Episode 04

403 65 10
                                    

අපි දෙන්නාගෙ කෑ ගැහිල්ලට ද කොහෙද අජුම්මාත් දොරෙන් ඇතුලට ඔලුව දාලා බැලුවෙ හොඳටම බය වෙලා.

මං ටක් ගාලා ඔලුව වැනුවෙ ප්‍රශ්නයක් නෑ කියලා කියන්න. ඒත් එක්කම ආපහු දොර වැහුනා.

"විනාසයි... කොහොම ද මෙහෙම දෙයක් වුනේ??"

Eun Sung ඇහුවෙ ඇස් දෙක ජිල් බෝල size කරන්.

"නෑ නෑ බය වෙන්න එපා. මුකුත් වෙලා නෑ."

මං කිව්වෙ Eun Sung ව control කර ගන්න හිතා ගෙන. මං දන්නවා මං බය වුනොත් කෙල්ලත් හොඳටම බය වෙනවයි කියලා. ඒ නිසා කෙල්ලව control කර ගන්න ඕනි නිසාම මං එහෙම කිව්වා.

කිව්වට මොකෝ... මටත් තාම sure නෑ අපි දෙන්නම 100% ක්ම නිරුපද්‍රිත ද කියලා.

"මතක් වෙන්නකො දෙයියනේ... Plz..."

මං කොච්චර මතක් කලත් මතක් වෙන්නෙ කලින් ටික විතරමයි. මං දහ අතේ කල්පනා කලේ මේ මොන මල යකෙක් ගහලා ද කියලා. මං කල්පනා කලේ alcohol වගේ දෙයක් වත් පෙවුන ද කියලා. ම්හු. කොහොමත් drinks ගන්නෙ නැති නිසා එහෙම දෙයක් වුනා වෙන්නත් බෑ. මං Eun Sungවත් ඇද ගෙනම bathroom එකට ගියා.

"යා... onni... මොකද කරන්නෙ?"

මං බැලුවෙ ඒ ගමන මොන මල යකා ද වැහුනෙ කියලා.

"ෂී... ලැජ්ජ නැද්ද?"

කෙල්ල ඉන්නවා මූණත් රතු කරන්.

"Oh shit."

මං එහෙම්මම හැරිලා එලියට ආවා. ආපු වේගෙට දොරත් වැහුනෙ දඩාස් ගාලා. Ajumma ආපහු ඔලුව දාලා බැලුවා. මං ඔලුව වැනුවෙ අවුලක් නෑ කියලා අඟවන්න.

"පල්ලි වා... මටත් යන්න ඕනි."

මං ආපහු හැරිලා කෑ ගැහුවෙ දොරටත් ගගහා.

"ඔහොම ඉන්න. මං ඉක්මන්ට එන්නම්."

කෙල්ල wash දා ගෙන එනකම් මං ඇඳේ පැත්තකින් ඉඳ ගෙන දහ අතේ කල්පනා කලේ මොනා ද වුනේ කියලා.

"අත හපලා දුවන්න try කලා මතකයි... ඊට පස්සෙ මාව අහු වුනත් මතකයි... එතනින් එහාට මොක ද වුනේ? "

මං අත් දෙකෙන්ම කොණ්ඩෙත් ඇද ගෙන කල්පනා කලේ පිස්සියෙක් වගේ.

"ආ... යන්න..."

මං හිමීට ඔලුව උස්සලා බැලුවෙ සෑහෙන අසරණ හැඟීමකින්. මං බලද්දි Towel එකත් අතේ තියන් කෙල්ල කියෝ කියෝම bath room එකෙන් එලියට එනවා. මාව දැකලා අඩියක් විතර පස්සට විසි වුනේ ඇස් දෙකත් ජිල් බෝල කරන්.

DIAMOND RINGWhere stories live. Discover now