"ජිමින් ! ලෑස්ති වෙන්න එයාලා ඇවිත් "
ටේහෝන්ග් තමා අසලින් වාඩි වී සිටින ජිමින් හට තට්ටු කරමින් පැවසූ නමුත්, ඊට ...පක් ජිමින්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ හෙයින් ඔහු ජිමින් දෙස බලන්නට වූයේ.... ජිමින් හට එකවරම කුමක් සිදුවුනි දැයි දැන්ගැනීමට ය.
පසුව ටේහෝන්ග් හට සිදු වී ඇති සියල්ල වැටහී යන්නට වූයේ තවමත් ඉතිරිව පවතින ජිමින්ගේ H2O
ද්‍රාවණය දුටු පසුවය ." දෙවියනේ ජිමින්... මොකක්ද මනුස්සයෝ මේ කරගත්තේ ...
යනුවෙන් ඔහු තම වාක්‍ය සම්පුර්ණ කිරීමටත් ප්‍රථමයෙන්; ඇස් නිලංකාර කරවන, සුදු ආලෝකයක් පැමිණ ඔවුන් දෙදෙනාව උඩු ගුවනට රැගෙන යන්නට වූයේ .... ශරීරය අහිමි නිදහස් ආත්ම දෙකක් අහස් කුසට ඇද ගන්නා පරිද්දෙනි .
-----------------------------------------------
සිහි මුර්ජා වූ අයෙකු පරිද්දෙන් ලෝහමය සයනයක් මත වැතිර සිටි ටේහෝන්ග්, හිමින් සීරූවේ තම වසා සිටි දෙනෙත් විවර කර බලන්නට වූයේ තමා සිටි කාමරය එකවරම නිසල වීම හේතුවෙනි .
දෙනෙත් පහසුවෙන් විවර කළත් ටේහෝන්ග් හට වැතිර සිටි සයනයෙන් බැස යාමට නොහැකි වූයේ යදම් වලින් ඔහුගේ අත් පා ගැටගසා තිබූ බැවිනි.
සිහි මුර්ජා අයෙකු ලෙස රගපෑවත් සැබවින්ම තම සිහිය කිසිදු වෙනසක් නොමැතිව තිබුනු බැවින් , වාසනාවකට මෙන් යදම් වලින් නිදහස් වීමේ මුර පදය ඔහුට දැනගැනීමට හැකි විය .
එබැවින් ඔහු තම මනසින් ...
' ස්බෝල්කාරේ'
යනුවෙන් පැවසූ විගසම ටේහෝන්ග්ගේ ප්‍රයත්නය සඵල කරමින් අත් පා බැද තිබු යදම් ඉබේම පාහේ ලිහිල් වන්නට විය .
මද වේලාවක් යදමින් බැද විලංගු දා තිබූ නිසා ඔහුගේ රන් පැහැ සම මදක් රත් පැහැ ගැන්වී තිබූණි .
එමෙන්ම එහි වූ වේදනාවෙන්ම ටේහෝන්ග් තම අත් සෙමෙන් පිරිමදිමින් සයනයෙන් බැස්සේ ය.
තමා සිටි කාමරය ඇතුළත සුපරීක්ෂාකාරීව බැලු ටේහෝන්ග් හට එහි දැක ගත හැකි වූයේ එහි තමා මෙන්ම යදම් බැද තබා සිටින තවත් මිනිසුන් කිහිප දෙනෙකුව ය.
CZYTASZ
ALPHA 🛸🛸🛸 ( Completed )
Science FictionThe reincarnation of Alpha 🛸🛸 "මම මෝහන විද්‍යාඥයෙක් .මට පුළුවන් ඔයාට උදව් කරන්න ." "මෝහන විද්‍යාඥයෙක් කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ ?......." Story by Netha99