After 3 days at the office..
"ජෙනී මට අර බිල් ටික අරන් දෙන්න.."
Lap එකෙන් ඇස් අහකට නොගෙනම ටීනා ජෙනීට කිව්වා.ජෙනිත් එවෙලෙ එයාගෙ lap එකේ වැඩකයි හිටියෙ.මේ අතරෙ තමා එක පාරට ටීනාගෙ phone එක ring වෙන්න ගත්තෙ.
"අයියෝ ඒ පාර කවුද මේ...?ආහ්...අම්මා...excuse me please.."
එහෙම කියපු ටීනා phone එකත් අරන් පුටුවෙන් නැගිටලා ජනේලේ ළඟට ගියා. ටීනා හිටන් හිටියෙ ජෙනීට පිටුපාලා.ටීනා ගියාට,ජෙනී එයාගෙ වැඩේට තිබ්බ අවධානය අඩු කළේ නෑ.
කොහොමහරි ඔය අතරෙ ජෙනීට එක පාරට එයාගෙ නම කවුරුහරි මුමුණනවා වගේ ඇහෙන්න ගත්තා.ගැස්සිලා ගියපු ජෙනී හෙමින් සැරේ ඒ කෙඳිරිල්ල ආපු පැත්තට හැරුණා.එවෙලෙ දැක්ක දෙයින් තව ටිකෙන් එයා මුළු office එකම දෙවනත් වෙන්න කෑගහන්නයි ගියෙ.ඒත් ඒ ඇවිත් හිටපු කෙනා සද්ද කරන්න එපා කියලා සංඥා කරපු නිසා කෙල්ල අමාරුවෙන් කට වහන් හිටියා. ඊළඟට අර ආපු කෙනා කිව්ව විදිහටම කෙල්ල සද්ද නොකර එතනින් නැගිටලා ගියා.ජෙනී ගියාට පස්සෙ අර මනුස්සයා ජෙනී හිටපු තැනින් හෙමින් සැරේ වාඩි වෙලා එයාගෙ මූණ වැහෙන විදිහට එතන තිබ්බ file එකක් දිග ඇරගත්තා.
අම්මත් එක්ක කතා කරලා ඉවර වුණු ටීනා වටපිට නොබලම ඇවිත් පුටුවෙ වාඩිවෙලා ආයෙමත් එයාගෙ lap එකට එබුනා.lap එක දිහාම බලන් කෙල්ල ආයෙමත් ජෙනීගෙන් ඉල්ලුවෙ අර බිල් ටික..
එක තත්පරේට මූණ වහන් හිටපු file එක පැත්තකින් තිබ්බ අර මනුස්සයා එතන තිබ්බ කොළ වගයක් ටීනාගෙ අතට දීලා පටස් ගාලා ආයෙමත් මූණ වහගත්තා..හැබැයි මේ සැරේ නම් එයා මූණ වහගත්තෙ එයාගෙම අත් දෙකෙන්..එයාට ඕනෙ වෙලා තිබ්බෙ ටීනාට super surprise එකක් දෙන්න.
YOU ARE READING
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...