"මං...ඇත්තටම..මේ..."
කටේ රැඳුණු චූටි හිනාවත් එක්කම කෙල්ලගෙ ඇස් දෙක පියවිලා ගියා.පුදුමෙන් ටීනාගෙ ඇස් දිහා බලන් හිටපු Tae එයාගෙ පපුවට බර වුණු ටීනාගෙ ඉන වටේ අත දාලා කෙල්ලව අල්ල ගත්තා.Taeගෙ පපුවෙ ඔලුවත් තියන් කෙල්ල හිටියෙ හරියට පොඩි එකෙක් වගේ.කරන්න දෙයක් හිතාගන්න බැරිවුණ කොල්ලට ඉබේටම බැලුනෙ Jinගෙ මූණ දිහා.
"මොනාද බලන් ඉන්නෙ? කෙල්ලව අරන් යන්න දැන්.."
අම්මට කීකරු වුණ පොඩි දරුවෙක් වගේ Taehyung ඔලුවත් වනලා ටීනාව හරහට වඩා ගත්තා.කෙල්ලගෙ අත් තාමත් Taeගෙ කර වටේ.ටීනාවත් අරන් කොල්ලා දොර ළඟට ගියා.
"ඔය කොහෙද යන්නෙ?"
Jinගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න Tae පිටිපස්ස හැරුණා.
"ටීනාගෙ ගෙදර තමා..."
"දැන් ඔය තනිපංගලමෙ ඉන්න කෙල්ලව ඔය තත්ත්වෙන් දාලා එන්නද හදන්නෙ ආහ්?"
ඒකත් ඇත්ත කියලා Taeට ඒ වෙලාවෙ හිතුනා.
"යන්න..ගිහින් ඔයාලගෙ කාමරෙන් ටීනාව තියන්න.Namjoon අද මායි Sugaයි එක්ක ඉන්න..එතකොට තමුන් කරපු දේට දඬුවමක් විදිහට මේ sofa එකේ නිදාගන්න.."
Jinගෙ කීමට පිටින් යන්න බැරි නිසා ඔලුව වනලා Tae ටීනාවත් වඩාගෙන කාමරේට ගියා.
"ආහ් හරි දැන් කට්ටියම යමූ..."
Namjoon එහෙම කියද්දි කට්ටියම තම තමන්ගෙ කාමර වලට බෙදිලා ගියා.
Taehyung ටීනාව ඇඳ උඩින් තියලා එයාගෙ කර වටේ තිබ්බ අත් දෙක අයින් කළා.Bed sheet එකකුත් කෙල්ලට පොරවපු Tae එතන තිබ්බ පොඩි stool එකක් ඇදලා අරන් වාඩිවුණා.
"මොකටද ඒක බිව්වෙ මැට්ටි?මං කී පාරක් එපා කිව්වද..මුරණ්ඩුකමනම් තියෙනවා ඕනෙවටත් වඩා...මොනාඋනත් ඔයා නිසා අද අපි හැමෝම ගොඩක් හිනා වුණා..ම්ම්ම්...මට ඇහැ ගහන් ඉන්න වෙයි වගේ ඔයාගෙ බොස් ගැන..අනික මං ඔයාව එහෙම තනි කරන්නෙ නෑ.. ඔයාට කවුරු නැතත් මං ඉන්නවා.."
අත් දෙකත් බැඳන් කොල්ලා නිදන් ඉන්න ටීනා එක්ක කතාව...කතාව ටිකකට නවත්තපු Taehyung කෙල්ලගෙ අත අල්ලගත්තා.ඊටපස්සෙ හෙමීට ඒ අත එයාගෙ කම්මුලෙන් තියාගත්තා.ඉස්සෙල්ල ටීනා එයාගෙ කම්මුල් අල්ලන් මූණට එබුණ හැටි Taeට මතක් වුණා.කෙල්ලගෙ අතට චූටි හාදුවක් දීලා කොල්ලා ඒ අත එයාගෙ අත් දෙක අතරෙ හංග ගත්තා.
YOU ARE READING
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...