Episode 27

235 36 11
                                    

Ji-Min Hae ගෙ ළඟට ගිහින් අතින් අල්ල ගත්තෙ හැමෝම බලන් ඉද්දි.

"Are you sure?"

Ji-Min කෙල්ලගෙ ඇස් දෙකට එබිලා ඇහුවෙ සැකෙන් වගේ. කොල්ලට ඇත්තටම sure නෑ Hae ඉන්නෙ හොඳින් ද කියලා. ඒකයි කොල්ලා ඇස් අස්සෙන් හිත කියවන්න ගත්තෙ.

"දේ... මං හොඳින්...'

කෙල්ල Ji-Min ගෙ ඇස් දිහා බලා ගෙන හිනා වුනා. කොල්ලා බර හුස්මක් පිට කරලා කෙල්ලව තුරුලට අර ගත්තා. ඒ... හිතේ තිබුනු ලොකු බරක් නිදහස් කරලා.

"Okay guys... Let's go..."

Ji-Min Haeවත් ඇද ගෙන දිව්වෙ Lake එක දිහාවට. කොල්ලා හිටියෙ සෑහෙනම සතුටින්. හරියට නිකන් කුරුල්ලෙක් වගේ. Ji-Min Hae වත් ඇදන් මීදුම කපා ගෙන ඉස්සරහට දිව්වා. අනිත් අයත් ඒ පස්සෙන්ම දිව්වෙ පුදුමාකාර සැහැල්ලුවකින්. හැමෝටම දැනුනෙ කියා ගන්න බැරි නිදහසක්. කාටවත්ම හංගන්න කියලා දැන් කිසි දෙයක් නෑ. හැමෝම දැන් හැම දේම දන්නවා. ඒ නිසා හැමෝම තමන්ගෙ උපරිමයෙන්ම party එක enjoy කලා. කොල්ලො සෙට් එක පොඩි drink එකකුත් ගත්තෙ ගොඩ කාලෙකින් හැමෝම එකට ඉන්න නිසා. ඇත්තම කිව්වොත් හත් දෙනාම එකට ඉඳන් drink එකක් ගන්න පළවෙනි වතාව මේක. කලින් හතම හිටපු හැම වතාවකම Tae, Ji-Min, JK හැලුනා. ඒ.. එයාලාට එතකොට 18ක්වත් නොවුනු නිසා. පොඩි තුන් දෙනා එක්ක drink ගන්න පළවෙනි වතාව මේක. ඒ නිසා හැමෝම හිටියෙ nervous feeling එකක් එක්ක. 

දැන් නම් කොල්ලො දෙන්නට විස්සත් පැනලා. ඒ නිසා මේ පාර හැමෝම එකට ඉඳන් drinks ගන්න එකට Jinනුත් මුකුත් කිව්වෙ නෑ. වෙනදට නම් මුලින් ම බර බරේ දාන්නෙ Jin.

Tae ට නම් ටිකක් පුරුදු වෙලා තිබුනෙ. එයා Suga එක්ක Su-Mi ව මතක් වුනාම පොඩි shot එකක් දාන්න පුරුදු වෙලා හිටියෙ. Suga ත් මුකුත් නොකිව්වෙ Tae කොයි තරම් Su-Mi ට ආදරේ කලා ද කියලා දන්න නිසා. කොල්ලාගෙ හිත හදා ගන්න Suga Tae ට permission දුන්නා. ඒ... තමන් ළඟ ඉන්නවා නම් විතරක් ගන්න. ඒ හැම වෙලාවකම limit control කරන්න suga වග බලා ගත්තා. මොක ද suga වුනත් ඇත්තටම කැමති වුනේ නෑ Tae alcohol වලට addict වෙනවට. පුලුවන් හැම වෙලාවකම drinks නො ගෙන ඉන්න Suga Tae ව පෙළඹෙව්වා. ඒ නිසා Tae ට වුනත් ගොඩක් බොන්න බෑ.

JK ගෙ නම් මේ දෙවෙනි පාර. කලින් එක පාරක් hyun ලා එක්ක ගත්තත් කොල්ලට තාම හුරු නෑ. ඒ නිසා හැමෝටම කලින් වෙරි වුනේ කොල්ලව. Uncontrol කියලා දැනෙද්දි Jin JK ව නැවැත්තුවා. කොල්ලා වෙරි මර ගාතෙම ඉඳ ගත්තෙ ගලක් උඩින්. ගලට හේත්තු වෙලා කොල්ලා අහස දිහා බලන් හිටියා.

DIAMOND RINGWhere stories live. Discover now