Epiosde 16

234 43 9
                                    

අමාරුවෙන් ඇරන් හිටපු ඇස් හිමීට පියවිලා ගියේ Ji-Min ගෙ අත උඩම යි. බය වුන පාර කෙල්ලව දෝතට අරන් J-Hope දිව්වෙ කෙලින්ම ගන්ගම් වලට. Ji-Min ව වත්තන් කර ගෙන අනිත් අයත් ආවෙ Nam Joon ව හොයා ගෙන. Shock වුන පාර Ji-Min ට කරන්න ඕනි දේ ගැනවත් හිතා ගන්න බෑ. කොල්ලා හිටියෙ කපා දාපු කෙහෙල් පඳුරක් වගේ.

"අනේ මගෙ Hae..."

Ji-Min ඇඬුවෙ Jin ව බදන්. කොල්ලාගෙ හැම බලාපොරොත්තුවක්ම බිඳිලා ගිහින්. එයාට ඕනි වුනේ කිසිම කරදරයක් වෙන්න නොදී Hae ව ගෙදරට ඇරලවන්න. දුරින් ඉඳන් හරි කෙල්ලට ආදරේ කරන්න. හිරීමක්වත් නැතුව කෙල්ලව පරිස්සම් කරන්න. ඒත් ඒ හැම හීනයක් ම තමන්ගෙම අත් දෙක උඩම ඇස් පියා ගනිද්දි කොල්ලාට කර කියා ගන්න දෙයක් නැති වුනා. කොල්ලා දොස් කිව්වෙ තමන්ටම. කෙල්ල ගැන හොයලා බැලුවෙ නැති එකට. කොල්ලාගෙ දත් පාරට Jin ගෙ උරහිසින් ලේ ගැලුවත් Jin ඒ ගැන නෙවේ කල්පනා කලේ. Tae Jin ට බෙහෙත් දාන්න ගන්න යමු කිව්වත් කොල්ලා ඇඟෙව්වෙ ඒක සුලු දෙයක් කියලා. Ji-Min උරහිස හපා ගෙනම දුක පිට කලා. Ji-Min ම Jin ගෙන් ඈත් වුනාට පස්සෙ Jin Tae එක්ක ගිහින් බෙහෙත් දාන්න ගත්තෙ තුවාලෙට.  පිටට නොපෙනුනනත් දත් පාර ටිකක් ගැඹුරට වැදිලා තිබුනා.

"යකෝ මූ කොටි පැටියෙක් නෙ..."

Tae කිව්වෙ හිනා වෙවී. Jin ගෙ තුවාලෙට බෙහෙත් දාන ගමන්. Jin හිනා වෙලා බැලුවෙ Tae දිහා. Tae සන්සුන්ව බෙහෙත් දානවා. කොල්ලාට කාලෙකට පස්සෙ Tae ගැන අනුකම්පා හිතුනා.

**************************************

Nam Joon කරන්න පුලුවන් හැම දේම කලේ Hae ගෙ හුස්ම පොද රැක ගන්න. එයා එයාගෙ මුලු බලයම වගේ යෙදෙව්වත් Hae හිටියෙ අන්තිම අමාරුවෙ. Ji-Min ඇවිත් කෙල්ලව lip kiss කලේ වටේ පිටේ ගැන වත් නො හිතා.

J-Hope, Ji-Min ව පැත්තකට ඇදලා දැම්මෙ හිතට ආපු සිතුවිල්ලට. ඒ වැරදි දේකටනම් නෙවේ. මේ වෙලේ Hae හිටපු situation එක ගැන හිතලා. මේ ඒ වගේ දේකට සුදුසු වෙලාව නෙවෙයි කියලායි J-Hope හිතුවෙ. අනික වටේ පිටේ Tae ලා හිටපු නිසා J-Hope හිතුවෙ කෙල්ලගෙ පැත්තෙන්. ඒකයි Ji-Min ව පැත්තකට ඇදලා දාන්න try කලේ.

යන්තමට Hae ගෙ ඇස් ඇරිලා ආයෙ පිය වුනේ වේදනාබර මූණෙ යම් සහනයක් ඉතුරු වෙද්දි.

DIAMOND RINGWhere stories live. Discover now