"ටක්.......ටක් ......ටක් ...."
කන ගාවින් ඇසුරු අඩි ශබ්දයත් සමගින් ටේහෝන්ග් , තම හිස හරවා බලන්නනට වූයේ ඒ..... අඩි ශබ්දයේ හිමිකරුවා කවුරුන්ද යන වග දැන ගැනීමටය.
එකවරම අඩි ශබ්දය හිමි පුද්ගලයා කෙමෙන් කෙමෙන් ටේ , වෙත ළං වන්නන්ට වූයේ ඔහුගේ ඡායාව හොඳ හැටි දිස් වී යන පරිද්දෙනි.
ස්ටැන්ටන් නිල ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයා වෙන කිසිවෙකුවත්, නොව තම පන්තියෙහිම සිසුවකු වන හුරුපුරුදු ළමයාම වන වගට ටේහෝන්ග් හට හඳුනා ගැනීමට එතරම් වේලාවක් නොගියේය.
Tae:- " ඔ.....ඔයා..... ඔයාද එතකොට......."
යනුවෙන් ටේහෝන්ග් විමසනවාත් සමගම එම සිසුවා ටේ වෙත අද්භූත අයුරින් මද සිනහවකින් සංග්‍රහ කරන්නට විය.
Familiar boy :- " කොහොමද ටේහෝන්ග් !, ඔයා .... නියම වෙලාවට ,නියම තැනටම ආවා එහෙනම්."
Tae :- " මං දැන් ......ඔයා කියපු තැනටම ආවා නේ , කෝ එහෙනම් මගේ මාලේ මෙහාට දෙන්න."
යනුවෙන් ටේහෝන්ග් ඔහුගෙන් තම මාලය පිළිබඳ විමසන්නට වූයේ තම එක් අතක් ඔහුවෙත
දක්වාලමින්ය.Familiar boy :- " හෝව් !....හෝව් !...... කිම් ටේහෝන්ග් , පුදුම හදිසියක් නේ ඔයාට තියෙන්නේ ."
"ඔයා හිතන්නෙ ........මං ඔයාට මෙතනට එන්න කිව්වේ මේ මාලේ දෙන්න විතරමයි කියල ද ?."
"ඇත්තටම බැලුවොත් මේ මාලේ ....... මං ඔයාව මෙතැනට ගෙන්න ගන්න පාවිච්චි කරපු පොඩි උප්පරවැට්ටියක් විතරයි."
Tae :- " තමුන්........ තමුන් මේ මොනව දොඩවනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ."
" මං දන්න තරමින් නම් මං තමුන්ට.... කිසිම වරදක් කරලා නෑ."
Familiar boy :- " වරදක් කරලා නෑ , හ්හ...වරදක් කරල නෑ..... තමුන්ට හොඳටම විශ්වාස ද? , තමුන් මට කිසිම වරදක් කරලා නෑ කියලා."
ටේහෝන්ග් පැවසූ වාක්‍ය මෙලෙස යළි යළිත් පවසමින් හුරුපුරුදු ළමයා සිනාසෙන්නට වූයේ සමච්චල් අයුරෙනි .
Familiar boy :- " kim taehyng, තමුන්ට මතකද , දවසක් ඇහුවා ,මං තමුන්ව අදුරනවද කියලා .මතකද ඒ දවස ?."
YOU ARE READING
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99