Episode 29

220 33 2
                                    

JK හිටියෙ හොඳටම බය වෙලා. කොල්ලට කර කියා ගන්න දෙයක් නෑ. මහ රෑ ආවා මදිවට කොල්ලත් එක්ක තව කෙල්ලෙකුත් ඉන්නවා. Suga හිටියෙ හොඳටම කේන්තියෙන්. කොල්ලා රවා ගෙනම JK දිහා බලන් හිටියා. JK හිමීට Sung ගාවට ආවෙ කොල්ලටත් ටිකක් බය හිතුන නිසා.

Sung නම් මළමිනියක් වගේ. සුදුමැලි වෙලා මදිවට කෙල්ලව හොඳටම සීතලත් වෙලා. කෙල්ල බයටම හිටියෙ ගැහි ගැහී. JK හිමීට කෙල්ලගෙ අතින් අල්ල ගත්තෙ කොල්ලා ඉන්නවයි කියලා දැනෙන්න. Sung බයෙන් ම JK දිහා බැලුවා.

"කාගෙන් අහලා ද දෙන්නා ආවෙ?"

Suga කතා කලේ ටිකක් වෙලා බලන් ඉඳලා. කොල්ලාගෙ කට හඬ කේන්තියෙන් වෙව්ලනවා. Suga ගිනි පිටවෙන ඇස් දෙකෙන් JK දිහා බලන්  හිටියා. JK වගේම Sung නුත් ගැස්සිලා බැලුවෙ Suga දිහා. කෙල්ල  ඇස් දෙකේ කඳුලුත් පුරවන් Suga දිහා බලන් හිටියා.

"Oppa ඇයි මේ?"

එවලෙම වගේ එතනට ආවෙ Rose. Rose හිටියෙ මොකකට හරි බය වෙලා. කේන්ති ගිහින් ඉන්න suga ව දැක්කම කෙල්ලගෙ බය දෙගුණ වුනා.

"ඇයි oppa? ඇයි මේ?"

කෙල්ල ඇහුවෙ ඇස් බෝල දෙකත් ජිල් බෝල කරන්.

"කොහෙ ගිහින් ද හිටියෙ? කියන දෙයක් අහන්න බැයි ද? එනකම් ඉන්න කියලා නේ ද ගියේ මං? ඉන්න බෑ කඩි ගාය."

Rose ව දැකපු ගමන් කොල්ලා Rose ට කෑ ගැහුවෙ හිතේ තිබුන තරහා ඔක්කොම පිට කරලා. බයයි කේන්තියයි දෙකමත් එක්ක suga හිටියෙ හොඳටම අවුලෙන්. කොල්ලා හුස්මක්වත් ගන් නැතුව කෑ ගහ ගෙන ගියා. Rose ගල්වෙලා වගේ බලන් හිටියෙ Suga දිහා. කෙල්ල කවදාවත් ම Suga ව මේ විදිහට දැකලා නෑ. Rose ගෙ ඇස්වලින් සට සට ගාලා කඳුලු කැට කඩන් වැටුනා.

Rose හිටියෙ මුහුදු තටාකෙට ටිකක් එහායින්. කෙල්ල දුව ගෙන ආවෙ Sugaව හොයා ගෙන. ඈත තියාම Suga ව දැක්කම කෙල්ල කලබලේම දුවන් ආවා. Suga කෑ ගහපු පාරට කෙල්ල හිටියෙ වෙච්ච දෙයක්වත් හිතා ගන්න බැරුව. ඒ නිසාම වතුරෙ ඉන්න JK වයි Sung වයි Rose දැක්කෙ නෑ. වුනේ මොකක් ද කියලා හිතා ගන්න බැරුව Rose හිටයෙ shock වෙලා. කෙල්ල ඇස්වලින් වැටෙන කඳුලුත් එක්ක ජිල් බෝල ඇස්වලින් බලන් හිටියා. කෙල්ලගෙ කඳුලු දැක්කම තමා Suga ව හොඳ සිහියට ආවෙ. කොල්ලා කලබලෙන් කෙල්ලව බදා ගත්තා. කෙල්ලත් ඒ පපුවට තුරුලු වුනේ කිසි දෙයක් හිතා ගන්න බැරුව. Suga තනියමම තමන්ව control කර ගන්න try කලා.

DIAMOND RINGWhere stories live. Discover now