පළමු වාර අවසාන දිනයේදී ටේහෝන්ග් , පාසල හැරී; පාසල් කොරිඩෝව දිගේ තනිව ඇවිද යන්නට වූයේ ප්‍රධාන ගේට්ටුව දෙසට ය.
මේ වන විටත් බොහෝ සිසුන් වේලාසනින්ම නිවෙස් කරා පිටත්ව ගොස් සිටි බැවින්, පාසල් කොරිඩෝව සම්පූර්ණයෙන්ම හුදකලා ස්වරූපයක් ඉසිලූහ .
එනම් ඒ වන විට එහි සිටි එකම මිනිස් ප්‍රාණියා වූයේ ටේහෝන්ග් පමණකි.
එලෙස ටික දුරක්, කොරිඩෝව දිගේ නිසොල්මනේ ගමන් කළ ටේහෝන්ග් හට එකවරම කිසිවකුගේ විලාප හඬ ඇසෙන්නට වූයේය .
නමුත් කීප වරක් ඔහු තම නෙත් වලින් ඒ අවට පරීක්ෂා කර බැලූව ද ඔහුට එහි තමා හැරණු විට වෙනත් කිසිවකුගේ සේයාවක්වත් දක්නට නොලැබී ය.පියවර කිහිපයක් යළි ඉදිරියට පා තැබූ ටේ , නැවතත් මදක් නතර වෙමින් වටපිට බලන්නට වූයේ... පෙර ඇසුණු විලාප නාදය ඉකි ගැසීමක ස්වරූපයෙන් ඔහු හට යළිත් ඇසුණු බැවින්ය .
සැබවින්ම එය කාන්තාවකගේ ඉකි ගැසීමකට හා විලාපයකට සමාන හඬකි.
නමුත් පාසල තුළ කාන්තා නියෝජනය බොහෝ අල්ප වූ බැවින් ඒ හඬ පාසලේ ගුරුවරයකු එයයි ගුැයි ගුරුවරියකගේ යැයි සිතුවද මේ වන විට ගුරුවරුන් සියල්ලම පාහේ පාසලෙන් පිටව ගොස් ඇති නිසා එය ද විය නොහැක්කකි.
කිහිපවරක් මෙලෙස එම හඬට හොඳින් සවන් දී සිටි ටේහෝන්ග් හට එකවරම සිහියට නැගුණේ පෙර දිනක රාත්‍රියේ ද මෙවැනි හඬක් තමා හට ඇසුනු බවය .
සැබවින්ම මෙම හඬද එදින රාත්‍රිය තමා හට ඇසුණු ඒ හඬට බෙහෙවින්ම සමානය.
නමුත් මෙම හඬ කොහි සිට පැමිණෙන්නේ ද යන්න තවමත් ඔහුට අබිරහසකි.
-------------------------------------------
පාසලේ පිටවීමේ ගේට්ටුව වෙත පැමිණි ටේ හට එහි එක් වරම දක්නට ලැබුණේ තමා එනතුරු එතැනට වී බලා සිටින jin හියොන්ග් ඇතුළු තම මිතුරු කැලය.
Jin :- " ආ......ටේහෝන්ග් , මොකද පරක්කු වුනේ?. අපි හතර දෙනා ගොඩක් වෙලා ඉදන් ඔයා එනකම් මෙතනට වෙලා බලං හිටියා ."
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99