chapter 07🐾️

122 40 13
                                    

💙MIA POV💙

මම tent ගහන්න යන්න හැදුවත් මාව එක පාරටම බිමට ලිස්සුවා.

මමත් ආවානෙ අද වගේ දවසකම😐💔. මොනවායින් මොනවා වෙයි ද දන්නෙ නෑ. ඒ මදිවාට වෙව්ලනවා මාර විදිහට.

ඔව් ඉතින් ඔම්මා කිව්වා වගේ මේ surgery එක ඉක්මනට ඉවර කලොත් හොදයි. නැත්තන් මුලු ජීවිතේම අර කසාය බිබී ඉන්න වෙන්නෙ වෙවුල වෙවුල😣.

"Mia මොකද වුනේ? ඔයා හොදින් ද?!?"
ක්‍රිස් මම ලගින් දනගහලා වාඩි වෙලා මගේ දිහා බැලුවා. කර කියාගන්න දෙයක් නැතුව මම වේගෙන් කකුල් වල ගෑවිලා තියෙන දූවිලි පිහ දැම්මා.

"ඕ...හෙහෙ මම හො.. හොදින් ඕනෑවටත් වඩා හොදින්... ඔයා tent එක ගහන්න, හවසුත් වෙලානෙ. මම අතනින් ඉන්නම්." . මම වෙව්ල වෙව්ලම කියලා දැම්මෙ තව මෙතන හිටියොත් මට මොනා වෙයි ද කියලා හිත හිතා. ඉක්මනට එතනින් නැගිට්ට මම වේගෙන් ලගම තිබුන ගහ යටට ගිහින් බෑග් එක අදින්න ගත්තේ හරියට ජීවිතේ නැතිවෙන්න යනවා වගේ.

මම දැක්කා ක්‍රිස් බරටම වැඩ කට්ටියට උදව් කරන්න.
මම ආයෙත් බෑග් එක අවුස්සන්න ගත්තා.

"කෝ මේක ... ආයිශ්😩!!" මම හිතින් කෑගගා හෙව්වෙ මගේ බෙහෙත් දාපු බෝතලේ.

ඒක දාල ඇවිල්ලානම් අද මගේ අවසානය තමා. මොකද මම ඒක නොබිව්වොත් මට සහලෝලා උණ ගන්න නිසා.
එක පාරට අත බෑග් පැක් එක ඇතුලටම දැම්මාම මට යාන්තමට මගේ බෝතලේ අහුවුනා🍶.

මම ඒකෙ මූඩිය ඇරලා ඉක්මනින් ඉක්මනින් බොන්න පුලුවන් තරම් ඒකෙ තියෙන ඒවා බිව්වෙ දවස් ගානක් වතුර නැතුව හිටපු කෙනෙක් වගේ.
අනේ මන්දා ඔම්මා මේවා මොනවායින් හදනවා ද කියලා. පුදුම සැරක් තියෙන්නෙ🤧.

මම ඒ බෝතලෙන් බාගයකටත් වැඩියෙන් බීලා ටිකක් වාඩි වෙලා ඉදලා නැගිට්ටෙ කරන්න පුලුවන් දෙයක් තියෙනවා ද බලන්න. ඒක බිව්වාම මාර සනීපයක් එන්නෙ ඇගට.

ඒ වෙලාවෙ හවස් වෙලා නිසා තැනින් තැන පැනල් light එකින් එක පත්තු කරන්න පටන් අරන් තිබුනෙ.🌉

මම යනකොටත් tent වල වැඩ ඉවරයි.
ඊට පස්සෙ හැමතැනින්ම ආවෙ කෑම බේක් කරන සුවද වගේ දේවල් විතරයි🍔🥩.
මට ඒවා ගන්න ලැජ්ජා හිතුනෙ මම මීට කලින් මේ වගේ ගොඩක් ඉන්න තැන ඉදලා නැති නිසා.

sᴛʀᴀɴɢᴇ ᴍᴀᴛᴇ ][ sᴋᴢ ғғ || ᴄʜᴀɴ : ᴄʙ97 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now