ජේසන්ගේ පරීක්ෂණාගාරයෙන් නික්මුණු ටේහෝන්ග් , ඉන් පිටතට පැමිණි විගස ; ඔහු හට අවට පරිසරය පෙනෙන්නට වූයේ අලුත උපන් බිලිඳකු ප්‍රථම වරට ස්වභාව සෞන්දර්යය අත්දකින පරිද්දෙනි.
දීර්ඝ කාලයක් පුරාවට, ආලෝකය අධික වූ කාමරයකට වී සිටි බැවින් ; ඔහු ගේ ඇස් දැනටමත් නිලංකාර වී ගොස් තිබුණි.😵😵
පාරේ තමා පසු කරමින් යන වාහන හරි හැටි නොපෙනෙන්නට වූ , ඔහුට තම ජීවිතය ගලවා ගන්නට හැකි වූයේ ද, අනූනමයෙනි.
අවට වාහන වල ' පීප්....පීප් ...' හඬත් රියැදුරන්ගේ හා පදිකයින්ගෙ බැනුම් ගෙරවුම් නිසාත් ටේහෝන්ග් , මේ වනවිට පත්ව ඇත්තේ සිටියාටත් වඩා අපහසුතාවයකටය .
පැය විසි හතරක් මුළුල්ලේ..... පෙර දින තමා ඇඳ සිටි නිසාද, ඊයේ පටන් හරි හැටි අහාරයක් නොගත් බැවින් ද, ටේහෝන්ග්ව අවට පුද්ගලයින් හට පෙනී යන්නට වූයේ හාමතේ....... පරඩැලක් මෙන් වැනෙන වීදී යාචකයෙකු ලෙසටය .
කෙසේ නමුත් ඔහු හට දිනක් පුරාවට බඩගින්න සිටින්නට වූයේ නම් .......ඔහුගේම වරදකිනි. ඊට හේතුව ඔහු , මහාචාර්ය වරයා විසින් තමා වෙත ලබාදුන් කෑම සියල්ලක්ම පාහේ ප්‍රතික්ෂේප කිරීමයි.
-------------------------------------------
Taehyng' s pov :-
ඇති යාන්තම් මට අර හිරගෙයින් එළියට එන්න පුළුවන් වුණා.
ඒත් මේ බඩගින්නයි, තෙහෙට්ටු ගතියයි හින්දා මගේ ඇඟට නිකං පණ නෑ..... පණ නෑ...... වගේ .
ඒ විතරක්ද , දවසක්ම නාන්නේ නැතුව හිටපු නිසා මං ළගින් එන මේ ගඳ තමයි ඔක්කොමටම වඩා ඉවසන්න බැරි. 😌😌
මං මේ ඉන්න විදිහට මට පයින් ගෙදර යන්න විදිහකුත් නෑ ... ඒ මදිවට බස් එකේ යන්න විදිහකුත් නෑ.
පොඩ්ඩක් ඉන්න ;
ගෙදර යනවා තියා මං තවම හරියට දන්නෙත් නෑනේ , මං මේ කොහෙද ඉන්නේ කියලවත් කාගෙන් හරි අහන්න විදිහකුත් නෑ...... මොකද මිනිස්සු මං දිහා බල බල යන විදියට නම්..... මට එයාල එක්ක ගිහින් කතා කරන්නත් බයයි.
බලමු ළඟ පාත...... , ඉන්නේ කොහෙද කියලා හොයා ගන්න පුලුවන් විදිහෙ බෝඩ් ලෑල්ලක් වත් පේන්න තියෙනවද කියලා. 👀 👀
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99