" නැනී ......නැනී ......"
යනුවෙන් කෑගසමින් මුළුතැන්ගෙය කරා දිව ගිය ටේහෝන්ග් පසුව
" නැනී ..... ඔයා අඩනවද?."
යැයි අසමින් මැගීගෙ මුණට එබිකම් කරන්නට වූයේ; ඇයගේ දෑසේ කඳුළු ඇති දැයි සැක හැර දැන ගැනීමටය.
👵: - " අඬන්න මම?."
" ඔයා දන්නවනේ ටේ , මම වයස වුණාට.... මගේ හිත හරි හයියයි කියලා."
" ඒත් ඇයි ඔයා එක පාරටම මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ගැහුවේ ."
🧒 :- " නෑ නැනී ....,මට එක පාරටම කවුදෝ ගැහැණු කෙනෙක් අඩනවා ඇහුණා.
ඒකයි මම හදිසියේම පල්ලෙහාට දුවගෙන ආවේ, ඒ ඔයාද බලන්න."
" මං හිතන්නේ ඒ මගෙ ඔලුවේ මැවිච්ච මනස්ගාතයක් වෙන්න ඇති ."
👵:- " ඒක තමයි මං ඔයාට අනන්තවත් කියන්නේ ඔය හොල්මන් චිත්‍රපටි ඕනවට වඩා බලන්න එපා කියලා."
-------------------------------------------
✴️✴️✴️✴️✴️වෙනදාටත් වඩා වේලාසනින් අවදිවූ taehyng ඉක්මනින්ම ඇද පැළදගනිමින් , තම ගමන් මල්ල ද රැගෙන කෑම කාමරයට යන්නට වූයේ තම උදෑසන ආහාර වේල භුක්ති විඳීම සඳහා ය.
පෙර දින රාත්‍රියේ තිබූ නොඉවසිලිමත් බව නිසා ඔහු හට හරිහැටි නින්දක් නොලැබුනා යැයි කිවහොත් නිවැරදි ය .
Magi :- " අනේ!.... මගේ කොල්ලට දවස් තුනක් විතර යනකම් හරිහැටි කෑමක් වත් ලැබෙයිද දන්නේ නෑ ."
Tae :- "අයියෝ!, නැනී මම මේ භාවනා කරන්න වනගත වෙන්න යනවා නෙමෙයිනේ."
" එහෙදි ළමයි ඔක්කොම එකතුවෙලා උයාගෙන කනවා, අනිත් එක කන්න ඕන තරම් එහෙ ක්ෂණික කෑම වර්ග තියෙනවා.
ඒ නිසා බඩගින්නෙ ඉන්න ඕන වෙන්නේ නැහැ ."
Magi :- " ඒ වුනාට ළමයෝ ඒවා ගෙදර කෑම වගේ රසගුණ නැහැනේ."
" අනිත් තෙක ඔයා හරියට උයන්න වත් දන්නවා කියල ඈ."
" තාම හරියට බිත්තරයක් වත් බැද ගන්න බෑ."
මෙලෙස මැගී මැසිවිලි නගද්දී ටේහෝන්ග් කුඩා දරුවකු මෙන් තම තොල් පෙරලීය.
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99