"Wha- මම crown princess😳?!". Mia පුදුම වෙලා ඇහුවේ මේ කිසි දෙයක් තාමත් විශ්වාස කරන්න බැරුව."Of Course, ඒක නිසා තමා උතුරු වෘකයෝ ඔයාව හොයන්නෙ".
"ඉතින් මගෙන් ඒගොල්ලන්ට තියෙන වැඩේ මොකක් ද?? අනික මගේ අප්පා ට මොකක් ද වුනේ??"
"ඒක😶..... මම කිව්වානෙ. මම යන ගමන් කියන්නම් හැමදේම. දැන් ඕවා කිය කිය ඉන්න කාලෙයක් නෑ. ඔයා දන්නවාද අපි ගොඩක් පරක්කුයි"
"ඔයා තාම විශ්වාස කරන්නෙ මම වෞර්කයෙක් කියලාද ක්රිස්??
"දැන් නම් විශ්වාසයක් නෑ.🙄 ඔයාගෙ Dna බාගෙට බාගයක් ම විනාශ වෙලා නෙ🙂". එහෙම කියන ගමන් ක්රිස් එයාගෙ බෑක් පැක් එක දාගත්තා.
"දැන් එහෙනම් මම ගිහින් මොකක් කරන්න ද?? මට කිසි බලයක් නෑනෙ🙂". Mia ත් එයාගෙ වැටිලා තියෙන බඩු ටික ආයෙත් bag pack එකට දාගන්න ගමන් කිව්වා.
"යමුකො ඉස්සෙල්ලාම. Mate ව හොයාගත්තොත් හරියයි" ක්රිස් එහෙම කියලා ඉස්සරහට ගියත් mia එතනම ඉදන් ලොකු කල්පනාවක වැටිලා හිටියෙ.
"යාහ්.... එන්නෙ නැද්ද?? ඒනම් අහුවෙන එකයි ඇත්තෙ ආයෙත් උතුරු වෞර්කයෙක්ට. මම යනවා". ක්රිස් එහෙම කියලා ටිකක් ඉස්සරහට ඇවිදන් ගියත් ක්රිස් දැනන් හිටියා mia කොහොමත් මෙතන තනියම ඉන්නෙ නෑ කියලා.
"ඒයි ක්රිස්!! ඉන්න ඉන්න!!. මාව දාලා යන්න එපා🙂". Mia දුවගෙන ගිහින් ක්රිස් එක්කම යන්න පටන් ගත්තා.
දෙන්නාම කැලෑවෙ ඇතුලට ගියේ වචනයක් වත් කතා කරන්නෙ නැතුව. කැලෑව තාම අදුරුයි. Mia ට අහන්න ගොඩක් දේවල් තිබුනත් එයා දැනන් හිටියේ නෑ කොතනින් පටන්ගන්නද කියලා. ඒත් mia ගෙ අප්පා ගැන කියපු වෙලේ ඉදන් ම එයා හිතන්න ගත්තෙ එයාගෙ අප්පාට ඇත්තටම මොකක් ද වුනේ කියලා. මොකද මේ වෙනකම් Mia දැනන් හිටියෙ නෑ එයාගෙ අප්පාත් warewolf කෙනෙක් කියලා.
"ක්රිස්! මට දැනගන්න පුලුවන් වෙයි ද අපි මේ කොහෙද යන්නෙ කියලා?". අන්තිමට Mia කතාකරන්න පටන් ගත්තා.
"අපි යන්නෙ mountain wolf camp එකට. ආහ්! කියන්න බැරි වුනා නෙ, එහෙට ගියාම අපි වෙදහලට යමු. ඊට පස්සෙ පුලුවන් Dna වලට මොකක් ද කරන්න පුලුවන් කියලා අහන්න"