"ඉරණම හැමවෙලේම රදා පවතින්නේ අපේ අතෙයි ."
ජින්ගේ මේ වදන් ඇසූ මොහොතේ පටන් ටේහෝන්ග්ගේ මනස පුරා එය රැව් පිළිරැව් දෙන්නට විය.
සැබවින්ම ; ටේහෝන්ග් හට අවශ්‍ය වුවා තම ඉරණම තමන්ට අවැසි පරිදි වෙනස් කර ගැනීමට ,
දෛවය විසින් තමා හට වෙනස්ම විදිහක ජීවිතයක් දී ඇති නමුත් අඩුම තරමින් තමන්ට අවශ්‍ය පරිදිවත් එලැබූ ජීවිතය වෙනස්ම අයුරකින් ගත කිරීමට ටේහෝන්ග් හට අවැසි විය .
එබැවින් ඔහු තම ජීවිතයේ මෙතැන් පටන් , සියල්ලන් හට උදවු කරමින් අන් අය හා විහිලු තහලු කරගනිමින් සුහදව ගත කිරීමට ඉටා ගත්තේය.
ටේහෝන්ග්ගේ සමීපතමයන්ට මෙන්ම ඔහුව දැන සිටි සියල්ලෝටම පාහේ මෙය, ටේහෝන්ග් තුළ ඇති වූ අපූරු වෙනසක් විය .
ඊට හේතුව මීට පෙර ඔවුන් දැන සිටි කිම් ටේහෝන්ග්ට වඩා ; දැන් සිටින කිම් ටේහෝන්ග් බොහෝම සමාජශීලී , ප්‍රසන්න අයෙකු වූ බැවිනි .
මීට පෙර පොඩි දේට පවා සියල්ලන් හටම නුරුස්සන ස්වභාවයක් පෙන්නුම් කළ ඔහු; දැන් සෑම දෙයක්ම සුළු විහිළුවකින් හා ප්‍රසන්න සිනහවකින් කෙළවර කර දමයි.
එසේම කුඩා දරුවන් හා මහළු උදවිය දැන් ටේහෝන්ග්ව සලකන්නට වූයේ ඔවුන්ගේ සිත සුව පිණිස පැමිණි වීරයකු ලෙසට ය . 🦸🦸
චන්ඩි ළමුන් විසින් පාසලේ දී කුඩා දරුවන් හට හතුරුකම් කරන විටදී ...... ටේහෝන්ග් වීරයකු ලෙස ඔවුන් ඉදිරියේ පෙනී සිටිමින් ඔවුන්ට උපකාර කරයි.
එමෙන්ම සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකුට යම් අසාධාරණයක් වුවහොත් , ඔහු අන් සියලුම වැඩ රාජකාරි පසෙකලා ඔවුනට උපකාර වීමට සැදී පැහැදී සිටියි .
මේ සියල්ලටම ඔහු හට අත් වැලක් සැපයූවේ ...... ඔහු පෙර ආත්ම භවයන් ගෙන ආ...... ඔහුගේ අරුම පුදුම හැකියාවන්ය.
සැබවින්ම ටේහෝන්ග් හට දැන් කළ නොහැක්කේ පක්ෂියෙකු විලස පියෑඹීම පමණක්මය.
එමෙන් ටේහෝන්ග්ගේ මාමා වන ජෙෆර්සන් සමගද ඔහු සිදු කළ සන්නිවේදනය කෙටි කාලයකට පමණ නැවතී ගොස් තිබුණි. නමුත් ඒ මේ සිදුවීම සිදුවීමට පෙර අතුවය.
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99