නිවසක වසා ඇති දොරක් ඉදිරිපිටට වී මද වේලාවක් රැදී සිටි ටේහෝන්ග් දිගු සුසුමක් පහතට හෙළමින් එහි වූ සීනුව නාද කරන්නට වූවේය .සුළු වේලාවකින් නිවස තුළ සිටි කාන්තාවක් පැමිණ එහි ද්වාරය විවෘත කරන්නට වුයේ ටේහෝන්ග් හට නිවසට පැමිණීමට ආරාධනා කරමින් ය.
" ආන්ටි!... මං ආවේ ආන්ටිටයි, අන්කල්ටයි දෙයක් කියලා යන්න . ඇත්තටම මං
මේක කියන්න තිබුණේ නම්... මීට ඉස්සර.ඒත් ....මට එහෙම කරන්න බැරි වුණා .
ඒකට මට සමාවෙන්න ."
" මං අද ආවේ ආන්ටිලාගෙ හිතේ මෙච්චර දවසක් ජිමින් ගැන තිබුණු වැරදි වැටහීමක් නැති කරලා යන්න ."
" ඇත්තටම මට දැනගන්න ලැබුණා ඔයාලා කාලයක් තිස්සේ ඉදලා මානසික රෝගයකට ජිමින්ට ප්‍රතිකාර කරනවා කියලා ....
ඒවගේම ඒ බව හංගන්න ඔයාලා ජිමින්ව හැමදේකින්ම ඈත් කරලා තිබුණා කියලත් .
ඒත් ....ඇත්තටම ....මේ හැම දේකටම වගකියන්න ඕනේ මම ...."
යැයි පවසමින් ටේහෝන්ග් අවුරුදු ගණනකට පෙර ජිමින් හා තමා අතර සිදුවූ සිදුවීම මෙන්ම තමාගෙ යථා ස්වභාවය පිළිබඳවද ඇයට පාපොච්චාරණය කරන්නට වුවේය .
.
.
.
." මං හිතනවා.... ඔයාලා මට මං අතින් වුණු ඒ වැරැද්දට සමාව දෙයි කියලා ..
ඒ වගේම ජිමිනුත්. ප්ලීස් ! එයාට කියන්න, මං එයාගෙන්.... වෙච්ච හැමදේකටම සමාව ඉල්ලුවයි කියලා ...."
" ඇයි ඉතින් ඒක ඔයාම එයාට ගිහින් කියන්නේ නැත්තේ ටේහෝන්ග් .
යන්න ගිහින් ඒක එයාට කියන්න . එයා උඩ තට්ටුවේ එයාගෙ කාමරයේ ඉන්නේ .
මට විශ්වාසයි එයා ඔයාව තේරුම් අරන් ඔයාට සමාව දෙයි කියලා .
ඔයාට එයාගෙන් සමාව ගන්න පුළුවන් වුණොත් ; මායි අන්කලුත් ඔයාට සමාව දෙන්න ලෑස්ති .
බය වෙන්න එපා ටේහෝන්ග් !, මං දන්නවා මගේ පුතා පේන තරම්ම නපුරු කෙනෙක් නෙමෙයි කියලා . එයා අනිවාර්යයෙන්ම ඔයාට සමාව දෙයි. "
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99