♡☆BOYS☆♡ chapter 26

1.4K 248 26
                                    

RM ට උදේම ඇහැරුනා... ජින් තාමත් නිදි.. ජින් ට ඇහැරවන්නෙ නැතුව RM වොෂ් එකක් දාගෙන උදේ කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා..

ටිකකින් ජිමින් ඇහැරිලා පඩි පෙලේ වැටදිගේ පහලට රූටලා ආවා... නෑ එන්න හම්බුන් නෑ... ජිමින් බැලන්ස් නැතුව බිමට වැටුනා.... කොන්දත් අතගගා නැගිටිද්දි කුකී ජිමින් දිහා බලන් කට අතින් තද කරන් හිනා වෙනවා....

කුකී ජිමින්ව වැටෙනවා දැක්කා කියල දැක්කෙ නෑ වගේ ජිමින් කොන්දත් අත ගගා ගියෙ කුකීගෙ ඇස් වලට පේන්නෙ නැති තැනක තිබුනු පුටුවකට....

"අද මොකද හ්‍යොන්ග් උයන්නෙ!!?"

"ඇයි අපිට උයන්න බැරිද? ඔයාටත් පුරුදු කරන්නද ජිමින්, ඉස්සරහට වැදගත් වෙයි"

ජිමින්ගෙ මූන ඇඹුල් වෙලා කටත් වැහිලා ගියා RM ගෙ කතාවට... කුකී නම් හිනා වෙවී ගියා ටේ ව ඇහැරෝගන්න...

ටිකකින් හොබී ත් නින්දෙන් වගේ පහලට ආවා...
"හොබි, කෝ සුගා? "

"තාම නිදි හ්‍යොන්ග් එයා.."

"ගිහින් ඇ!"

"අනේ මට නං බෑ එයාව ඇහැරෝල අත පය තලා ගන්න... ජින් හ්‍යොන්ග් ව යවන්න ඕන් නම්"

RM ට වාක්‍ය සම්පූර්ණ කරන්නවත් හම්බුන් නෑ..

"ජින් නිදි.. ගිහින් ඇහැරවන් එන්න.."

"අනේ හ්‍යොන්ග් එයා එහෙම හිටපුවාවෙ අනේ.. කොහෙවත් යන්නෙ නෑනෙ අපි දැන්"

"නැත්තෙ නෑ.. ගිහින් ඇහැරවන් එන්න.. හැමෝටම කියන්න දෙයක් තියනවා😂😂"

ඒක ඇහුනම ජිමිනුයි හොබීයි ඇස් ලොකු කරලා RM දිහා බැලුවා... පොඩ්ඩො දෙන්නා වේගෙන් උඩට දිව්වෙ හ්‍යොන්ග්ව අපි ඇහැරවන්නම් කියල කෑ ගහගෙන..

ටේටයි කුකීටයි දරුනු කොට්ට ප්‍රහාර වලට ලක්වෙන්න උනත් අන්තිමට සුගාට ඇහැරෙන්න ම උනා... සුගාවත් ඇදගෙනම පහලට දිව්වෙ සුගා මූනවත් හෝදගන්න කලින්.

ජිනුත් ඇහැරිලා හිටියා සුගා පහලට එද්දි,

"මේ පාර නත්තල අපි සමරන්නෙ ජේජු වල.. අද හවස යනවා.. ආපහු එන්නෙ තිස් වෙනිදා... දැන් හැමෝම ගිහින් ඕනෙ කරන බඩු ලෑස්ති කරගන්න"

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now