⍣Chapter 19⍣
Part IIIYour Name's View
"දෙදාස් පනහා වෙද්දී පියාඹන කාර් තියෙයි එතකොට මම ඔය දෙන්නාව දාලා පියාඹලා යනවා" ජොන්ග් හීරන්ග්, එයාගේ නිවුන් සහෝදරිය හීයන්ග් ට යි, මින් හානල්ටයි එහෙම කියද්දී මගේ තොල් අතරට ඉබේම හිනාවක් ආවේ මගේ පොඩි කාලේ මතක්වෙලා. ඉස්සර අපි හිතුවේ දෙදාස් විස්ස වෙද්දී පියාඹන කාර් තියෙයි කියලා. ඒත් දෙදාස් විස්සේ අපිට ආවේ කොරෝනා විතරයි! දැන් මම ඉන්නේ දෙදාස් තිස් හතරේ තාම එහෙම පියාඹන මුකුත් නැහැ අප්පා ලොකුවට!
දැන් අපේ ලමයිනුත් හිතනවා දෙදාස් පනහා වෙද්දි පියාඹන වාහන තියෙයි කියලා. අනේ මන්දා කාලය නම් හරි පුදුමාකාරයි!
දවල් වෙද්දී ඉස්කෝල ඇරුණු ලමයි ටික ආයේ ගෙදර ආවා. හෝබී ගිහින් කට්ටියවම එක්කගෙන ආවා. මියාවයි, යූජින්වයි දැකලා කට්ටියම පුදුමවුණා. අන්තිමේ ඉතිං කට්ටියම හැමදාම වගේ සෙල්ලම් කරන්න ගත්තා. ජොන්ග්කුකුයි, ජිමිනුයි ඒ සෙල්ලම් වලට එකතුවෙද්දී එයාලා කවදා හොඳ සිහියට එයිද කියලා මට නිකමට හිතුනේ එයාලා මෙහෙම ඉන්නවා බලාගෙන ඉන්න බැරි නිසා.
අර පස්දෙනාම හිටියේ ලොකු වැඩක. එයාලා ලැප් එකක් බදාගෙන මොනාද කර කර හිටියේ. අපිට තිබ්බේ අද දවසේ ලමයි බලාගන්නයි, ගෙවල් අස් කරන්නයි, කෑම හදන්නයි ඕවා මේවා!
ඕ හරියටම සාමාන්ය ගෘහණියකගේ වැඩ!
"ඔයාලාට මහන්සිද?" අපි ලගට ආව ජින් අපෙන් එහෙම අහද්දී ඔන්නිලා ඔක්කොම එකපාර කතා කරන්න ගත්තා.
"අනේ ඕ ඔප්පා... බලන්නකෝ එපා වෙලා ඉන්නේ අප්පා..."
"කකුල් දෙකත් රිදෙනවා ඔප්පා මේ ලමයි එක්ක දුවලා..."
"ඇයි ඇරත් ගේ හත් පාරක් විතර අස් කලා දැන්... මට නම් පිස්සු වගේ ඔප්පා...."
"හෝව් හෝව්...." එකපාරටම කතා කර කර හිටිය ඔන්නිලාව එයාගේ අත්වලින් නවත්තලා ජුලි කතා කරන්න ගත්තා.
"ජින් ඔප්පා ඔය අපෙන් නෙවේ ඕක ඇහුවේ. Y/Nගෙන්!" ජුලි එහෙම කියද්දී එකපාරටම මගේ වගේම ජින්ගෙත් මූණ රතුවෙලා ගියා.
"අනියාආආ.........................................." අපි දෙන්නාම එකම පාර එකම විදිහට 'අනියා' කියද්දී දෙන්නම මූණෙන් මූණ බලාගත්තේ පුදුමවෙලා.
"ඔයා හරි ජුලි! ඔය ඔය පේන්නේ නැද්ද?" සාරා ඔන්නි එහෙම කිව්වේ මිරි ඔන්නිට ඇහැක් ගහන ගමන්. "ටෙලිපති.. ආහ්!" මිරි ඔන්නිත් කතාවට එකතුවුණේ ඒ සැනින්මයි.
"අනි.. අනි.. එහෙම නැහැ.. මම හැමෝගෙන්ම ඇහුවේ.. හැබැයි ඉතිං Y/N හැර අනික් හැමෝම වගේ උත්තර දුන්නා නේ?" ජින් එහෙම අහලා මං දිහා බැලුවා. ආයිශ්.. මට දැනුණා මම රතුවෙනවා කියලා. එයාලා හැමෝම මං දිහා බලනවා නේ. "ඔන්න කෙල්ල රතුවෙනවා... දැන් පිපිරෙයි ප්රෙෂර් කුකර් එක වගේ..."
"අනියා... මං දිහා බලන්න එපා.. ඔයාලා මං දිහා බලද්දීයි එහෙම වෙන්නේ!!" මම කිව්වේ ගොඩක් අපහසුවෙන්. එයාලා හැමෝම මං දිහා බලාගෙන ඉද්දී මට නිකං මැරෙන්න වගේ ලැජ්ජයි. ආයිශ්.. ඉස්සර නම් කන්නාඩි තිබ්බ නිසා ටිකක් හොඳයි වගේ. ඒත් දැන් කන්නාඩිත් නැහැ අප්පා මල කරදරේ.. මට මෙහෙම හරිම ලැජ්ජයි! මට තාම හොයාගන්න බැරිවුණා ඇයි මම කන්නාඩි දාන්නේ නැත්තේ කියලා වගේම, මට කොහොමද හොඳට පේන්නේ කියලත්!
ජින් පුංචි හිනාවක් එක්ක ආපහු කතා කරන්න ගත්තා.
"මම ඔයාලාට ටිකක් සුභ ආරංචියක් දෙන්න ආවේ. අපිට ඩොක්ටර් කෙනෙක් හම්බුනා. එයා කියන විදිහට මෙතන වෙලා තියන දේ එයා දන්නවා! හැබැයි එයා.. ඒක අපිට කිව්වේ නැහැ මොකක්ද කියලා. ඒ නිසා හරියටම ඒ මොකක්ද කියලා කියන්න විදිහක් නම් නැහැ තවම!"
🥀🥀🥀
[⍣Chapter 19⍣-END]📝
හෙලෝ චොකෝස්,ඩොක්ටර් කෙනෙක් ලැබුණා! 🥳
දැන්වත් හරියයි ද???
මොකද හිතන්නේ?
_🐞මිස් මින්ට චොකෝ🦄_
YOU ARE READING
Wishing On A Star pt.01 ✔
Fiksi PenggemarY/N is a University student. She was studying hard for the "Korean Literature" exam, which will held tomorrow. But suddenly she slept without knowing. Next day, on the very good morning, she woke up with a tiredness that could kill her. But the thin...