Episode 03

427 72 4
                                    

"මොක ද මේ Rose ට වෙලා තියෙන්නෙ?"

Girl ඇහුවෙ Eun Sung දිහාට හැරිලා.

රෝස්..? මුන් දෙන්නට අමු කැවිලා ද?

මං හිතට ආවාට කියන්න යන්නෙ නැතුව තනිපංගලමෙ කල්පනා කලා. කෝකටත් සූදානම් ශරීරෙ කියලා හොම්බට දෙකක් අනින්නත් පුලුවන් වෙන විදිහට මං පොඩ්ඩක් හරි බරි ගැහිලා ඉඳ ගත්තෙ නංගි ළඟ නිසා. මං නැතත් කෙල්ලව පරිස්සම් කර ගනින් කියලා මගෙ මොලේ කෑ ගැහුවා.

ඒත් එක්කමයි Eun Sung කෙඳිරි ගාන්න ගත්තෙ.

"Oppa... Rose ට අමාරු පාටයි... අපි ඉක්මන්ට එක්ක යමු."

තඩි රිට දිහාට හැරුන onni කියා ගෙන ගියේ එක හුස්මට. එයාගෙ මූණෙ කලබල පෙනුමක් තිබුනා. මං හිටියෙ කියන අපභ්‍රංශෙ තේරුම් ගන්න බැරුව. ඒත් එක්කම රිට නංගි දිහාට නැමුනා.

"ඒයි... මගෙ නංගිට අතක් වත් තියන් නෑ... ක... කවුද ඔයාලා... මො... මොකට ද ආවෙ?"

වදේ... කටත් වෙව්ලනවා. මං ටිකක් සද්දෙන් ඇහුවෙ Eun Sung ව cover කර ගෙන. ගත්තු ගට හිමීට දිය වෙලා ගියෙ සීතල මොකක් ද එකක් පිට කොන්ද දිගේ උඩට පහලට යද්දි. මං කිසිම වෙනසක් නොදැනෙන්න මූණූ දිහා බලන් හිටියා.

ඇහුවට මොකෝ. බොක්ක නිකන් බොයිලේරුව වගේ... සද්දෙ දැම්මා වගේ නෙවේන. මේ මහ රෑ මං කියලා තනියම මොනා කියලා කරන්න ද? ඒකත් මේ නංගිත් එක්ක.

මං හිතින් හිතන ගමන්ම කෙලින් බලන් හිටියෙ මොන පැත්තෙන් ආවත් දත් දෙක තුනක් බඩට බස්සනවයි කියලා හිතන්. කිසිම reaction එකක් නැතුව විනාඩි කීපයක්මත් ගෙවිලා ගියා.

ඈ යකූ... මුං දෙන්නා බය වුනාවත්ද? ඇස් ගෙඩි දෙකත් නළලෙ තියන් මොනාද මෙච්චර මං දිහා බලන්නෙ? හරියට නිකන් අමුතු සතෙක් දැකලා වගේ?

මගෙ මොලේ දාහක් දේවල් කියෝනවා. මං කල්පනා කලේ වෙන්න යන්නෙ මොකක් ද කියලා හරියට හිතා ගන්න බැරුව. Girl කෙසේ වෙතත් වචන දෙක කියද්දි මේ තඩි රිටා මෙල්ල වෙයි කියලා නම් මං හීනෙන් වත් හිතුවෙ නෑ. කෝකටත් කියලා මං හිටපු angle එකෙන්ම ready පිට හිටියා.

"නූරා... මොනා ද මේ කියවන්නෙ? අපි කවුද අහන්නෙ ඇයි? අනික ඇයි මේ ඔයා මෙහෙම හැසිරෙන්නෙ?"

DIAMOND RINGWhere stories live. Discover now