ටේහෝන්ග් හුරුපුරුදු ළමයා සමග කතා බහෙහි යෙදෙමින් සිටින අතරතුර දී කිසිවකු ඔහු පිටුපසින් සිට "ඇල්ෆා" යනුවෙන් යමෙකුට ආමන්ත්‍රණය කරන හඬක් ඔහුට ඇසෙන්නට විය."Alpha" යනු තමාගේ නම නොවූවත් එනම ඇසූ පමණින් ටේ පිටුපස හැරී බලන්නට වූයේ එම කටහඬ තමාහට ආමන්ත්‍රණය කළාක් මෙන් ඔහුට දැනෙන්නට වූ නිසාවෙනි.
-------------------------------------------Taehyng' pov:-
" ඉතින් kim , අපි දෙන්නම එකම පන්තියේ ඉගෙන ගන්නේ,"
ඒක තමයි මං අහපු ප්‍රශ්නයට හුරුපුරුදු ළමයා දුන්න පිළිතුරු උනේ .හැබැයි ඒක නෙමෙයි මම එයාගෙන් බලාපොරොත්තු වුණු උත්තරේ.
මට දැනගන්න ඕන වුණේ Stanton උසස් පාසලට එන්න කලින් ඉඳලම එයා මාව දැනගෙන හිටියද කියලා, ඒත් එයා බොහොම ලේසියෙන් ඒ ප්‍රශ්නයට අර විදියට උත්තරයක් දීලා එතනින් පැනලා යන්න හැදුවේ හරියට කාලයක් තිස්සේ එයා මාව මග හරින්න උත්සාහ කළා වගේ.
ඔව් ,සමහර විට මං එයාව මීට කලින් කොහෙදි හරි එකපාරක් දෙපාරක් දැකලා ඇති ඒත් එයාගේ සැක සහිත හැසිරීම මට ඊට වඩා දෙයක් පෙන්නුම් කළා,
ඒ නිසා තමයි හැම වෙලාවෙම මං එයාව දකිනකොට මගේ ඔළුවට ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නේ .❓❓ඒත් මට එයාගෙන් තවත් මොනවද විස්තරාත්මකව දැනගන්න බැරි වුණා .
මොකද කවුරුහරි මට කතා කළා වගේ මට දැනුණ නිසා .
ඒ කටහඬ කිව්වේ වෙන කෙනෙක් ගේ නමක් වුනත් ; මගේ යටි සිත මට කිව්වෙම ඒ කටහඬ කතා කළේ මට කියලමයි .
ඒකයි මං ඒ කවුද කියල බලන්න පිටුපස හැරිලා බැලුවේ.
එතකොට තමයි professor jefferson ,ලොකු හදිස්සියකින් වගේ මං ළඟට දුවගෙන ආවේ .ඒ වගේම සර් දිහා මං බලන් හිටපු ටික වෙලාවට අභිරහස් ළමයා හිටපු තැනින් අතුරුදහන්.🤔🤔
-------------------------------------------professor:- ආ. ..' alpha' මං මේ ඔයාව තමයි හොය හොය හිටියේ.
Tae :- " සර් මේ දැන් මගේ නම මොකක් කියලද කිව්වේ ?.ඇල්ෆා... ??
Tae :- " ඒත් සර් ,මගෙ ටේහෝන්ග් ,කිම් ටේහොන් නැතුව ඇල්ෆා නෙමෙයි ."
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99