ටේහෝන්ග් , උදෑසනින්ම අවදි වී සූදානම් වූයේ...... උදේ පාන්දරින්ම තම අභිරහස් ගමන යාම සඳහා පිටත් වීමටය .
ළඟම ඇති බෝට්ටු නවත්වන ස්ථානය වෙත ය ගිය ටේ , එහිදී අඩුම ගානට බෝට්ටුවක් මිලදී ගත්තේ ගමන යාම සඳහා පිටත් වීමටය . ⛵ ⛵
"ගමනට අවශ්‍ය බඩු සේරම ලෑස්ති කරගත්තා."
" බෝට්ටුවේ වැඩෙත් දැන් හරි. හොඳ වෙලාවට colorado වල ඉද්දි මම බෝට්ටු පදින්න පුරුදු වුණේ , නැත්නම් මට මගදී ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ. "
ටේ , තමාටම මෙලෙස පවසන්නට වූයේ සිනාසෙමින්ය.
(උගුර පාදමින්)
" කැප්ටන් කිම් ටේහෝන්ග් !, ගමන යාම සඳහා සූදානම් ද ?."
" ඔව් සර් ! ( salute)
" එසේනම් , අපි ගමන යාම සදහා පිටත් වෙමු."
" ඔහොමම ඉවසලා ඉන්න මගේ lighthouse කුමරියනි!.... ඔබේ සිහින කුමරා පැමිණෙනතුරු."
-------------------------------------------
පැය එකහමාරක් වැනි දීර්ඝ ගමනකින් අනතුරුව taehyun, අවසානයේදී තම ගමනාන්තය කරා ලඟාවිය .
.
.
.
.
.
.
.
.
.
.
ගොඩ ගොඩබිමට වැදි ; ගං ඉවුරේ වූ ශක්තිමත් උණ පඳුරකට මුවා කර ; තම බෝට්ටුව, ඔහු බැද දමන්නට වූයේ ..... කිසිවෙකුටත් එහි බෝට්ටුවක් ඇති බවට දැන ගැනීමට අපහසු වන ලෙසටය.පසුව ඔහු තම කාර්යය අවසන් කර , පිටුපස හැරී බලන්නට වූයේ...... මෙතෙක් වෙලා තමා ඈතින් පමණක් දුටු ; ස්වේත වර්ණය යුත් ප්‍රදීපාගාරය තමයි ඇස් මායිමෙන් දැක ගැනීම පිණිසය. 👀 👀👀
ඔහු ඉදිරියේ තවමත් ජීවමාන ලෙස ප්‍රදීපාගාර රාජයා වැජඹී සිටිය ද , එය මේ වන විටත් වියපත් වී ගොස් ඇති බවට ඔහුට හැඟෙන්නට වූයේ....... පෙර දින රාත්‍රියේ; තමා ගමන යාමට සූදානම් වෙමින් සිටින අතර තුර මැගී විසින් ඔහු හට ලබාදුන් , කාලයකට ඉහත දී ගත්; මෙම ප්‍රදීපාගාරයේ ඡායාරූපයක් සමඟ සසදන විටදීය .
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99