₁₇⍣, I

263 85 12
                                    

⍣Chapter 17⍣
Part I

Your Name's View

මම එයා දිහා බලාගෙන හිටියේ පුදුමයෙනුත් පුදුමවෙලා.

"ඔයාට පිස්සු හැදිලා ද Y/N??" එයා මගෙන් මහ සද්දෙන් අහද්දී මම එයා දිහා බැලුවේ ඇයි එයා මෙහෙම කතා කරන්නේ කියලා. "මම... මම..." මට පුලුවන් වුණේ ගොත ගහන්න විතරයි! මම මොකක් හරි ලොකු වැරැද්දක් කරලා කියලා මට තේරුණා. ඒත් මම තාම දන්නේ නැහැ ඒ මොකක්ද කියලා.

"දෙයියනේ මිනා ඔයා හොඳින් ද? ඔයා මේකෙන් කටක් හරි කෑවද?" ඉක්මනින්ම මිනාව ආදරයෙන් වඩා ගෙන ඉඹින ගමන් ජින් එහෙම අහද්දී මම ඒ දෙන්නා දිහා බැලුවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. "අනියා.. අප්පා.. ඒකේ සුවඳට බය හිතෙන නිසා... මට කන්න හිතුනේ නැහැ.." මින් හිමින් ඇඳලා පැදලා එහෙම කියද්දී මට තාමත් හිතාගන්න බැරිවුණා මොකක්ද මේකේ තේරුම කියලා.

"ආයිශ්... දෙවියන්ට ස්තූති වෙන්න ඕනේ ඔයා ඒ සුවඳට සංවේදී එක! Y/N-ආහ්, ඔයා කොහොමද අමතක කලේ මිනාට ඉස්සෝ ඇලජික් කියලා? ඒවා කෑවාම එයාට ගොඩක් අමාරුවෙනවා කියලා ඔයා දන්නවා නේද?" එයාගේ ඇස්වලින් කඳුලක් එලියට එද්දී ජින් මට හයියෙන් කෑ ගැහුවා. මගේ ඇස්වලට හෙමින් හෙමින් කඳුලු එකතුවුණේ මම මේ මොකක්ද කරන්න ගියේ කියලා හිතිලා.

"එන්න මිනා, අප්පා ඔයාට ඔයාගේ කෑම එක කවන්නම්.." එයා හිමින් මිනාව කුස්සියට එක්කගෙන ගිහින් එයාට වෙනම හදලා තිබ්බ කෑම එක කවන්න ගත්තා. එයා මට කලින් කිව්වේ කෑම ඔක්කොම වෙනිදා තියන තැන්වල තියෙනවා කියලා. ඒ කියන්නේ මම ඒක දැනගෙන ඉන්න ඕනේ දෙයක්! ඒත් මම මේ මොකක්ද කලේ? වැරදිලාවත් මිනා කටක් හරි කෑවා නම්?

ජිනුයි, මිනායි ආපහු එද්දීත් මම හිටියේ ඒ හිටිය විදිහටමයි. මම හිටියේ කල්පනා කර කර මං මේ මොකක්ද කලේ කියලා.

"මම මිනීව නිදි කරලා එන්නම්!" ජින් හිමින් මං දිහා බලන ගමන් කිව්වේ සිහින් හඬින්. කලින් වගේ තරහින් නෙවේ. මගේ ඇස් ආපහු කඳුලින් තෙත් වෙද්දී මම ඉක්මනින්ම නැගිටලා එයා ලගට ගියා. බාගෙට නිදි කිරා වැටෙන මිනිව ජින් වඩාගෙන හිටියේ. "මිනී, ඔම්මා මියානේ... (මිනී, අම්මාට සමාවෙන්න...)" මම සිහින් හඬින් එහෙම කිව්වේ මගේ හැඬුම් පාලනය කරගන්න ගමන් මිනාගේ නළලත ඉඹින ගමන්.

එයා චූටි ඇස් ඇරලා මං දිහා බැලුවා. මගේ ඇඬුම් තව වැඩිවුණා. මම මගේ අත් දෙකෙන් මූණ වහගත්තේ තවත් ඉවසගෙන ඉන්න බැරුව. "අනියා.. කුමාරිකාවෝ අඬන්න හොඳ නැහැ.. ඔයාම නේද ඔම්මා එහෙම කිව්වේ?" ඒ පුංචි අත් මගේ අත් උඩින් තියන ගමන් ඒ පුංචි දෙතොල් එහෙම කියන කොට මට දැනුණ හැඟීම් වචනෙන් විස්තර කරන්න බැරි තරම්. මට දැනුණා මගේ ඔලුවෙන් අතක් තියවෙනවා. මම හිමින් මගේ අත් අයින් කරලා එයා දිහා බැලුවා.

🥀🥀🥀
[To be continued]

📝
හායි චොකෝස්,

හ්ම්ම්.... මේ පාර නම් Y/N කලේ ඒ තරම් හොද දෙයක් නෙවේ කියලයි මට නම් හිතෙන්නේ 😅 ඔයාලා මොකද කියන්නේ?

කියුට් මිනීට මොනාහරි වුණා නම් එහෙම මේ තියෙන කරදර අස්සේ.. ආයිශ්... මම නම් කියන්නේ Y/N ඔයා ඔයිට වඩා ටික්ක පරිස්සම් වෙන්න ඕනේ. අවුරුදු විසිඑකේ කෙල්ල නෙවේ නේ දැන්. 😅😅😅

ඔයාලා හිතන දේත් කමෙන්ට් කරන් යන්න.

තෑන්ක්ස් කතාව කියවන හැමෝටම! 💜

ඒ වගේම තෑන්ක්ස් 11K reads වලටත්!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.01 ✔Where stories live. Discover now