ජේජු දූපතේ Hallasan වල විශාල වැම්පයර් රාජධානියක් තිබුණා.. මේම වැම්පයර් රාජධානියේ බලය හිමි වෙලා තිබුණේ කිම් වැම්පයර් පරම්පරාවට..එකළ වැම්පයර් රාජධානියේ කිරුල හිමි වෙලා හිටිය කිම් වෝ එවුන් රජුටයි.. කිම් වෝ එවුන් රජු රාජධානිය ඉතා හොඳින් පාලනය කලා..ඒ වගේම එම රජු විවාහා උනේ මනුෂ්‍ය දුවක් උන කිම් යේරි සමග..රාජ්‍යයේ ජනතාව මෙන්ම ආරක්ෂකයෝද සමහර සහයක පාලකවරුන්ද මේ විවාහයට අකමැති උනා.. ඒත් තම ආදරය අතහැරීමට අකමැති වූ එවුන් වූ රජු ඇයව විවාහ කරගත්තා.. රජුගේ මෙම හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් සමහර සහයක පාලකවරු පවා රජු සමග විරසක විය..
කිම් වෝ එවුන් රජු හා කිම් යේරි රැජිණියගේ විවාහයෙන් කලකට පසු පුතුන් 03ක් ජන්මය ලැබුවා.. ඔවුන් නමින්,
01.Kim Seokjin
02.Kim Namjoon
03.Kim Tae-Hyung
කලක් යන තුරු ගොඩාක් ශක්තිමත්ව වගේම ආරක්ෂිතව තිබූ වැම්පයර් රාජධානිය හා පවුල ඔවුන්ගේම වැම්පයර වරුන්ගේ කුමන්ත්‍රණ නිසා ආගාධයට වැටෙමින් තිබුණා. රජතුමා මනුෂ්‍ය දුවක් සමග විවාහා වීම හේතුවෙන් රාජ්‍යයේ ආරක්ෂාවට සිටි Black Vampire වරු හදිසි ආක්‍රමණයක් සිදු කලා.. ඉන් කිම් එවුන් වූ රජුටත් කිම් යේරි රැජිණියටත් මරණය වැලඳගැනීමට මෙන්ම රාජ්‍යයේ වැම්පයර් කුමාරවරුන්ට හා රජුට පාක්ෂික කුමාරවරුන්ට රාජ්‍යයෙන් පලා යාමටත් සිදු වුණා..මෙයින් පසු Hallasan වැම්පයර් රාජධානියේ පාලනය Black Vampire වරු යටතට පත් වුණා.. පලාගිය කුමාරවරු තිදෙනාට හා අනෙකුත් වැම්පයර්වරුන්ට කොරියාවේ සෝල් ,බුසාන් වැනි ප්‍රදේශ වල තම ඇත්ත ස්වරූපය මිනිසුන්ගෙන් වසන් කරමින් ජීවිත් වීමට සිදු වුණා..
තම මවට පණ සේ ආදරය කල කිම් Tae-hyung ඇගේ මරණය තම සියැසින් දැක ගැනීමට සිදු වූ හෙයින් බොහෝ කම්පාවට පත්ව සිටි ඔහු පලිගැනීමේ අභිප්‍රායෙන් ජීවත් වුණා.. කුඩා කල සිටම තම සහෝදරයින් සමග ජීවත් වූ Tae-hyung කාලයත් සමග ක්රමක්ක්රමයෙන් මිනිසුන් සමග වාසයට හුරු උනා.. මිනිස් වාසයට හුරු උන ඔවුන් අධ්‍යාපනය සඳහා පාසලකට ඇතුලත් වනවා.. එහිදී හමුවන මිතුරියක් සමග බොහෝසෙයින් සුහද වූ Tae-Hyung ට කලක් යන විට ඇයවත් අහිමි වී යනවා...
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අද ටිකයි ඉතින්..😁😁 අතීතේ ගැන ලොකු හැඳින්වීමක් ඕන නෑනේ.. මේක මන් ලියාගෙන යන කතාවක් තාම ලියනවා..😅😅ඒ උනාට මේක ඉක්මනට Publish කරන්න හිතුනා.. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් කියන්න.. මට ඔයාලගේ කැමැත්තට අනුව මේක ටිකක් වෙනස් කරන්න පුලුවන්..😁😁
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫