Episode 12

248 45 0
                                    

Hae හිටියෙ කෙල්ල මේ ඉන්නෙ කොහෙද කියලා යන්තම්වත් හිතා ගන්න බැරුව.

එතන වතුර වලින් වට වෙලා තිබුනු ටිකක් විතර අඳුරු ලොකු ගුහාවක්. වටෙන් පිටෙන් තව කවුරු හරි ඉන්නවයි කියලා දැනුනත් කවුරුත්ම ඇස් මානෙන් නෑ. කෙල්ල නැගිට්ටෙ හිතට දැනුනු බයත් එක්ක.

"ආහ්..."

පැල අතුරලා තිබුනු සීමාවට එද්දි කෙල්ලව වීසික් වෙලා ගියා. කෙල්ල විසි වෙලා ආපහු වැටුනෙ කලින් හිටපු තැනටම. හරියට නිකන් එක පාරටම current එකක් වැදුනා වගේ. ඔලුවත් එක්ක කරකැවෙන්න ගද්දි කෙල්ල ඔලුව දෙපැත්තට ගසලා ඇස් පිය වෙන්න නොදී තියා ගත්තා. ඇඟට දැනුනු මලානික ගතිය නිසා ම කතා කර ගන්නවත් පණක් නැතුව කෙල්ල වැතිරිලා හිටියෙ සීතල පොළොව උඩ.

"හහ්... පැනලා යන්න ද කල්පනාව?"

දෙදරන්න තරම් හිනාවකුත් එක්ක ඇහුනු රෞද්‍ර කටහඬට කෙල්ල ඔලුව උස්සලා කවු ද කියලා. ඒත් එතන Hae ඇරෙන්න වෙන කවුරුත්ම හිටියෙ නැති නිසා කෙල්ලගෙ හිත බයෙන් ගල් ගැහුනා.

"පැනලා යන්න නම් හීනෙන්වත් හිතන්න එපා. කාලෙ අපරාදෙ."

කෙල්ල ගැස්සිලා උඩ ගියේ ඒ කටහඬ කෙල්ලගෙ කන ගාවින්ම වගේ ඇහුන නිසා.

"ක... කවු ද ඔය?"

බයටම වචනත් පැටලෙනවා.

"හහ්... හහ්... හා..."

මහ සද්දෙන් හිනා වෙවීම කට හඬ කෙල්ල හිටපු තැනින් දුරස් වෙලා ටික ටික බොඳ වෙලා ගියා. එතකොටයි කෙල්ලට ගත්තු හුස්ම ටික පහලට දාන්න මතක් වුනේ.

පපුව නම් එකසිය ගානට ගැහෙනවා. Hae හිටියෙ කකුල් දෙකේ ඉඳන්ම පණ නැතිව. බයටම වැටෙන කඳුලු කම්මුල් දිගේ ඔහේ බේරෙන්න දීලා කෙල්ල අමාරුවෙන් නැගිට්ටෙ කටහඬ බොඳ වුන පැත්තට ගිහින් බලන්න. ඒ පැත්තට වෙන්න දොරටුවක් ඇති යි කියලා කෙල්ලගෙ හිත කිව්වා. කෙල්ල හිමීට ඇවිදන් ගියේ ඒ පැත්තට.

Hae ට මතක ඔක්කොම බොඳ වෙලා ගියා විතරයි. කලින් වගේම Current එකක් වැදිලා මුලු ඇඟම පණ නැතිවෙද්දි කෙල්ල සීතල පොළොවේ ඔලුවත් අල්ල ගෙන දිගා වුනේ කර කියා ගන්න දෙයක් නැතුව...

DIAMOND RINGWhere stories live. Discover now