙ ඔයා එයාව එක්කන් යනවා කිව්වා කියලා..දැන්වත් දෙනවා ඕක බොරුව නොදා.."

"මං මොකටද බොරු කියන්නෙ අප්පා.."

"Are you serious?දෙයියනේ එහෙනම් මේ කොල්ලා බොරු කියලා කොහෙද ගිහින් තියෙන්නෙ..අයියෝ...කාගෙන්ද දන්නෙ නෑ බොරු කියන්න ඉගෙනගත්තෙ..දැන් මොකද කරන්නෙ..හැබැයි පුතෝ කොල්ලට මොකක්හරි වෙලා තිබ්බොත් තමුන්ව මං කෝටු මස් කරනවා ඈහ්.."

'Un'expected LO+VEWhere stories live. Discover now