♡☆BOYS☆♡ chapter 40 (final chapter)

1.6K 245 60
                                    


ජේ සිං හිටියෙ එයාගෙ ඔෆිස් එකේ..... එයත් බිස්නස්මන් කෙනෙක්. පිටට නොපෙන්නුවත් එයාගෙ බිස්නස් එක අන්තිම අඩියට වැටිලා තිබුනේ..... මැරේජ් එකෙන් පස්සෙ පාක් ඉන්ඩස්ට්‍රිස් වල shares ගන්න හැදුවත් මිස් පාක් ජිමින්ගෙ අවසරයක් නැතුව shares විකුණුවෙ නෑ කාටවත්... ඒ නිසා පාක් ඉන්ඩස්ට්‍රිස් වල පුංචිම අයිතියක් වත් ජේ සිං ට තිබුනෙ නෑ....

ටිකකින් ඔෆිස් එකට ආපු සේරම ලියුම් ටික මූනත් වැහෙන ගානට බදාගෙන ඇතුලට ආවෙ clark කෙනෙක්.... ජේ සිං ට ආපු ලියුම් ගොඩේ තිබුනු ටිකක් ලොකු ලියුමකට එයාගෙ ඇහැ ගියා...

ඒක අරගෙන කඩලා දිග ඇරියම ජේ සිං ගෙ ඇස් තරහෙන් පිරුනා.. මේසෙ උඩ තිබුන බඩු සේරම අතින් ගහලා විසි කරලා කේන්තියෙන් නැගිටලා මේසෙට ගැහැව්වා....

" නෑ.....🤬🤬 මේක කොහොමටවත් වෙන්න දෙන්නෙ නෑ🤬"

බය උන පාර clark බිම.... ජේ සිං ට තරහ ගිය විදිහ දැකලා එයා ඉක්මනට නැගිටලා රූම් එකෙන් එලියට ගියා...

ජේ සිං කාර් එකේ යතුර ගත්තෙ ගෙදර යන්න... ලියුම ඇතුලෙ තිබුන කොල ටික තදින් ගුලි කරගෙන කේන්තියෙන්ම වාහනේට නැගලා වේගෙන් ගියෙ ගෙදරට...

ඒත් ගෙදර කවුරුත් නෑ.....
.
.
.
.

⏳⏳සති දෙකකට පෙර.....

" හෙලෝ... ජේ සිං මට අද ගෙදර එන්න වෙන් නෑ... රෑ උන නිසා මෙහෙම නවතිනවා..."

"හා හරි" මිස් පාක් කෝල් එක කට් කලා..

මිස් පාක් ටේ කියපු දේවල් සේරම ඇහුවම ගොඩක් පුදුම උනා.. ඒ කිසිම දෙයක් එයා හිතුවෙවත් නැති දේවල්... ටේ කිව්ව ගමන් විස්වාස කරන්නත් බෑ...

කොහොමත් marriage එක නවත්තන්න මිස් පාක් හිත හදාගෙන ඉවරයි... ඒත් ජේ සිං කියන්නෙ ටේ කිව්ව මනුස්සයා නං ඉක්මනට ඒකෙන් ගැලවෙන්නත් ඕනෙ....

"පුතා හෙට මාව යූමි ලගෙ ගෙදර එක්කන් යන්න"

" ම්ම් හරි ආන්ටි..."

මිස් පාක් එදා රෑ ටේ ලගෙ ගෙදර නැවතුනා.. රෑ වෙලා මිස් පාක් ටේ ගෙ අම්මටත් මේ දේවල් සේරම කිව්වා...
.
.
.
.

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now