සති 4කට පමණ පසු...
"Sir,මං ඔක්කොම ready කළා.ඔක්කොම payments ටිකත් කරල ඉවරයි.මේ file එකේ ඔක්කොම records, bills තියෙනවා."ටීනා බොස් අතට තඩි file එකක් දෙන ගමන් කිව්වා."well done ටීනා...මං දන්නවා ඔයාට වැඩක් භාර දුන්නොත් ඒක හොඳටම කරනවා කියලා."Mr.Lee ටීනා දිහා බලන් හිනා වෙන ගමන් කිව්වා.
"ඔව් ඉතින් මං නිසාම හොඳයි.. මංනෙ දන්නෙ නැහුන නැහිල්ල.. "
ඇත්තටම මේ සති ටිකේම ටීනා පැයක් office එකේ හිටියනම් පැය 2ක් හිටියෙ එළියෙ.office එකේ වැඩයි concert එකේ වැඩයි දෙකමනෙ. වෙලාවට උදව්වට ජෙනී හිටියා."ආහ්..sir හෙට rehearsal වලට group එක 10 වෙද්දි auditorium එකට එනවා කිව්වා..sirටත් පුළුවන්නම් එන්න කිව්වා.."
"ම්ම්ම්...නෑ නෑ ටීනා ඒක හරියන්නෙ නෑ. මේකට මෙච්චර මහන්සි වෙච්ච ඔයා තමයි යන්න ඕනෙ.මං යන එක හරි වැඩක් නෙමේ."ඒක අහපු ටීනාගෙ මූණ එක පාරට අඳුරු උනා..
"ම්ම්ම්...ඒත් sir... මං හෙට leave එකක් ගන්න හිටියෙ..මට ටිකක් සනීප මදි වගේ.."
"ඔයා අනිද්දට leave එක ගන්න..ඔයාට මේ හම්බෙන chance එක miss කරගන්න එපා..ඔය කොල්ලො ටික බලාගන්න මේ ලෝකෙ කෙල්ලො කීයක් පෙරුම් පුරනවද..ඔයා හෙට යන්නම ඕනෙ.. ආහ්...excuse me please.."Mr.Leeට call එකක් ආව නිසා එයා කතාව එතනින් නැවැත්තුවා.
"හ්ම්ම්.. Okay sir..."ටීනාට එච්චරයි කියවුනේ.
"බලන්නකො ජෙනී දවස් කීයක් මං මේ මට අදාල නැති දේකට නැහුනද..ඒකට හරි යන්න මට ඕන දවසක නිවාඩුවක් ගන්නවත් දෙන්නෙ නෑනෙ..ඔක්කොම වැඩ settle කරගත්තෙ එයාලගෙ company එකත් එක්ක නිසා ඔය කියන කොල්ලො ටික ඇහැට දකින්න මට බැරිවුණා..නැත්තන් මටත් බලාගන්න ඕනෙ වෙලා තිබ්බෙ මොකක්ද එච්චර එයාලගෙ තියෙන විශේෂත්වෙ කියලා...ඒත් මේ වෙලාවෙ මට ඒ කාවවත් දකින්න කිසිම අවශ්‍යතාවයක් නෑ.."
අම්බෝ ටීනාට එකසිය ගානට තරහ ගිහින්.ජෙනී හිනාව තද කරගෙන එයාව cool down කරන්න try කළා.
"හරි හරි ඔයා අද ටිකක් කලින් ගිහින් හොඳ නින්දක් දාන්නකො...මං දන්නවා ඔයා එයාලගෙ performances දැක්කම අනිවාර්යයෙන්ම එයාලට කැමති වෙනවා..ඒ නිසා අපි පොඩ්ඩක් ගිහින් බලමු..හා නේද?"
ඒ වචන ටිකෙන් ටීනාගෙ හිත පොඩ්ඩක් නිවුණා.
"ඒත් ජෙනී මං ඕවට ලොකු interest එකක් නෑනේ...ම්ම්ම්..කමක් නෑ ඔයා කියන නිසා බලමුකො.."ටීනා එහෙම කිව්වෙ වෙන කරන්න දෙයක් නැතිකමට.
"ආන්න මගෙ හොඳ කෙල්ල...මං හෙට උදේම එන්නම්කො කෑම එකකුත් අරගෙන..."ජෙනී ටීනාගෙ කම්මුලට තට්ටුවක් දාලා ටීනාගෙ cabin එකෙන් එළියට ගියා.
YOU ARE READING
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...