"Hi miss Teana..I'm Kim Taehyung..."
Tae ටීනාගෙ කනට ළං වෙලා කිව්වා.ටීනා Tae එයාගෙ අත අත ඇරලා මූණ ළඟින් ඈත් වුණා කියලා දැනුනට පස්සෙ හෙමින් හෙමින් ඇස් ඇරියා. ටීනා ගාවින් ඈත් උනාට කොල්ල හිනා වේගෙන දිගටම කෙල්ල දිහා බලන් හිටියෙ.කෙල්ලත් බොහොම ආයාසයෙන් හිනා වෙලා බිම බලා ගෙනම ගිහින් ජෙනී ළඟින් වාඩි වුණා.කෙල්ලට මෙච්චර ලැජ්ජ හිතිලා නෑ ජීවිතේට.ටීනා මේ වෙච්ච දේවල් නිසා තනිකර ඇවිදින මමියක් වෙලා තිබ්බෙ.
මේ අතරෙ ටීනා ගියාට පස්සෙ ඒ තිබ්බ හිනාවත් එක්කම Tae එයාගෙ සගයො දිහාට හැරුණා.තාමත් ඒ set එක කටවල් ඇරගෙන..break නැති මැස්සො 6ක් ගියානම් කෙලින්ම 6 දෙනාගෙ බඩවල් ඇතුලෙ...
"අපි දැන්වත් යමුද???"
Tae කෑගැහුවම තමා කට්ටියම මේ ලෝකෙට ආවෙ.
"ආහ්...හ්...හා...ය...යමු.."
JHopeට වචනත් පැටලෙනවා.ඒ අස්සෙ Jkගෙ මූණෙ තිබ්බ අමුතු හිනාව Tae නොදැක්ක නෙමෙයි.Tae හැරුනත් Jkට තේරෙනවා.
මේ අතරෙ ටීනා ඔහේ ඉස්සරහ බලන් වාඩිවෙලා ඉන්නවා.තාම කෙල්ල වෙච්ච දේට shock වෙලා ඉන්නෙ.මෙච්චර වෙලා මේ ඔක්කොම දිහා සද්ද නැතුව බලන් හිටපු ජෙනී හෙමින් සැරේ ටීනාගෙ අතින් ඇල්ලුවා.
"යකෝ මේකි අයිස් වගේ සීතලයිනේ..මොකක්මහරි වෙලා තියෙනවා.."
ජෙනී එහෙම හිතන ගමන් ටීනාට කතා කළා.
"මොකද උනේ??"
"ම්ම්ම්..න්..නෑ...මු..මුකුත් උනේ නෑ..."
"ටීනා,ඔයාමනෙ කියන්නෙ මං ඔයාගෙ හොඳම යාළුවෙක්ටත් වඩා සහෝදරියෙක් කියලා...මට බොරු කියන්න එපා..මොකද උනේ?"
දැන්නම් ජෙනීත් ටිකක් බයවෙලා.. මේ හොඳට හිටපු කෙල්ලට එක පාරට මොනවා වුනාද කියලා එයාට හිතාගන්න බෑ.
"ම්ම්ම්..අපි දැන් මේක බලමුකො..මං ගෙදර යනගමන් කියන්නම්.."
ටීනා එහෙම කියලා යන්තමට හිනා වුණා.ජෙනීත් හ්ම් කියලා නිකන් හිටියෙ වෙන කරන්න දෙයක් නැති නිසා.ඇත්තටම අච්චර දෙයක් වෙලත් මොකුත් නොවුන විදිහට කෙල්ලෙක්ට ඉන්න පුළුවන්නම් එයා සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. කොහොම උනත් එයාලගෙ performances දැක්කට පස්සෙ ටීනාට ඒ සිද්ධිය ටිකක් අමතක වුණා...හැබැයි ඒ ටිකකට විතරයි...
වැඩ ඔක්කොම ඉවරවෙලා ගෙදර යන අතරමගදි ටීනා ජෙනීට සම්පූර්ණ කතාවම කිව්වා.ජෙනීට නම් ඒ කතාව අහලා පුදුම හිතුණා.එයා කිව්වෙ නම් ටීනා ගොඩක් lucky කෙල්ලෙක් කියලා.ඇත්තනේ..Taeගෙ අත අල්ලන්න කෙල්ලො කීයක් පෙරුම් පුරනවද..?ඒත් Taeම ඇවිත් අතින් අල්ලන තරමට ටීනා වාසනාවන්ත වුණා.
ගෙදර ආපු ගමන් ටීනා bag එකත් පැත්තකට වීසි කරලා ඇඳන් හිටපු ඇඳුම පිටින්ම ඇඳට වැටුණා.කොට්ටෙ අස්සෙ මූණ ඔබාගත්ත කෙල්ලට එක පාරට මතක් උනේ යන්න ලෑස්ති වෙද්දි මුකුත් නොවුණ ගානට අතට අත දීලා හිනා වෙච්ච Taeගෙ මූණ..
"අනේ දෙයියනේ මොකක්ද මට මේ උනේ?පළවෙනි පාරට දැක්ක කොල්ලෙක් මගෙ හිතට මෙච්චර ළං වුනේ කොහොමද??? අනික මං කොල්ලො කීයක් එක්ක වැඩ කරනවද..ඒ කා ගැනවත් මට මෙහෙම හිතිලා නෑනේ...මට පේන්නෙ මට පිස්සු හැදීගෙන එනවද කොහෙද..ඔව්..මේ යන විදිහට ගිහින් තව එක පාරක් හරි එයාව දැක්කොත් මේ පිස්සුව double වෙයි..ඒ නිසා අදම මේ වැඩේ ඉවරයක් වෙන්න ඕනෙ.."
මෙහෙම හිත හිත හිටපු ටීනාට නොදැනීම නින්ද ගිහින් තිබ්බා.එදා වෙච්ච දේවල් නිසා එයාගෙ හිත හොඳටම හෙම්බත් වෙලයි තිබුණෙ...පව්..කෙල්ලට තේරෙන්නෙ නෑ තාම,එයාට Tae ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියන එක..එයා එදාම ඒ හැඟීම එයාගෙ හිතින් අයින් කරන්න ගියාට එයාගෙ දෛවය ඒකට ඉඩ දෙයිද??මේ හැඟීම තියෙන්නෙ මෙයාට විතරමද??
+මං අදම මේක ලියන්න හිටියෙ නෑ..ඒත් මට comment කරලා support එක දුන්න අයටයි අද මේක speaially දැම්මෙ..ඔයාලා ආස වෙයි කියලා හිතනවා..thank you.. Stay with the story...❤️😊💜
BINABASA MO ANG
'Un'expected LO+VE
Fanfictionඅපි හිතන පතන දේවල්ම සිද්ධ වෙනවනම් අපේ ජීවිත කොච්චර ලස්සන වෙයිද?..ඒත් අපි නොහිතන සමහර දේවල්වලට ඒ තරමටම..සමහරවිට ඊටත් වඩා අපේ මේ ජීවිත ලස්සන කරන්න පුළුවන්..🐾🍃 මේ කතාවත් අන්න ඒ වගේ කවදාවත් අහපු,දැකපු නැති දෙන්නෙක් අතර ඇතිවෙච්ච නොසිතූ නොපැතූ...