Chapter 26

468 56 31
                                    

BTSලා ඒ දවස්වල එයාලගෙ අලුත්ම Album එක release කරන්න ඇඟිලි ගැන ගැන හිටියෙ.දන්නවනෙ ඉතින් album එකක් release කරන්න කලින් කොච්චර නම් වැඩ තියෙනවද කරන්න කියලා.ඉතින් Taehyungටත් හැමවෙලේම ටීනාව බලන්න එන්න බැරිවුණා.හැබැයි ඉතින් දෙන්නා නොවරද්දම phone එකෙන්නම් හැමදාම කතා කළා.දෙන්න හම්බුණ දවසකට වුණත් Taeට වැය කරන්න වැඩි කාලයක් ලැබුණෙ නෑ.දෙන්නගෙ මාතෘකා වුණෙත් එක්කො BTSලගෙ Album එක නැත්තන් ටීනාගෙ office එක..

කොහොමහරි ඔහොම කතා කර කර හිටපු වෙලේක Tae ටීනාට ජෙනීගෙ විස්තරෙත් කිව්වා.එතකොටයි ටීනාටත් මතක් වුණේ ජෙනී job එකෙන් අයින් වෙලා කියලා Taeට කියන්න.ටීනා පස්සෙ දවසක ජෙනීට මොකද වුණේ,කොහෙද ගියේ..ඔය වගේ විස්තර ගැන හොයලා බැලුවත් එයාට වැඩි දෙයක් හොයගන්න බැරිවුණා.

ඉතින් ඔහොම ගිහින් ගිහින් කොල්ලො හත් දෙනා එයාලගෙ album එක release කළා.ඒකට ලෝකෙ හොල්ලල ගන්න වැඩි කාලයක් ගියෙ නෑ.කොහොමහරි ඉතින් album එකක් release කළාට පස්සෙ එයාලාට ඊළඟට ලැබෙන්නෙ world tour එකනෙ.එයාලටත් Armysලව දකින්න ලැබෙන එක තරම් වෙන සතුටක් නෑනේ.හැබැයි දැන් අපේ Taeට අළුත් ප්‍රශ්නයක්..ඒ ඉතින් එයාගෙ චූටි කෙල්ලව නොදැක මාස ගානක් ඉන්න වෙන එක.කොහොමහරි මේ tour එක ගැන කියන්නත් එක්කම Tae ටීනාවත් එක්කන් එදා උදේම park එකට ගියා.

"මේ මොකද හදිස්සියෙම මෙහෙ ආවෙ?"

ටීනාටත් වෙන අහන්න දේවල් නෑ වගේ.

"ඇයි කැමති නැද්ද මෙතනට එන්න?"

"නෑ නෑ අනේ ඒම දෙයක් නෙමෙයි..මං ඇහුවෙ ඉතින් ඔයා මේ දවස්වල ගොඩක් busyනෙ ඒකයි.."

"ම්ම්ම්..හරි එහෙනම් මෙහෙම හිතන්නකො..මගෙ ඒ busy schedule එකෙන් පොඩි වෙලාවක් අද මං ඔයා වෙනුවෙන් වෙන් කළා.."

"ආහ්..අන්න එහෙම කියන්න එපායැ පැහැදිලිව.."

"පිස්සු කෝච්චිය.."

Tae කිව්වෙ ටීනාගෙ නහය මිරිකගෙන..

"යාහ්..හුස්ම හිරකරලා මරන්නද යන්නෙ.."

ටීනා Taehyungගෙ අතින් බේරෙන්න දැඩි උත්සායක..Taeත් ඉතින් එයාගෙ අත අයින් කරගත්තෙ එයා කියන්න ආපු කතාව කියන්න හොඳම අවස්ථාව මේක තමා කියලා තේරුණ නිසා.

'Un'expected LO+VEWhere stories live. Discover now