₀₆⍣, III

302 95 17
                                    

⍣Chapter 06⍣
Part III

Your Name's View

සුපුරුදු විදිහට අපි අදත් ගියේ ථේ ගේ ගෙදරට. බෙල් එක ගැහුවාම දොර ඇරියේ, ලස්සනම ලස්සන ඔන්නි කෙනෙක්. ආ.. එයා මාර ලස්සනයි නේ. එයාත් අපේ කට්ටියගෙන් කාගේ හරි වයිෆ් කෙනෙක් වෙන්න ඕනේ. ඕ.. නේ එයා ථේ බදින්න ඉන්න කෙනා වෙන්න ඕනේ.

මොකක්ද එයාගේ නම කිව්වේ?

මිහි?

නෑ නෑ මිරි..!

එයා අපි දෙන්නට හිනාවෙලා ඇතුලට එන්න දුන්නත් එයාගේ මූණේත් කලින් දවසේ අපි හැමෝගෙම මූණවල්වල තිබ්බ දුක තිබ්බා.

අපි දෙන්නාම ස්ලිපර්ස් වලට මාරුවෙලා ඇතුලට ගියා. සාලේ තිබ්බ මේසේ උඩ ථේ ඔලුව තියාගෙන නිදාගෙන හිටියේ. "එයා.. නිදි.. හිමින්.. කතා කරන්න" ඒ ඔන්නි ථේ ඔලුව හිමින් අතගාන ගමන් එහෙම කිව්වේ අමුතු විදිහට. මං කිව්වේ එයා කතා කලේ කොරියන් කෙනෙක් වගේ නෙවේ. එයා කිව්ව දේ මම තේරුම් ගත්තෙත් අමාරුවෙන්. අපි කිසිම සද්දයක් නොකර ගේ ඇතුලට ගියා.

ඇතුලේ හිටියේ යුන්ගි විතරයි. "කෝ.. අර දෙන්නා?" ජින් රහසින් වගේ ඇහුවේ යුන්ගිගෙන්. "තාම නිදි.." යුන්ගි කිව්වේ එයාගේ තොල් දිගට අදින ගමන්. "අහන්න යුන්ගියා," ජින් යුන්ගි ලගින් බිමින් ම වාඩිවුණා.

එයාගේ තිබ්බේ කලින් දවසේ පෙනුම නම් නෙවේ කොහොමටවත් ම!

"මම තීරණය කලා..! අපි එයාලාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා!" ජින් කිව්වේ ස්ථීර විදිහට!

යුන්ගි මං දිහත්, ජින් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.

ඊට පස්සේ දිග හුස්මක් හෙලලා එයා කතා කරන්න ගත්තේ. "මම දන්නවා හ්‍යොන්ග්, මමත් කියන්නේ ඒක. ඒත් මෙතනදී අපිට මේ මීඩියා නිසා මුකුත් කරගන්න බැහැ නේ" යූන්ගි කිව්වේ එයාගේ ඇස් පිහදාන ගමන්. ඒ ගමන්ම එතනට ආවේ මිරි ඔන්නි. එයා යුන්ගි වාඩිවෙලා හිටිය තැන තිබ්බ පුංචි මේසේ උඩින් කොෆි කෝප්පයක් තිබ්බා. "යුන්ගි, ඔයාගේ කොෆි එක" ඒ මිරි ඔන්නි යුන්ගිට නම කියලා කතා කරනවා දකිද්දී මම පුදුමවෙලා එයා දිහා බැලුවා.

ථේ යාලුවුණේ යුන්ගිට වඩා වැඩිමල් කෙනෙක් එක්ක ද?

හරි පැටලිලියි අනේ මෙව්වා!

ඒත් ඒ සැනින්ම යුන්ගි, මිරි ඔන්නිගේ අතකින් අල්ලලා එයාට සන් කලේ වාඩිවෙන්න කියලා. එයා යුන්ගි ලගින්ම වාඩිවුණා!

පොඩ්ඩක් ඉන්න!!

මිරි ඔන්නි!! ඒ කියන්නේ ථේ බදින්න ඉන්න ඔන්නි මොකටද යුන්ගි ලගින් වාඩිවෙන්නේ?

අනියා.. මේ මිරි ඔන්නි නෙවේ එහෙනම්!!

ආයිශ්.. මේ තමයි.. ආ... සාරා ඔන්නි... යුන්ගි ඊයේ කිව්වේ මෙයා ගැන!!

ආ.. මගේ දෙයියනේ.. සාරා? ඒකයි එයා කතා කරපු කොරියන් වෙනස් වගේ දැනුණේ...

සාරා කියන්නේ ජපන් නමක් නේ!!

දෙයියනේ!!

ඒ කියන්නේ යුන්ගි බැන්ඳේ ජපන් කෙනෙක් ව ද?

ව්වෝහ්!!!

🥀🥀🥀
[⍣Chapter 06⍣-End]

⍣⍣⍣══════════════════════⍣⍣⍣

📢📢📢

යුන්ගි ගේ වයිෆ්ගේ නම මම 'සාරා' කියලා ලියනවා සිංහල අකුරින්. ඒ වුණාට, ඒක ජපන් වලින් ශබ්ද කරද්දී, 'සරා' සහ 'සාරා' යන දෙකටම මැදින් වගේ ශබ්ද කරන්නේ. වැඩියෙන්ම ගැලපෙන්නේ 'සාරා' කියන එක නිසා මම ඒක යොදාගත්තා. ඔයාලා ජපන් ඉගෙනගෙන තියෙනවා නම් මම මේ කියන වෙනස තේරෙනවා ඇති. (නැත්නම් කොරන්න දෙයක් නෑ. ඔන්න ඔහේ 'සාරා' ම කියලා හිතමු අනේ එන්න ඒක. 😂😂😂✋🏻)

⍣⍣⍣══════════════════════⍣⍣⍣


📝
Hello My dear Chocoz,

How are you?

Thank you for reading my story and also thank you for 1K votes. Your every single vote finally became a 1K. Yeah, I'm really happy. Not because of 1K, but because it's made me feel you like the story and, I can make you happy.

So cheers for your happiness! 🍻

I hope when it's a bad day, but you still have my story. So you'll feel lil bit better. I know this is not a story like a motivational. But I hope I can give you lil happiness from this.

Thank you again!

_🐞Miss Mint Choco🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now