Episode 23

215 32 6
                                    

Jinවයි Hobii වයි දැකලා Suga යි Tae යි දෙන්නා ගල් ගැහිලා හිටියෙ. මේ වෙලාවෙ මේ විදිහට මෙයාලාව මෙහෙදි හම්බවෙයි කියලා ඒ දෙන්නා නිකමටවත් හිතුවෙ නෑ. ඒකත් hobii යි jin නුයි දෙන්නා.

මොනා වුනත් මොකක් ම හරි ලොකු අවුලක් වෙලා කියලායි Suga නම් හිතුවෙ. Tae ට හිතුනෙත් ආයෙමත් attack එකක් ඇවිත් ද කියලා. කොල්ලා ප්‍රශ්න කෝටියක් එක්ක Jin දිහා බැලුවා.

"Jin Hobii... ඔයාලා..?"

Tae හිටියෙ හොඳටම shock වෙලා. කොල්ලාට එක පාරටම මතක් වුනේ Su-Mi ව.

"මො... මොකක් හරි අවුලක් ද?"

Suga ඇහුවෙ ඊයෙ beach එකේ දි වුන සිද්ධිය මතක් වෙලා. දෙන්නගෙම හිතේ ප්‍රශ්න පත්තරයක්ම print වුනේ තත්පර කීපයට.

"දේ.... එයාලා හැමෝම හොඳින්..."

Hobii කිව්වෙ දෙන්නම දිහා බලලා. කොල්ලාට තේරුනා නොහිතපු වෙලාවක මෙහෙ ආපු නිසා මෙයාලා shock වෙලා කියලා. ඒකයි කොල්ලා ම ආයෙම කතා කලේ.

"අපි ඇතුලට එන්න ද?"

Hobii ඇහුවෙ ගල් ගිල්ලා වගේ බලන් ඉන්න Tae ගෙන්. මෙච්චර වෙලාවක් Jin නුයි Suga යි හිටියෙ දොරකඩ. කොල්ලා Tae යි Suga යි එක්ක ලාවට හිනා වුනා.

"හ්ම්ම්..."

Tae නම් කිව්වෙ එච්චර කැමැත්තකින් නෙවේ. තමන්ගෙ ගෙදරට ආපු දෙන්නෙක් හරවලා අරින සිරිතක් නැති නිසා කොල්ලා අකමැත්තෙන් වුනත් ඔලුව වැනුවා.

"මොන මගුලක් ද ඒ පාර වෙලා තියෙන්නෙ?"

Tae හිතුවත් කියන්න ගියෙ නෑ. Tae ට ප්‍රශ්නෙ Jin නුත් ආපු එක. Tae වගේම Suga ත් බලන් හිටියෙ hobii හරි Jin හරි කතා කරනකම්.

"Aigooooo... තමුසෙලා දෙන්නා සෑහෙන පිලිවෙලකට ඉන්නවානෙ."

Hobii කිව්වෙ ටිකක් එහාට මෙහාට ඇවිදලා බලලා. සෙටී එක උඩ තිබුනු Tae ගෙ shirt එකක් අරන් පුටු ඇන්දකට විසි කරලා Hobii ඉඳ ගත්තා.

ගේ නිකම් යුධ පිට්ටනියක් වගේ. Suga නිදා ගත්තු පුටු කොට්ට හතර වටේ. Tae ගෙ ඇඳුනුත් ගලෝපු ගලෝපු තැන්වල. Tae යි Suga යි හිටියෙ හිටියෙ ගේ අස් කර කර. ඒ අතරෙ තමා Jin නුයි Hobii යි දෙන්නා කඩන් පාත් වුනේ.

කොල්ලො දෙන්නා ඊයෙ රෑ පොඩි drink එකක් ගත්තු හින්දා හතර ගාතෙ වැටිලා නිදා ගත්තෙ. දවල් වෙලා නැගිටපු හින්දා ඔක්කොම වැඩ බකල්. Jin හිටියෙ ඔලුවත් කස කස. කොල්ලා දහ අතේ කල්පනා කරනවා.

DIAMOND RINGWhere stories live. Discover now