Episode 24

188 32 9
                                        

Tae ගෙයි Suga ගෙයි final decision එක මොකක් වෙයි ද කියලා හිත හිත Jin හිටියෙ ගැහි ගැහී. එකක් එයාගෙ කේන්තිය. කොච්චර කේන්ති ගන් නෑ කියලා හිතුවත් අන්තිමේ දි වුනේ ආයෙමත් ඇණ කොටා ගත්ත එක. Hobii යි Suga යි නොහිටින්න මොකකින් මොකක් වෙයි ද කියලා යි Jin හිතුවෙ. එයාට එයාගෙ ඉවසීමක් නැති කම ගැන දැනුනෙ තමන් එක්කම තරහක්.

"Shit... මෝඩයා... තමුසෙට තව ඉවසන්න තිබ්බා..."

Jin කියා ගත්තෙ තමන්ටම.

සැරින් සැරේ දොර දිහා බල බල Jin හිටියෙ කියා ගන්න බැරි නො ඉවසිල්ලකින්. කකුල් ගෙවෙනවා නම් මෙලහකටත් ගෙවිලා. ඒ තරම් කොල්ලා එහාට මෙහාට ඇවිදින්න ඇති. ඒ කොච්චර ඇවිද්දත් හිතේ තිබ්බ දෙගිඩියාව නම් සන්සුන් කර ගන්න එක කොහෙත්ම කරන්න බැරි වුනා. කොල්ලාට තිබුනු ලොකුම ප්‍රශ්නෙ Su-Mi ට මූණ දෙන්නෙ කොහොමද කියන එක.

තමන්ගෙ ආදරේ. පුංචි කාලෙ ඉඳන් රැක ගත්තු ආදරේ. මුලු ලෝකෙටම හොරෙන් රැක ගත්තු ආදරේ. ඒ ආදරේ ගාව පුංචි වත් හිත් රිදවීමක් කරන්න Jin ට හිත දුන් නෑ. ඒකමයි එයා එදා Su-Mi ව නවත්ත ගත්තෙත්. ඒ කෙල්ල තමන්ගෙන් ඈතකට යයි කියලා. හේතු දාහක් මවලා පෙන්නුවත් කොල්ලට ඇත්තටම ඕනි වුනේ තමන්ගෙ ආදරේ තමන් ගාවින්ම තියා ගන්න. දුරකට යන්න නොදී රැක ගන්න. ඒකයි එදා Tae යි Suga යි එක්ක පිටත් කරලා කෙල්ල දුක් විඳිනවා බලන්න කොල්ලට හිත නොදුන්නෙ. ඒකයි Su-Mi ගෙ බාරකාරිත්වය තමන් යටතට ගන්න කොල්ලා එදා ඒ තරම් මහන්සි වුනේ. රාජ්‍යයේ හිමිකාරිත්වය දරපු Jin ට ඒ දේ කරන්න ලොකු අමාරුවක් වුනේ නෑ. තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඇමතිවරු. රාජ්‍ය පාලනය තමන් යටතට අර ගත්තෙත් Su-Mi නිසා. ඇමතිවරුන්ගේ කට වහන්න තිබ්බ එකම විදිහ වුනේ එක.

"පව්..."

කොල්ලා හීල්ලුවෙ කෙල්ලගෙ මූණ මතක් වෙලා. Jin ට මැවිලා පෙනුනෙ ඈත ඉඳන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න කෙල්ලගෙ ඇස් දෙක. ඒ ඇස් නිල් පාටට දිලිසිලා බොර පාට වෙලා දුකින් පිරිලා යන හැටි මැවෙද්දි කොල්ලට ඉහිලුම් නැතුව ගියා.

"අනි..."

කොල්ලා තමන්ටම කියා ගත්තෙ පපුව පිච්චෙන වේදනාවෙන්.

"Su-Mi මුන් දෙන්නව එක්ක එනකම් මග බලාගෙන ගෙන ඇත්තෙ. මං.. මං මුන් දෙන්නාව කැමති කරව ගන් නැතුව අඩියක් වත් මෙතනින් හෙලවෙන් නෑ. දේ... මට බෑ ඒ කෙල්ලව තවත් රිද්දන්න."

DIAMOND RINGWhere stories live. Discover now