Episode 09

301 54 14
                                    

Hae හිමීට ඔලුව හරවලා බැලුවෙ කවුද කියලා බලා ගන්න. කෙල්ල හැරෙද්දි Ji-Min ඉන්නවා දොරටත් හේත්තු වෙලා. තනි කකුලකුත් දොරට තියන්. කෙල්ල බෙල්ල දික් කරලා බැලුවෙ පිටිපස්ස. 

"මොනා ද බලන්නෙ?"

Ji-Min ඇහුවෙ පිටිපස්ස හැරිලා.

"අනි."

කෙල්ල ටක් ගාලා ඔලුව හෙල්ලුවෙ මුකුත් නෑ කියලා අඟවන්න.

"දැන් කොහෙ යන්න ද හැදුවෙ?"

"ගෙදර"

Eun Sung පැනපු ගමන් කිව්වෙ කිසි ගානක් නැතුව. කෙල්ල relax එකේ හිනා වුනා.

කොල්ලා දෙන්නා දිහාවම බලලා කට කොනකින් නෝන්ඩි හිනාවක් දැම්මා.

"ගෙදර?"

කොල්ලා repeat කලේ දෙන්නා දිහාම බල බල. කොල්ලාගෙ ඇස් Hae ගාව නතර වුනා.

කෙල්ල Eun Sung ට රැව්වෙ මොන මගුලකට මැද්දට පැන්නද හිත හිත. කෙල්ල හිත යටින් හොඳටම දෙහි කපනවා. Ji-Min කතා කලේ තාමත් අර නෝන්ඩි හිනාව කට කොනක තියන්.

"දැන් එතකොට ගෙදර යන පාර එහෙම දන්නවා ද?"

කොල්ලා ඇහුවෙ මහ හයියෙන් හිනා වෙවී.

"අපිව එක්ක ආවා වගේම ගිහිනුත් දාන්න එහෙනම්."

ඒක නම් කිව්වා නෙවේ කෙල්ලට කිය වුනා. Hae ටුක් ගාලා තොල හපා ගත්තෙ කරපු මෝඩකමක් කියලා හිත හිත. කෙල්ල බිම බලා ගෙනම ලී පොළොව හෑරුවා.

"හහ්: ආවා නම් යන එකයි ඇත්තෙ."

Ji-Min කිව්වෙ අහක බලන්. ඒත් එක්කම room එකට බෙල්ල දැම්මෙ JK. JK කෙල්ලො දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවෙ ඔලුවත් හරෝ හරෝ. හරියට නිකන් අමුතු ජාතියෙ සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ. කොල්ලා කෙල්ලො දෙන්නා වටේම රවුමක් ඇවිද්දා.

"Eun Sung"

JK කතා කලේ Eun Sung ගාව නතර වෙලා.

"ඔයාලා දෙන්නා අර table එකේ දි කියපුවා ඇත්තම ද?"

Eun Sung හිමීට ඔලුව වැනුවා.

"ඒ කියන්නෙ ඔයාලා හිටියෙ Busan වල ද?"

කොල්ලා නම් හිටියෙ අන්දමන්ද වෙලා.

"යා... පොඩි එකා..."

DIAMOND RINGWhere stories live. Discover now