Chapter 05

377 71 3
                                    

              Cause girls like you...
   Run around with guys like me..
Till sundown when I come through...
I need a girl like you...yeah.. yeah... 🎶🎵
                
                 Phone එකට ආපු call එක ටීනා answer කරේ මේ උදේ පාන්දර මොකාද මේ වද දෙන්නෙ කියලා හිතන ගමන්...ටීනා hello කියන්නත් කලින් එහා පැත්තෙන් කතා කරපු කෙනා බැනගෙන බැනගෙන යන්න ගත්තා.
           "යකෝ කොහෙද හිටියෙ මං කී පාරක් call කලාද..මං කීයෙ ඉඳන්ද තමුන්ගෙ ගේ ඉස්සරහ හිටං ඉන්නෙ..ඉක්මන්ට ඇවිත් දොර අරිනවා....."

ටීනාට ටික වෙලාවක් ගියා කවුද මේ කතා කරේ කියලා අඳුරගන්න..ඇස් දෙකත් පොඩි කර කර ඇඳෙන් බැස්ස ටීනා දොර අරින්න යන ගමන් phone එක දිහා බැලුවෙ ඇත්තටම ජෙනී කලින් call කරලද බලන්න...

" දෙයියනේ..3 missed calls-Jenny..මෙච්චර phone එක ring වෙනවා ඇහෙන්නෙ නැති වෙන්න මට මාර නින්දක් ගිහිල්ලනෙ..අද නම් ඉඳල හමාරයි..ජෙනී උදේම අතට අහු වෙන එකකින් දමල ගහයිද දන්නෙනෑ.."

                 බයෙන් බයෙන් දොර ඇරිය ටීනාට ජෙනීගෙ තරහින් රතු වෙච්ච මූණ පෙනුනා..මුකුත් නොකියපු ජෙනී ගස්සගෙන රවාගෙන ගේ ඇතුලට ඇවිත් මේසෙ උඩින් ගෙනාපු කෑම එකත් තියලා එතන පුටුවෙන් වාඩිවෙලා phone එක ඔබන්න ගත්තා.

"පේන විදිහට හොඳටම ඩෝන් ගිහින් වගේ..ඉක්මන්ට ලෑස්ති වෙන්න ඕනෙ..දැන් වෙලාව..."

ටීනාගෙ ඇස් උඩ ගියෙ වෙලාව දැක්කම.."9.15...දෙයියනේ..එතන්ට යන්නම පැය භාගයක් යනවා.."

ජෙනීට තරහ ගිය එක සාධාරණයි කියලා ටීනාට එවෙලෙ තේරුණා..කඩාගෙන බිඳගෙන bathroom එකට ගිය ටීනා ඉක්මනට wash එකක් දාගෙන ඇඳුමුත් මාරු කරගෙන කොණ්ඩෙත් පීරං පල්ලෙහාට ඇවිත් ජෙනී ගෙනාපු කෑම එක ගිලින්න ගත්තා..තාමත් ජෙනී phone එකේ එල්ලිලා..හොරෙන් හොරෙන් එයා දිහා බැලුවත් ජෙනී නෙමේ නිකමට ටීනා දිහා බැලුවෙ.

"අම්බෝ...මේකිගෙ තියෙන නපුරුකම...බලමුකො තව කොච්චර වෙලා ඔහොම තරහ වෙලා ඉඳීද කියලා.."ටීනා හිතින් හිතුවා.කාලා ඉවර වෙලා ටීනා shape එකේ පිටිපස්සෙන් ගිහින් ජෙනීගෙ කර වටේ අත් දෙක දැම්මා..

"sorry miss..මහන්සියට නින්ද ගියා..මට කවදාවත් මෙහෙම වෙලා නෑ..ආයෙ වෙන්නෙත් නෑ..කෝ දැන්වත් අර ලස්සන හිනාව දාන්නකො..ඒක දකින්නැතුව මට හරි පාළුයි..කෝ..කෝ..."ජෙනීව hug කරන ගමන් ටීනා චාටුව දැම්මා.

"අනේ මේ යන්න නිකන්...මං රැවටෙයි ඕවට..අදට විතරක් බේරුනා කියලා හිතාගන්න.දැන් යං ඉක්මනට නැත්තන් අපිට rehearsal ඉවර වෙද්දි තමා එතන්ට යන්න වෙන්නෙ.."ජෙනී එහෙම කියාගෙන එතනින් නැගිටලා දොර දිහාට ගියා. ඒත් ටීනා තාමත් හිටපු තැනමයි.

"ඇයි තමුන් අද යන්නෙ නැද්ද?"
පිටිපස්ස හැරුන ජෙනී අත් දෙකත් බැඳන් බුම්මන් ඉන්න ටීනාව දැකලා ඇහුවා.

"කෝ මං ඉල්ලපු දේ දුන්නෙ නෑනෙ.."

"මොකක්ද?"

"ඔයාගෙ හිනාව.."

"ආහ්..මේන්...හී..."ජෙනී එහෙම කියලා ටීනාට විරිත්තුවා."දැන්වත් යන්ද?"

"අන්න එහෙම ඉන්න..යමු යමු.."
එහෙම කියාගෙන bag එකත් අරන් ටීනා ගෙදරින් එළියට බැස්සෙ හොඳටම හිනාවෙන ගමන්.


'Un'expected LO+VEWhere stories live. Discover now