ආ... කියන්න බැරි වුනානෙ... අපි දෙන්නා Hybrid. අප්පා Korean. ඔම්මා Japanese. අපි පුංචි කාලෙ ඉඳන්ම හිටියෙ Kyoto වල. Kyoto කියන්නෙ ජපානෙ තියෙන ලස්සන පළාතක්. එහෙ අපිටම කියලා ගේකුත් තිබුනා. ඔම්මාගෙ ගමත් එහෙ නිසා අපේ ජීවිතෙන් බාගයක් විතර ගෙවුනෙ Kyoto වල කිව්වොත් හරි. Vacation එකක් හම්බුන ගමන්ම අම්මා කරන්නෙ Kyoto යන එක. ඒ නිසා අපේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවුනෙ එහෙ.
හරබුජි නැති වෙද්දිත් අපි හිටියෙ kyotoවල. ඒ ඔම්මාගෙ ඔම්මයි, ඔම්මාගෙ අප්පයි දෙන්නත් එක්කලා. අප්පායි ඔම්මයි එයාලාගෙ වැඩ නිසා Busan වල ඉද්දි නංගියි මායි school vacation එකට Kyoto ගියා. ඒත්... ගිය ගමන්ම අහන්න හම්බුනේ හීනෙන් වත් බලාපොරොත්තු නොවුනු දෙයක්... Winter vacation එක පටන් ගද්දිම හරබුජි අපිව දාලා සදහටම යන්න ගිහින්... නංගිගෙයි මගෙයි ජීවිත වල ලොකු හිස් තැනක් හදලා හරබුජි සඳහටම යන්න ගියා... හරබුජිට සමු දෙන්න අපි හැමෝම busan ආවත් ආයෙමත් අපි Kyoto වලට මාරු වුනේ අප්පගෙ හිතේ තව දුරටත් busan ඉන්න වැඩි කැමැත්තක් තිබුනෙ නැති නිසා. ඒත් අපිට නම් ඕනි වුනේ Busan ඉන්න... හරබුජිගෙ මතකයත් එක්ක ජීවත් වෙන්න... ඒත් අප්පට යන්න ඕනි වුන නිසා අපි Japan ආවා.
ඒ අලු පාට හැන්දෑවෙ අපි Korea වට ආයුබෝවන් කියලා පදිංචියට ආවෙ Kyoto වලට. ඔම්මගෙ ගම නිසා නුහුරු නුපුරුදු නොවුනත් හරබුජිගෙ හිස්තැන වේදනාවෙන් මොර දුන්නා. අවුරුදු හයකට විතර පස්සෙ තමා අපි දෙන්නා මේ ආයෙ Korea ආවෙ. ඒ අපේ හරබුජිව හොයා ගෙන.
අපි නතර වුනේ apartment එකක. අප්පා එයාගෙ business වැඩවලට නිතරම වගේ ආවා ගියා නිසා එයා එයාගෙ ලේසියට කියලා apartment එකක් අරන් තිබුනා. දැන් අපි ඉන්නෙ ඒකෙ. ඒක මුහුද ගාව තිබුන නිදහස් වගේම ලස්සන තැනක්. අපි දෙන්නා Busan යන එක අමතක කරලා එතන නතර වුනා. අප්පට ඕනි වුනෙත් අපිව busan නොයවා තියා ගන්න. ඒ නිසා එයත් කැමති වුනා අපි මෙහෙ ඉන්නවට. ඒත් ඉතින් මෙහෙ හිටියෙ අපි විතරයි. ඒ නිසා අපි දෙන්නා අපිට කැමති විදිහට ජීවත් වුනා.
*************************************
එක පාරට ආපු ලොකු රැල්ලකින් මුළු ඇඟම නෑවිලා යද්දි මං Eun Sung දිහා බැලුවෙ කෙල්ලත් නෑවිලා ද බලන්න. ඒත් කෙල්ල පේන්න නොහිටය නිසා මං වට පිට බැලුවා. ඒ වෙද්දි ටිකක් රෑත් වෙලා නිසා හිතට පොඩි බයකුත් දැනුනත් මං ටිකක් කල්පනාවෙන් වටේ පිටේ බැලුවෙ කෙල්ල කොහෙද කියලා බලන්න. හඳ එළිය නිසා අඳුරු ගතිය නම් ටිකක් අඩු වෙලා තිබ්බෙ. පිටිපස්ස හැරිලා බලද්දි කෙල්ල සිප්පි ඇහිඳිනවා. වටේ පිටේ කවුරුත්ම නැති නිසා මං Eun sung ට කතා කලේ ආපහු යන්න.
![](https://img.wattpad.com/cover/260749263-288-k656845.jpg)
YOU ARE READING
DIAMOND RING
FanfictionBTS Fan Fiction - Sinhala. (ASTRO + BLACKPINK Cross over) 💎💍💎💍💎💍💎💍💎💍💎 It's Not Just A Ring... 😉 💎💍💎💍💎💍💎💍💎💍💎 🧜🧚🧜♀️🧚♀️🧜🧚🧜♀️🧚♀️🧜🧚🧜♀️🧚♀️🧜🧚🧜♀️🧚♀️🧜 ...A hybrid life between two parallel worlds... 🧜🧚🧜♀️�...