₀₈⍣, I

318 89 11
                                    

⍣Chapter 08⍣
Part I

Your Name's View

බුදු අම්මෝ...!!

හුස්මත් හිරවුණා වගේ අරදෙන්නාව උස්සලා. විශේෂයෙන්ම ජොන්ග්කුකා...! යුන්ගිගේ උදව්වෙන් වුණත් ඒ දෙන්නව උස්සගන්න ඔන්නිටයි, මටයි හොඳ පණ ගියා. මම සෝෆාවේ හාන්සිවෙලා වගේ ඉදගත්තේ තවත් නම් හුස්ම ගන්න බෑ කියන්න වගේ. මම දැක්කා සාරා ඔන්නියි, යුන්ගියි කුස්සියට යනවා. ටිකකින් සාරා ඔන්නිගේ පුංචි හිනාවල් ඇහෙද්දී මට ඉබේම ඒ පැත්ත බැලුණා.

ඒ දෙන්නා කතා කර කර හිටියේ.. ඒත් යුන්ගියා ඔන්නිව හිනස්සන්න එක එක දේවල් කරන ගමන් හිටියේ. මං හිතන්නේ එයා දන්නවා මේ වෙලාවේ අපි හැමෝම ඉන්නේ අමුතුම ප්‍රශ්න ගොඩක නිසා ඔන්නිව හිනස්සලා තියන එකේ වැදගත්කම. යුන්ගි මේ තරම් රොමෑන්ටික් වෙලා ඉන්නවා දකිද්දීත් හරි සතුටුයි.

අන්තිමේ ඔන්නි යුන්ගිව එයාට ආදරයෙන් තුරුළු කරගෙන ඒ තොල්වලට උණුසුම් හාදුවක් දුන්නා. ඒක කෙටි හාදුවක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බත් යුන්ගිට ඒක දිගම දිග හාදුවක් කරන්න උවමනාවක් තිබිලා වගේ.

මම අහක බලාගත්තේ ඒ දිහා බලාගෙන ඉන්න ලැජ්ජ හිතුන නිසා. ඒත් ටිකකින් ඇහුණේ ෆෝන් එකක් වයිබ්‍රේට් වෙන සද්දයක්. ඒක කොහෙත්ම මගේ එක වෙන්න බැහැ. මගේ එකේ ලොක් එක අරින්න බැරි නිසා මම ගෙදරම ඒක නිධානයක් වගේ තියලා නේ තිබ්බේ මේ ටිකේම. ඒ කියන්නේ ඒක යුන්ගිගේ හරි, ඔන්නිගේ හරි.

ආ.. නේ.. (ඔව්) ඔන්නිගේ. එයාලා දෙන්නාගේ උණුසුම් හාදුවට බාධාවක් විදිහට ආපු ඒ කෝල් එකට ඔන්නි උත්තර දෙද්දිත් යුන්ගි ඔන්නිගේ ගෙලවටා උණුසුම තවරන ගමන් හිටියේ. "නේ.. මිරි.., මමයි, යුන්ගියි, Y/N-ආහ්‍ යි" සාරා ඔන්නි ඉක්මනටම උත්තර දුන්නා. "අඬන්න එපා.. කියන්නකෝ මොකද මේ..?" සාරා ඔන්නි එහෙම කියද්දී යුන්ගි එයාගේ කම්මුල්වලින් ඈත්වෙලා පුදුමවෙලා බැලුවා. මම දැක්කා ඔන්නි එයාගේ තොල්වලින් 'මිරි' කියලා රහසින් කියනවා.

හ්ම්ම්.. අද උදේ මට එයා කතා කරන ඒවා තේරුම්ගන්න බැරිවුණා ඒවා අමුතු නිසා. ඒත් දැන් මට එයා රහසින් කියන දේවලුත් හොයන්න පුලුවන්! මං හිතන්නේ මුලින්ම දැක්ක ගමන් මට එයා කියන දේවල් තේරෙන්නේ නැහැ කියලා කියනවට වඩා මට තිබ්බා එයා ඒ මොනාද කියන්නේ කියලා හොඳට අහන්න. එයා කතා කරනවා ඇත්තටම ලස්සනයි. එයාට ආදරේ කරලා, ආදරෙන් එයා කියන ඒවා අහද්දි දැනෙනවා කොච්චර ලස්සන ද කියලා.

"මමයි, යුන්ගියි ද මිරියා?" සාරා ඔන්නි ඇහුවේ දුකින් වගේ. "ඕ.. නේ..? Y/Nනුයි, මමයි.. කරේ.. (හරි) ඉන්න අපි මේ යුන්ගි නැති තැනකට යනකම්. මම ඔයාට ආයේ ගන්නම්. අඬන්න එපා හොඳද?" සාරා ඔන්නි එයාගේ දුරකතන සංවාදය අවසන් කලා.

"ආහ් හා.. කට්ටිය දැන් මං නැති තැනකට ද යන්න හදන්නේ?" එහෙම කියලා යුන්ගි සාරා ඔන්නිගේ ඉණ වටේ අත දාලා එයාව එයා ලගට ඇදලා ගත්තා.

"අනියා.. විහිළු නෙවේ යුන්ගි.., මිරි හොඳටම අඬනවා" සාරා ඔන්නි කිව්වේ යුන්ගිගේ අත් එයාගේ ඇඟෙන් අයින් කරන ගමන්.

"ඒත් දැන් ථේහ්‍යොනා ගියේ එයාව බලන්න නේද?" යුන්ගි ඇහුවේ පුදුමයෙන් වගේ.

"හ්ම්ම්... ථේහ්‍යොනා ගියා නම් තමයි හැබැයි ගිහින් කරලා තියෙන්නේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙවේ වගේ" ඔන්නි තොල් අතරින් එහෙම පිටවෙද්දී මට දැනුණේ නම් එතරම් හොඳ හැඟීමක් නම් නෙවේ!

🥀🥀🥀
[To be continued]

📝
Hello Chocoz,

Actually today I must update only 'Chapter 08' poster, but you made me update this BONUS episode.

Thank you for the 5K reads guys!

I must say... actually you are working hard.
😁😁😁

Thank you who shared my story! I really want to thank you guys, but I don't know how to thank enough.

I can say, just enjoy!

Thank you!

_🐞Miss Mint Choco🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now