chapter 01🐾️

217 42 12
                                    


🖤彡🐺彡🖤

MIA POV💙


"අලු පාට සුදු පාට මිශ්‍ර වෙච්ච ලස්සන වෘකයෙක්.

මම මගේ ජීවිතේටවත් මෙහෙම ලස්සන වෘකයෙක් ව දැකලා නෑ.

මම කවදාවත් මේ විදිහට සජීවීව මෙහෙම සිදුවීමක් දැකලා නෑ.

මුලු පරිසරයම දම්,කලු,නිල් මිශ්‍ර හරිම මායා පාටක් ඉසිලුවා. මම ඒ වෘකයා ලගට යන්න හැදුවත් ඒ වෘකයා මාව දැකපු ගමන් වේගෙන් දුවන්න ගත්තා.

හද එලිය දිගේ මමත් ඒ පැත්තට දිව්වා.

"ඔහොම නවතින්න!!". මම එහෙම කෑගහපු ගමන් ඒ වෘකයා නැවතිලා මගේ දිහා බැලුවා.
ඒ වෘකයාගෙ ඇස් නිල් පාටින් දිලිසුනා.

"යන්න මෙතනින්, ඔයාට මෙතන ආරක්ෂාවක් නෑ!!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"යන්න මෙතනින්, ඔයාට මෙතන ආරක්ෂාවක් නෑ!!". මට අදහ ගන්නත් බෑ එයා මාත් එක්ක කතා කලා.


මම ආපහු යන්නෙ නැතුව එතනට වෙලා බලාගෙන හිටියේ පුදුමයෙන්.


"යන්න නේද කිව්වෙ??!". ඒ වෘකයා රවාගෙන මගේ පැත්තට ආවා.


එක පාරටම මගේ පිටිපස්සෙන් ඇහුනෙ මොකක් හරි ඊතලයක් වගේ දෙයක් වේගෙන් මගේ පැත්තට එනවා වගේ සද්දයක්.


මම හැරිලා බලන්නත් කලින් මගේ ඇග උණුසුමකින් පිරුනා.


සිනිදු සනීප ලෝම ඇගක් ඇවිත් මාව තදින් වැළදගත්තා.


අර මං දැකපු වෘකයා.


ඒත් මම එයාගෙන් මිදිලා බලනකොටයි දැක්කෙ, ඒ වෘකයා ලේ විලක් මැද වැටිලා ඉන්නවා.

sᴛʀᴀɴɢᴇ ᴍᴀᴛᴇ ][ sᴋᴢ ғғ || ᴄʜᴀɴ : ᴄʙ97 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now