₁₈⍣, II

248 83 40
                                    

⍣Chapter 18⍣
Part II

Your Name's View

"මොකද හැමෝම මෙහෙට ඇවිල්ලා? ථේහ්‍යොනාගේ වෙඩින් එක ලගදිම ගන්න ද යන්නේ කට්ටිය?"

ගෙදරට අඩිය තියද්දීම නම්ජුන් ඇහුවේ එයාගේ හිනාව එක්කමයි. ඒ ඩිම්පල් එක හිනාවෙද්දී තවමත් එයාගේ කම්මුලේ තිබ්බේ හරිම ලස්සනට. එයා ලග හිටියේ එයා වගේම ලස්සන හිනාවකින් මූණ පුරවගත්ත, තරමක තදපාට හමක් තිබ්බ ගෑණු ලමයෙක්. එයා තමයි ජුලි. මම මට ෆෝන් එක ලැබුණට පස්සේ හොයලා බැලුවා කට්ටිය ගැන පුලුවන් විදිහට. ඒත් අපි හැමෝගෙම වගේ පැහැදිලි පින්තූර මීඩියා එකට ලැබිලා තිබුණේ නැහැ.

විශේෂයෙන්ම මගේ!

මගේ තිබ්බේම මූණ පේන්නේ නැති විදිහේ පින්තූර. එදා අයිස්ලන්ඩ් වලදී කට්ටිය ගහපු ෆොටෝස්වල වුණත් මගේ මූණ පේන්න තිබ්බේ නැහැ. මම හිතන්නේ අපේ බොඩිගාඩ්ස්ලා ඒවා අයින් කරලා තියෙන්නේ. මම දන්නේ නැහැ. කොහොමත් ජින් තාමත් ඒජන්සිය එක්ක ඉන්න නිසා, ඒජන්සියෙන් එහෙම කලා වෙන්නත් පුලුවන්.

ඒවා මම දන්නේ නැහැ. ඒත් ජුලිගේ ෆොටෝස් නම් කාටවත් රහසක් වුණේ නැහැ. මොකද කිව්වොත් එයා යුනිසෙෆ්වල ආසියාවේ තානාධිපතිගේ වයිෆ් නේ! නේ.., මගේ නම්ජුනි දැන් යුනිසෙෆ් එකේ ආසියාවල තානාධිපති! ඒ නිසා එයා දැන් ඒජන්සියත් එක්ක නැහැ. ඒ වුණත් එයා මියුසික් අතෑරලා නැහැ. එයා මේ තනතුර බාර අරගෙන තියෙන්නේ එයාට තව එක මනුස්සයෙක්ට හරි එයාගේ බලයෙන් උදව් කරන්න පුලුවන් නිසා විතරයි කියලා එයා ඉන්ටර්වීව් එකක කියලා තියෙනවා මම දැක්කා.

එතකොට එයා මේ අප්‍රිකාවලට පිටත්වෙලා තියෙන්නේ එයාගේ අදහසකට අනුව එහෙ ලමයි වෙනුවෙන් ව්‍යාපෘතියක් කරන්න. යුනිසෙෆ් වල අප්‍රිකානු තානාධිපතිතුමා නම්ජුන්ට වගේම එයාගේ මුළු පවුලටම එහෙ ටික දවසක් නවතින්න වගේම අප්‍රිකාවේ සංචාරය කරන්නයි ආරාධනා කරලා තියෙන්නේ. මේ හැමදේම මම හොයාගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. මොකද ඉතිං මෙහෙ කාගෙන්වත් අහන්නත් බැහැ නේ. හොඳ වෙලාවට ඉන්‍ටර්නෙට් තිබ්බේ. නැත්නම් ඉතින් මම මෙලෝ දෙයක් දන්නේ නැහැ.

"ඉතිං.. ඔයාලා අපිට ගේ ඇතුලට එන්න කියන්නේ නැද්ද? ඇයි මේ හැමෝම බයවෙලා වගේ?" ජුලි ඇහුවේ එයාගේ අමුතු උච්චාරණය එක්ක.

"එන්නකෝ ඇතුලට. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා"

🥀🥀🥀
[To be continued]

📝
හෙලෝ චොකෝස්,

ඔන්න නම්ජුනී ආවා. නිකං ම නෙවේ එයාගේ පවුල එක්ක!

ආහ් හා... ඔව් කොල්ලා කෙලින්ම යුනිසෙෆ් වල ආසියානු තානාධිපති! ✋🏻😌

ප්‍රශ්න තියෙනවා ද ප්‍රශ්න? 😋😎

තෑන්ක්ස් කතාව කියවන, වෝට් කරන, කමෙන්ට් කරන හැමෝටම!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now