Episode 30 - Final Episode

420 44 41
                                    

"Hobii ප්‍රශ්නයක්"

"........"

Hobii බැලුවෙ හිස් බැල්මකින්. Suga බලන් හිටියෙ Hobii ගෙ දිහා.

Suga hospital එකට ගියේ twinලාව දැක්කයි කියපු එකේ විස්තරයක් හොයා ගන්න. කොල්ලා දැන ගත්ත දෙයින් දෙලොව රත් වුනා. කිඳුරු ලෝකෙ අයව මේ ලෝකෙ දි සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නෙ නැති නිසා ඇතුලට ගිහින් details හොයා ගන්න එක නම් ලොකු අමාරුවක් වුනේ නෑ. ලොකුම ප්‍රශ්නෙ වුනේ කාටවත් නොපෙනෙන්න files ටික බලන එක. මොක ද හදිසියෙ හරි file එකක් දෙකක් පා වෙනවා වගේ කවුරු හරිම කෙනෙක් දැක්කොත් වෙන්නෙ හිතන්නෙවත් නැති ප්‍රශ්න එක පිට එක කඩන් පාත් වෙන එක. අනිත් කාරණේ තමා CCTV. සාමාන්‍ය ඇසට නොපෙනුනත් කැමරා ඇහෙන් පරිස්සම් වෙන්න හැමෝම පරිස්සම් වුනා. මොක ද සාමාන්‍ය ඇහැට නොපෙනෙන සමහර දේවල් කැමරා ඇහැට පේන නිසා. ඒ නිසා හැම කැමරාවක් ම තමන්ගෙ බලය පාවිච්චි කරලා කෙටි කාලයකට ක්‍රියා විරහිත කරන්න Suga කල්පනාකාරී වුනා. මේ එයාලා මේ ලෝකෙට ආපු පලවෙනි පාර නෙවෙයි. ඒ නිසා කරන්න ඕනි මොනවා ද කොහොම ද කරන්නෙ කියන එක කාටවත්ම ඇඟිල්ලෙන් ඇන ඇන කියා දෙන්න උවමනා වුනේ නෑ. Suga හැම දේම හරියටම ගානටම කරලා අදාල informations ටික ගත්තෙ hospital එකේ main files ටික තිබුන folder එකෙන්. හැම detail එකක්ම computerize කරලා තිබුන නිසා වැඩේ තවත් ලේසි වුනා. Suga අදාළ කරන documents ටිකත් අරන් එලියට ආවෙ කාටවත් නොපෙනෙන්න. විශේෂයෙන්ම file එකක් පා වෙනවයි කියන එක කාගෙවත් ඇහැක නොගැටෙන්න. එලියට ඇවිත් documents ටික බලද්දි තමා කොල්ලට දෙලොව රත් වුනේ. Suga ආපහු ගියේ hospital එක ඇතුලට. ඒ මේ දේවල්වල ඇත්ත නැත්ත හොයා ගන්න. මේ තියෙන details confirm කර ගන්න.

**************************************

Hobii ගියේ Hae ගෙ office එකට. අදාළ විස්තර Hae ගෙන් ම අහගෙන ආපු නිසා කොල්ලට office එක හොයා ගන්න එක නම් අමාරු නෑ. හැබැයි එතන දි යි එයා දැන ගත්තෙ Hae ට job එක නැති වෙලා නෑ යි කියලා. ඒ වෙනුවට වෙලා තිබුනෙ වෙනම දෙයක්. Hae ගෙ post එකට temporary කෙනෙක් asign වෙලා තිබුනා. කොල්ලා මේ ගැනත් හිත හිත එලියට ආවේ එහෙම වෙන්න පුලුවන් හේතුවක් හිත හිත. එතකොටම තමා Suga ඇවිත් මග බලන් ඉන්නවා දැක්කෙ. කොල්ලා කල්පනා කර කරම ඒ පැත්තට ඇවිදන් ගියා.

DIAMOND RINGWhere stories live. Discover now