"කොහෙ යන්නද අප්පේ මේ කෙල්ල ලස්සනට ලෑස්ති වෙන්නෙ?"
ජෙනී ඇහුවෙ ටීනා දැන් පැය ගානක් තිස්සෙ ලෑස්ති වෙනවා බලාගෙන ඉඳලා බැරිම තැන.
"යාළුවෙක්ව හම්බවෙන්න.."
"යාළුවෙක්ව හම්බෙන්න යන්න ඔච්චර ලෑස්ති වෙන්න ඕනෙද?"
"මං වෙනදටත් ලෑස්ති වෙන්නෙ මේ විදිහටම තමා කොහොමත්.."
ඔක්කොම පැත්තකින් තියලා ටීනා ජෙනීට රවන්න ගත්තා.
"ඔන්න ඔහොම යන්නකො රවාගෙනම...බලන්න එපායැ එතකොට කෙල්ලගෙ ලස්සන.."
ජෙනී හිනා වෙන ගමන් කිව්වා.ජෙනී එහෙම කිව්වා කියලා ටීනාගෙ රැවිල්ලෙ නම් අඩුවක් වුණේ නෑ.
"ඔහ්..sorry sorry baby...I was just kidding...ඔයා කොහොම හිටියත් මටනම් ලස්සනයි.."
"ආහ්..හාකො හාකො..මේ එහෙනම් මං යනවා.ඔයා ඕනෙ තරම් වෙලා ඉඳලා දොර ලොක් කරලා යතුර වෙනදට තියන පෝච්චිය යටින් තියලා යන්න..Byeee..."
"හරි හරි...ඒත් කවුද දැන් ඔය මං නොදන්න යාළුවා?"
"ඒක රහසක්....ඇවිත් කියන්නම්.."
එහෙම කියලා ටීනා ජෙනීට ඇහැක් ගහලා එළියට ගියා.
යන අතරමගදි ටීනාට මතක් වුණේ මීට සතියකට කලින් Tae office එකට ඇවිත් වෙච්ච දේවල්.එයා phone no. එක ඉල්ලුවම කෙල්ල එළියට පේන්න ටිකක් අදිමදි කළත් හිත ඇතුලෙන් සතුටින් උඩ පැන පැන හිටියෙ.කොහොමහරි no. එක දීලා කොල්ලව පිටත් කළා විතරයි ටීනාගෙ phone එකට message එකක් ආවා.
'Hi...I'm Taehyung..This is my no.'
ඒක දැකලා කෙල්ලගෙ මූණට දන්නෙම නැතුව හිනාවක් ආවා.එදා ඉඳන් ඉඩක් ලැබුනු හැම වෙලේකම වගේ දෙන්නා කතා කළා.බොරුවට රණ්ඩු වුණා,යාළු වුණා,හිනා වුණා,හිනා වෙලා වැඩි වෙලා ඇඬුවා...දෙන්නට තිබ්බෙ එක වගේ ගතිගුණ..ඒ නිසාම දෙන්නට හොඳම යාළුවො වෙන්න ගොඩක් කල් ඕනෙ වුණේ නෑ.ඒත් දෙන්න හොඳ යාළුවෝ වුණේ එළියට විතරයි.හිත ඇතුලෙන්නම් දෙන්න හොඳ යාළුවන්ටත් එහා ගිහින් තිබ්බෙ.ඒ වුණාට දෙන්න ඒක හිත ඇතුලෙම හංගගෙන හිටියා.
ටීනා cab එකෙන් බැහැලා Tae කිව්ව විදිහටම park එකේ gate එක ළඟ හිටගත්තා කොල්ලා එනකල්. විනාඩි 5ක් විතර වටපිට බල බල හිටපු ටීනාට එකපාරට කවුරුහරි එයාගෙ බෑග් එක හෙමින් හෙමින් අදිනවා වගේ තේරුණා.පිටිපස්ස හැරුණ කෙල්ල දැක්කෙ කළු කලිසමකුයි,දිග coat එකකුයි,mask එකකුයි දාගෙන එයා දිහා බලන් ඉන්න මනුස්සයෙක්ව.
YOU ARE READING
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...