Blood🩸Chapter 14♥️

270 43 4
                                    

කෑම ඕර්ඩර් කරලා ගෙන්නගත්ත අපි ඉක්මනට කෑවේ ඉස්සරහට කරන්න තියෙන දේ ගැන කතා කරන්න ඕනේ නිසා...

ජන්ග්කුකා අපේ හ්‍යුන්ග් කියන විදිහට අර මොකක්ද එකේ බලය මන් පවර ගන්න ඕනෙලු.. ඒකට නම් දැනට ඒ රාජදානියද මොකක්ද කියන එකේ ඉන්න උන්ව එලවන්න ඕනේ... ඒත් ඔය කියන නිසි දෙයක් මට විශ්වාස නෑ බන්.. මන් වැම්පයර් කෙනෙක් නම් මේ වෙද්දි මගේ මොකක්ම හරි පරිවර්තනයක් මට දැනෙන්න එපැයි...😒

Jimin- මේ ටේයෝ උබට ඒක වැඩක් නෑනේ.. හ්‍යුන්ග් කියන විදිහට කරන්න.. උබ බක පණ්ඩිත වෙන්න යන නිසා තමා මේ හැමදේම..

Jungkook- ඒක තමා බන් මාත් කියන්නේ.. ජිමිනා කියන කතාව ඇත්ත..

අපි ඒක ගැන කතා කර කර ඉද්දි හ්‍යුන්ග්ලා ඔක්කොම ගෙදරට ආවා..

Yoongi- ආ කොල්ලා ඒ පාර මොකක්ද අතට කරගත්තේ..

ඒක එච්චර ලොකු දෙයක් නෙවේ හ්‍යුන්ග් පොඩ්ඩක් කැපිලා...

Yoongi- කෝ බලන්න... යුන්ගි හ්‍යුන්ග් එහෙම කියලා මගේ තුවාලේ තිබ්බ අත තද කරලා අනිත් පැත්තට ඇල්ලුවා..

ආ.....ආ....ආව්ව්...ආව්ව්.. හ්‍යුන්ග්..😣

Yoongi- හරි පොඩි තුවාලේ.. මන් දැක්කා ජූන්ගේ ඔෆිස් රූම් එකේ ටේබල් එකට වෙලා තියෙන දේ..

Jin- මේ ඒක වැඩක් නෑ යුන්ගි දැන් මෙයාට ඇත්තම විස්තරේ කියනවාලා... නැත්තම් මේකා කීයටවත් අපි කියන දේ අහන් නෑ..

එහෙම කියපු හ්‍යුන්ග්ලා ඔක්කොම අපි හිටිය තැනින් වාඩි වෙලා අපිට ලොකු විස්තරයක් කියන්න පටන් ගත්තා..

මේ සිද්දිය වෙද්දි ඔයා හුඟක් පුංචියී.. වයස අවුරුදු 5ක් වගේ ඇති.. ඒත් ඔයාට දැන් ඒ ගොඩක් දේවල් අමතක වෙලා.. ඔයා අපි කියන දේ ගනන් ගන්නෙම නැති තැනට පත් වෙලා.. ඒක නිසයි අපි ඔයාට ආයෙමත් ඇත්තම කියනවා කියලා අද මෙතනට ආවේ..

ඔයාට මතක නැතුව ඇති අපේ තාත්තා Hallasan Vampire Kingdom එකේ හිටිය රජතුමා...; එයා මැරි කරේ මනුස්ස කාන්තාවක්ව ඒ කියන්නේ අපේ අම්මව...
අපේ පවුල ගොඩක් කල් යනකන් හරිම සතුටින් ජීවත් උනේ... අපේ අම්මයි තාත්තයි මැරි කරලා අවුරුද්දක් වගේ වෙද්දි තමා ජින් හ්‍යුන්ග්ව එයාලට ලැබිලා තියෙන්නේ.. ඊට පස්සේ තව ටික කාලයක් යද්දි මාවත් එයාලට හම්බෙලා.. ඒත් පොඩි ප්‍රශ්නයක් එක්ක.. අපි දෙන්නම අර්ධ වැම්පයර්ලා.. අපි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අපේ රාජධානිය භාර ගන්න බෑ.. ඉතින් ටිකක් කල් යද්දි මුලු රාජධානියෙම තිබුණ කරදර ටිකක් අඩු කරලා සම්පුර්ණ වැම්පයර් කෙනෙක් උන ඔයාව හම්බෙලා තියෙන්නේ එතකොට ජින් හ්‍යුන්ට වයස අවුරුදු 7ක් විතර මටත් අවුරුදු 5ක් විතර ඇති..

අපේ අබොජි අම්මව මැරි කරපු නිසා රාජධානියේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.. ඒත් අබොජි ඒවා පරිස්සමට විසඳලා..මට මතකයි සමහර වෙලාවට අබොජි ඇවිල්ලා ඔහේ බලාගෙන කල්පනා කරනවා... ඔම්මා ඇයි ඇහුවම පොඩි ප්‍රශ්න වගයක් ඒවා ඉක්මනට විසඳෙයි කියනවා..

ඒත් ඔම්මට එක එක්කෙනා කියපු දේවල් වලින් ඔම්මා නිසායි රාජධානියේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා එයා දැනගෙන තිබ්බා.. ඒ දේවල් දැනගත්තට පස්සේ ඔම්මා මටයි ජින් හ්‍යුන්ග්ටයි දෙන්නටම කතා කරලා කිව්වා මෙහෙ හරියට ප්‍රශ්න ඇති වෙලා දැන් ඒක නිසා කරදරයක් කියලා දැනුනොත් ඔම්මයි අබොජි ගැන හිතන් නැතුව මල්ලිලා දෙන්නව අරන් පැනලා ගිහින් පරිස්සමින් බලාගන්න කියලා...

එතකොට අපි දන් නෑ මෙච්චර ප්‍රශ්න එහේ තිබුණා කියලා..

ජුනී හ්‍යුන්ග් ටිකකට කතාව නතර කරලා වතුර වීදුරවක් එක හුස්මට බීලා දැම්මා..

ඒ කාලේ අපේ රාජ්‍යයේ ආරක්ෂාවට Black vampire ලා කියලා ටික දෙනෙක් පත් කරලා තිබුණා.. ඒ රාජ්‍යයේ හිටිය හොඳම දක්ෂම වැම්පයර්ලා.. අපිට කරදරයක් කියලා දැනුන ගමන් එයාලා තමා මුලින්ම ක්‍රියාත්මක උනේ..
ගොඩක් කල් යනකන් අබොජිත් එක්ක එකතු වෙලා හිටිය එයාලා අර මෝඩ මැති ඇමතිවරුන්ගේ කීමට අබොජිට විරිද්ධ වෙලා දවසක් රෑක මුලු රාජ්‍යම ආක්‍රමණය කලා..

ඒ ආක්‍රමණයේදි අබොජි ඔම්මයි දෙන්නම අපිව අතෑරලා දාලා යන්න ගියා...
ඔම්මා අපිව දාලා යන විදිහ ඔයා ඇස් දෙකෙන්ම දැකලා තිබුණා.. ඒත් දැන් ඔයාට ඒවා මතක නෑ ටේයෝ....

_________________________________

🖤Min Thisu

BLOOD🩸🚫 ||KTH||Where stories live. Discover now