Episode 08

350 59 7
                                    

Tae හිටියෙත් මේ වෙන හැම දෙයක් ගැනම හොඳට ඇහැ ගහ ගෙන. එයා හිත හිත හිටියෙ Min So දීපු update එක ගැන.

"මොනා ගැන වෙන්න ඇද්ද එතන කතා වුනේ? එච්චරටම secret පිට?"

Tae තනියම කල්පනා කලා. කොල්ලගෙ කටත් උල් වෙලා. හිතේ තිබ්බ නොසන්සුන්තාවයටම කොල්ලා Room එකේ එහාට මෙහාට ඇවිදිනවා. ඒත් එක්කමයි Room එකට තව කෙනෙක් බෙල්ල දැම්මෙ. ඒ Suga.

Tae ගෙ හැසිරීම දැකපු Suga, උරහිස්සකටත් අතක් තියලා Tae ගාවට ආවෙ කොල්ලාගෙ මූණට එබිලා. කොල්ලාගෙ ඇස් දෙක දැකපු පාර නම් Suga තේරුම් ගත්තා මොකක් නමුත් ලොකු අවුලක් කියලා. ඒ නිසා වැඩිය කතා කරන්න නොගිහින් Suga නිශ්ශබ්ද වුනා.

ඒත් හිතේ කුතුහලයට අහන් නැතුවත් බෑ. කොල්ලා හිමීට ඇස් වලින් විතරක් මොක ද කියලා ඇහුවා. Tae එයා ගාව තිබුනු පුටුවකුත් ඇදලා අරන් ඉඳ ගත්තෙ වචනයක් වත් කතා නොකර.

Suga ත් ළඟ තිබුන පුටුවක් ඇදලා අරන් නළලත් අකුල ගෙන ඉඳ ගත්තෙ මේ තරම් කල්පනා කරන්න තරම් මොකක් ද වුනේ කියන සැකෙන්.

"අපිට මීට වඩා තව alert එකේ ඉන්න වෙයි වගේ."

Tae කිව්වෙ කොල්ලා දිහා බලා ගෙන.

"Jin එක්ක ඉන්න අර කෙල්ලො දෙන්නගෙ ඇත්ත නැත්ත පුලුවන් ඉක්මන්ටම හොයා ගමු. කොහෙන් ද ආවෙ? මොකට ද ආවෙ? කින්ද මන්ද සේරම..."

Tae කිව්වෙ පුටු ඇන්දට ඇඟිල්ලෙන් තට්ටු කර කර. ලොකුම ලොකු කල්පනාවකුත් එක්ක.

"මං Min So ට කිව්වා ඒ ගැන හොයන්න කියලා."

"Min So ට?"

Suga ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරන්.

"දේ... එයා ඇතුලෙ ඉන්න හින්දා update කරන්න ලේසියි. අපි ඒ වෙනුවට වෙනකෙනෙක් දැම්මොත් වෙලාවෙ හැටියට වැඩේ ගැස්සෙන්න වුනත් පුලුවන්."

"හ්ම්ම්."

Suga කිව්වෙ situation එක තේරුම් අරන්. කොල්ලා නළලත් අත ගගා කල්පනා කලා.

"එක අතකට එහෙම කරපු එකත් හොඳයි. සැකයක් හිතෙන්නෙත් නෑනෙ." කොල්ලා කිව්වෙ හොඳට හිතලා මතලා.

"දැන් එතකොට Min So මොනාම හරි දෙයක් හොයා ගෙන ද?"

Suga ඇහුවෙ ඉඳන් හිටපු පුටුවෙ ඇන්දකට බර වෙලා.

DIAMOND RINGWhere stories live. Discover now