මම යේහ්වා..😁මට වයස අවුරුදු 24යි.. මන් Doctor කෙනෙක්.. දැනට නම් අපේ තාත්තාගේ Hospital එකේ තමා වැඩ කරන්නේ.. මන් ඩොක්ටර් කෙනෙක් වෙන එක මගේ හීනයක් නම් නෙවේ.. මේක මගේ අම්මෛගෙයි තාත්තිගෙයි හීනයක්.. මට තිබ්බේ වෙනමම හීනයක් ඒත් ඒ හීනේ මගේ දෙමව්පියන්ගේ හීනේ වෙනුවෙන් මට අතාරින්න සිද්ද උනා..😕
මන් ගැන කිව්වොත් ඉතින්.. කියන්න වචන නෑ සීදේවි කෙල්ල..😅😅අපෝ නෑ.. මන් ඉතින් කට හොඳටම වැඩි නසරාණි වැඩ කරන කොටින්ම කිව්වොත් කොල්ලෙක් වගේ හැසිරෙන කිසි දෙයක් Care නොකරන කෙල්ලෙක්.😁😁මගේ ජීවිතේ ගොඩාක් දේවල් උනේ මට ඕනේ විදිහට නෙවේ.. පොඩි කාලෙ ඉඳන් මන් ආස දේවල් මට නැති උනා.. ආස දේවල් කිව්වට ඉතින් එක දෙයයි..😁😁
මන් ඉගෙනගත්තේ ලන්ඩන් වල.. නෑ මට ඉගෙන ගන්න උනේ ලන්ඩන් වල..😒😒
අවුරුදු 11 මන් Study කලේ කොරියාවේ School එකක..ඒත් මොකක්දෝ හේතුවක් නිසා අපේ අම්මී තාත්තී මාවත් ඇදගෙන ලන්ඩන් ගියා.. මගේ දැඩි අකමැත්ත මත😒😒
මන් දන්න තරමින් ඒක එයාලා කලේ මාව මගේ Besta ගෙන් කඩන්න.. (Besta කිව්වට වෙන මුකුත් තිබ්බද කියලා මතක නෑ..😁😁)ඇත්තටම ඒකට හේතුවක් නම් දන්නේ නෑ.. හේතුවක් දැන ගන්න ඕනේ උනත් කවුරුත් මට කිව්වේ නෑ..
ම්ම්ම්ම්ම් ටිකක් විතර උන දේ මට මතකේ තිබ්බා.. ඒත් ගොඩාක් නෙවේ..ඒක මතක් කරන්න යන එකෙන් උනේ මට ඔලුවේ අමාරුව හැදෙන එක ඉතින් මන් ඒක මතක් කරන්න උත්සහ කරපු එකත් නැවැත්තුවා..😒😒
(Past: දවසක් මායි මගේ බෙස්ටයි සෙල්ලම් කර කර හිටියා.. බෙස්ටා වෙනදා වගේ නෙවේ මොකකටහරී ලොකු තරහකින් හිටියේ මන් හිතන්නේ අපිට අවුරුදු 10ක් 11ක් විතර ඇති.. මන් එයත් එක්ක එදා රණ්ඩු උනා.. මන් තරහා වෙලා හිටපු තැනින් එලියට එන්න හැරෙද්දිම මගේ බෙල්ල කවුරුහරි තදින් අල්ල ගත්තා.. ඊටපස්සේ නිකන් බෙල්ල මොකකට හරි හිල් උනා වගේ දැනෙනවත් එක්කම මගේ ඇඟ පණ නැති වෙලා ඔක්කොම නිලන්කාර වෙලා ගියා..😑😑 ඊට පස්සේ මට සිහිය එද්දි හිටියේ තාත්තිගේ Hospital එකේ.. එතන Tea-Hyung ගේ අයියලා දෙන්නා හිටියා.. ටේයෝ මාව බලන්න ඇවිත් තිබුණේ නෑ.. 😒😒
දවස් දෙකකට පස්සේ Discharge වෙලා ගෙදර ගිය ගමන් අම්මී තාත්තී මාවත් ඇදගෙන ලන්ඩන් යන්න ලැස්ති උනා... 😓මන් ජීවිතේ වැඩියෙන්ම දුක් උන දවස තමයි එදා.. ඔව් ඒ මගේ එකම හොඳම යාලුවව දාලා මට යන්න වෙන හින්දා..😥😥 ඒත් මන් දෙයක් දැන ගත්තා එයා මට වඩා දුක් වෙන්න ඇති.. මොකද මට අම්මී තාත්ති හිටියට එයාට හිටියේ එයාගේ හ්‍යුන්ග්ලා දෙන්නා විතරයි..මන් එයාගේ ගොඩාක් හොඳ යාලුවෙක් උනා වගේම එයාගේ හැම දේම මාත් එක්ක බෙදාගත්තේ..😓මන් අඩුම ගානේ මාව බලන්නවත් මගේ බෙස්‍ටා එයි කියලා බලාපොරොත්තුවෙන් airport එකේ ඉද්දි එයා ආවා.. ඔව් එයා ආවේ මාව නවත්තගන්න නෙවේ.. එයා ඇවිත් මාව හග් කරලා දෙයක් කිව්වා..
Tae-"මන් ඔයාව කොහොම හරි හොයාගන්නවා.."
ඔව් ඒ එයා කියපු අන්තිම වචන ටික..දැන් අවුරුදු 13ක් විතර උනා හැබැයි තාම නම් ඒකට මාව හොයාගන්න බැරි උනා..සමහරවිට දැන් නම් ඒකට Girlfriend කෙනෙක් ඇති නැත්තම් Marry කරලා බබාලත් ඇති...😂😂
ඒ මොනා උනත් මට කමක් නෑ මට එකපාරක් ඕකාව බලාගන්න තිබ්බ නම් ඇති..මොකද මට එදා උන දේ දැනගන්න ඕනේ..ආ තව දෙයක් අපේ තාත්තා මාව හරියට පරිස්සම් කරනවා.. මොනාගෙන්ද මොකාගෙන්ද කියලා නම් තාමත් මන් දන්නෙත් නෑ..එයා Supernatural Films බලලා වැඩි වෙලාද කොහෙද එයා වැම්පයර්ලා ගැන විශ්වාස කරනවා..😂😂ඉතින් ඒ නිසා එයාලා ගොඩාක් අකමැති උනා කොරියාවට එන්න.. ඒත් මගේ බල කිරීමටයි එයාලාව දාලා මන් තනියෙන් මෙහේ එයි කියලා බයටයි එයාලට මාත් එක්ක එන්න උනා..😁😁
අපි කොරියාවට ඇවිත් තාත්තිගේ Hospital එකේ වැඩ ආයේ පටන් ගත්තා..අපි කොහොමත් එහේ ඉඳන් මෙහේ වැඩ Handle කලා..ඒත් දැන් අපි මෙහේ වැඩ ඔක්කොම වෙනස් කලා.. ගොඩාක් වැඩ කරන්නේ දැන් මට ඕනේ විදිහට තාත්තී ගොඩාක් දුරට දන් rest එකේ ඉන්නේ...ම්ම්ම් තව මට මෙහේ ආවට පස්සේ පිස්සෝ දෙන්නෙක් හම්බුනා..😁
පිස්සෝ කියන්නේ ආයේ ඉතින් කෙස් ගහේ ඉඳන්ම පිස්සු.. උන් දෙන්නා තමා දැන් මගේ සහෝදරියෝ දෙන්නෙක් වගේ ඉන්නේ..💙Yoona-මෝඩියේ වරෙන්කෝ.. අද කන්නේ නැද්ද... බඩගිනී අපිට😒😒
අම්මෝ ඔය එන්නේ එකෙක් කියනකොටම...😜😜
මේ එනෝ...යමන්...😁
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
💙Yoona
🧡Yeshuඔයාලගේ අදහස් කියන්න..😁😁
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫